මෑත දිනයක දී හිතවතකුගේ වියෝවීමක් දැනගන්නට ලැබුණු අතර ඔහු ජීවත් වූයේ තරමක් දුරබැහැරක නිසා පසු දිනයේ ඒ සඳහා යාමට තීරණය කළ ද පසුව දැනගන්නට ලැබුණේ මිය ගිය දිනයේදීම සියලු අවමංගල්‍ය කටයුතු සිදුකොට අවසන් කරන බවය. කෙටියෙන් පවසතොත් අවම තරමින් පැය 24ක කාලයක් ඉක්ම යන්නටත් පෙර මේ කටයුතු අවසන් කරන්නට හිතවතාගේ ඥාතීන් තීරණය කොට තිබිණි. අප තරමක් අතීතයට ගමන් කළ හොත් විශේෂයෙන් ගම්බදට වන්නට අවමංගල්‍යයක් සිදුවුවහොත් සතියකට ආසන්න කාලයක් මළ සිරුර නිවසේ තබා ගන්නා අවස්ථා දැක ගන්නට හැකිය. පසුව මේ කාලය කෙමෙන් කෙටි වී මේ වන විට බොහෝ පිරිස්, විශේෂයෙන් නගරබදට වන්නට ජීවත්වන්නන් ඉතා ඉක්මනින් අවමංගල්‍ය කටයුතු අවසන් කරන්නට දක්වන නැඹුරුතාවක් දකින්නට ලැබේ. මළ සිරුර දින කිහිපයක් තබා ගන්නවාට වඩා මිය ගිය තැනැත්තාට අවසන් මොහොතේ දැක්විය යුතු නිසි ගෞරවය ලබා දෙමින් ඉතා අඩු වියදමකින් අවමංගල්‍ය කටයුතු සිදුකොට අවසන් කිරීම මෙහි අරමුණ වේ. අනෙක දින ගණන් අවමංගල්‍යයක් තබා ගැනීමේ දී අසල්වාසීන්ට සිදු වන කරදරය ද මෙයින් මගහරවා ගත හැකිය. අප රටේ තවම එතරම් දැඩිව ප්‍රචලිත වී නැතත් ලෝකයේ වෙනත් රටවල දක්නට ඇති මේ සිරිත Essential Funeral, Low Cost Funeral හෝ Simple Funeral නමින් හඳුන්වනු ලබයි.
අවමංගල්‍යයක් යනු නිසැකවම සෑහෙන ධනයක් වැය කළ යුතු කටයුත්තක් වේ. ඇතැම්විට උත්සවයකින් තොරව, ලියාපදිංචියකින් පමණක් විවාහ මංගල්‍යයක් සිදු කළ හැකි වුව ද අවමංගල්‍යයක් එසේ නොවේ. වර්තමානයේ රුපියල් ලක්ෂ ගණනක් වැය කළ යුතුව තිබේ. කෙමෙන් වැඩි වූ ආර්ථික දුෂ්කරතා මෙන්ම අවමංගල්‍යයක් වෙනුවෙන් අසල්වැසියන්ට කළ හැකි දායකත්වය අඩුවෙමින් පවතින යන තත්ත්වයක් යටතේ අවමංගල්‍ය චාරිත්‍ර සරලව පැවැත්වීමේ විකල්පයකට යන්නට සියලු දෙනාටම පාහේ සිදුව තිබේ.
අවමංගල්‍යයක් යනු නිසැකවම සෑහෙන ධනයක් වැය කළ යුතු කටයුත්තක් වේ. ඇතැම්විට උත්සවයකින් තොරව, ලියාපදිංචියකින් පමණක් විවාහ මංගල්‍යයක් සිදු කළ හැකි වුව ද අවමංගල්‍යයක් එසේ නොවේ. වර්තමානයේ රුපියල් ලක්ෂ ගණනක් වැය කළ යුතුව තිබේ. කෙමෙන් වැඩි වූ ආර්ථික දුෂ්කරතා මෙන්ම අවමංගල්‍යයක් වෙනුවෙන් අසල්වැසියන්ට කළ හැකි දායකත්වය අඩුවෙමින් පවතින යන තත්ත්වයක් යටතේ අවමංගල්‍ය චාරිත්‍ර සරලව පැවැත්වීමේ විකල්පයකට යන්නට සියලු දෙනාටම පාහේ සිදුව තිබේ. අනවශ්‍ය වියහියදම් කපා හරිමින් අඩු වියදමකින් අවමංගල්‍යයක් අවසන් කරන්නට බහුතරයක් පෙළඹී ඇත්තේ මේ නිසාය.
