ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂක නාමල්?

ඉදිරි ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය වෙමින් පවතින බව ඔහුට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර නාමල් රාජපක්ෂ මහතා පවසනුයේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බවකි.මහින්ද චින්තනය පදනම් කරගත් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ වන, ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි අපේක්ෂකයකු ඒ සඳහා නම් කරන බවත් ඒ මහතා පැවසීය.ජනාධිපතිවරණය කැඳවූ පසු සති 4ත් 6ත් ඇතුළතදීනම් කෙරෙන එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් ඔහු පැවසීය. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම් මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් නාමල් රාජපක්ෂ පවසා තිබීම මත ඉදිරි ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස ඔහුම ඉදිරිපත් විය හැකි බවක් පෙන්නුම් කෙරෙන බව පැවසෙයි.

කාලීන පුවත්