ජනපතිගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලියි

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් ලෙස පැහැදිලි වශයෙන්ම දක්වා ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළාය.ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් ඇය සඳහන් කළාය.

කාලීන පුවත්