මෙහිදී ඇතැමුන් මළ සිරුර නිවසට පවා රැගෙන එන්නේ නැත. එය අවමංගල්‍ය ශාලාවේ තබන අතර එතැනින්ම භූමදානයට හෝ ආදාහනයට රැගෙන යයි. බොහෝ විට සෑම හිතවතකුටම මළ සිරුර දැක බලාගන්නට අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. ඇතැම්හු ආගමික වතාවත් පවා සිදු නොකරති. මෙය විදෙස් රටවල ඉතා ජනප්‍රිය විකල්පයක් බවට පත් වී හමාර අතර අප රටේ කෙමෙන් කෙමෙන් ජනප්‍රිය වෙමින් පවතී. පවුලේ පිරිස බොහෝ විට කරන්නේ වෙනත් අවස්ථාවක ඔවුන් පමණක් එක් වී අවශ්‍ය ආගමික වතාවත් පවත්වා පින් අනුමෝදන් කිරීම ආදිය කිරීමය.
සරල, අඩු වියදම් අවමංගල්‍ය ප්‍රවණතාවයට ප්‍රතිචාර දක්වමින් විශේෂයෙන් ලෝකයේ දියුණු රටවල අවමංගල්‍ය කටයුතු පවත්වනු ලබන ආයතන මගින් වඩාත් මිත්‍රශීලී පැකේජ ලබා දෙනු දක්නට හැකිය. අපේ රටේ නම් තවමත් එවැනි අඩු වියදම් පැකේජ ලබා දීම පැහැදිලිව දකින්නට ලැබෙන්නේ නැත. දියුණු රටවල මෙහිදී ප්‍රවාහනය, අවම මිලක් යටතේ ඇති මිනී පෙට්ටියක්, අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම වැනි මූලික කටයුතු කටයුතු පමණක් සිදුකර දීමේ සිට ඉහළට විවිධ පැකේජ ඉදිරිපත් කරනු දකින්නට හැකිය.
මෑත කාලයේ දී මරණය සහ ආගමික සංකල්ප පිළිබඳ සමාජය තුළ ඇති මතයේ වූ වෙනස්කම් ද සරල අවමංගල්‍ය කටයුතු කෙරෙහි මිනිසුන්ගේ යොමුවීමට බලපෑ තවත් විශේෂ කාරණයක් ලෙස දැක්විය හැකිය. ඇතැම් ආගමික සංකල්ප ඒවායේ ශාස්තෲන්වරුන්ගේ අදහස්වලට වඩා ආගමික නායකයන් සිය පැවැත්ම උදෙසාම පුරුදු කරගෙන පැමිණි ඒවා බවට සමාජය තුළ වැඩි වශයෙන් මතිමතාන්තර ප්‍රචලිත වීම නිසාම මරණය සහ මරණින් මතු ජීවිතය පිළිබඳ සිතන ආකාරයේ ද යම් යම් සැලකිය යුත් වෙනස්කම් සිදුව තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ නිසාම අධික වියදම් දරමින් අවමංගල්‍ය කටයුතු කිරීමෙහි අරුතක් නැතැයි යන අදහස ද බොහෝ දෙනෙක් තුළ ඇති වී තිබේ.
මේ සරල, අඩු වියදම් අවමංගල්‍ය ප්‍රවණතාවයට ප්‍රතිචාර දක්වමින් විශේෂයෙන් ලෝකයේ දියුණු රටවල අවමංගල්‍ය කටයුතු පවත්වනු ලබන ආයතන මගින් වඩාත් මිත්‍රශීලී පැකේජ ලබා දෙනු දක්නට හැකිය. අපේ රටේ නම් තවමත් එවැනි අඩු වියදම් පැකේජ ලබා දීම පැහැදිලිව දකින්නට ලැබෙන්නේ නැත. දියුණු රටවල මෙහිදී ප්‍රවාහනය, අවම මිලක් යටතේ ඇති මිනී පෙට්ටියක්, අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම වැනි මූලික කටයුතු කටයුතු පමණක් සිදුකර දීමේ සිට ඉහළට විවිධ පැකේජ ඉදිරිපත් කරනු දකින්නට හැකිය.
පාරිසරික කාරණා ද අඩු වියදම්, සරල අවමංගල්‍යයන් සඳහා මග පාදා ඇතැයි පෙනෙන්නට තිබේ. සාම්ප්‍රදායිකව අවමංගල්‍ය කටයුතු සඳහා භාවිතයට ගැනෙන එම්බාම් රසායනික ද්‍රව්‍ය, දිරාපත්වීමට වන්නට ප්‍රමාද මිනී පෙට්ටි ආදිය පරිසරය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. මේ නිසා ලෝකයේ හරිත භූමදාන කටයුතු සහ පරිසර හිතකාමී ආදාහන ක්‍රම ආදිය හඳුන්වා දී තිබේ. මෙහිදී එම්බාම් කටයුතු සඳහා පරිසරයට හානි ගෙන දෙන රසායනික වර්ග වෙනුවට සිරුර ස්වාභාවිකව දිරාපත් කරවන්නට සමත් පරිසර හිතකාමී රසායනික වර්ග භාවිතයට ගැනේ. මෙහිදී වියදම අඩුවනවා පමණක් නොව පරිසරය රැක ගැනීම සඳහා දායකත්වයක් ද සැපයේ.
පසුගිය කාලයේ ලෝකය මහත් සෞඛ්‍ය අර්බුදයකට පත් කළ කොවිඩ් වසංගතය ද සරල අවමංගල්‍යයන් සඳහා මිනිසුන්ට මග විවර කරවන්නට හේතුවක් විය. එහිදී ඇති වූ සමාජ දුරස්ථභාවය නිසා සෙනඟ ගැවසීම දැඩි ලෙස වළක්වන්නට හේතුවක් වූ අතර ඒ සමයේ අවමංගල්‍යයන් ඉතා සීමිත පිරිසක් යටතේ පවත්වන්නට යෙදුණි. එහිදී සරල අවමංගල්‍ය කටයුතු කෙරෙහි මිනිසුන් තුළ ධනාත්මක ආකල්පයක් වර්ධනය වනු දක්නට හැකි විය. එමෙන්ම එම සමයේ ආර්ථික වශයෙන් වූ කඩාවැටීම් ද සරල අවමංගල්‍යයන් ප්‍රවර්ධනය කරන්නට හේතු විය.
සරල, අඩු වියදම් අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳ ධනාත්මක ආකල්ප මිනිසුන් තුළ වැඩි වශයෙන් ඇතිකිරීම නිසා දරාගත හැකි, තිරසාර පුද්ගලික සබඳතාවල පුළුල් වෙනස්වීමක් ඇති විය. වැඩි වැඩියෙන් මිනිසුන් මේ අදහස් දරන්නට පටන් ගැනීම තුළින් අවමංගල්‍ය පිළිබඳ මිනිසුන්ගේ ආකල්ප ද තවත් බොහෝ වෙන් විය හැකිය. ඒ තුළින් එකී ආයතනවලට නව මංපෙත් විවර වන්නට ද අඩකඩ තිබේ. අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ සරල, චාම් අවමංගල්‍යයක් පැවැත්වීම තුළින් මිය ගිය තැනැත්තාට ගෞරවනීය සමුගැනීමක් ලබා දිය හැකි වන අතර යම් පුද්ගලයකුගේ සමුගැනීම ජීවිතය සැමරීමක් විනා මූල්‍යමය වශයෙන් බරක් බවට තවදුරටත් පත් වන්නේ නැති බවය.
නිරංජන් චාමින්ද කරුණාතිලක