දුම්රිය වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග හෙටින් පසු තීරණය වෙයි

දුම්රිය වෘත්තිය සමිති එක්ව පසුගිය සතියේ කරනු ලැබූ වැඩ වර්ජනය සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග එළඹෙන සඳුදා දිනෙන් පසු තීරණය වන බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

ඔවුන් පවසන්නේ එළඹෙන සඳුදා දින ප්‍රවාහන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දුම්රියේ දෙපාර්තමේන්තුවේ ගැටළු සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට නියමිත බවත් එසේ නොවුන හොත් දුම්රිය ස්ථානාධිපති සංගමයත් දුම්රිය පාලක සංගමයත් එක්ව ඉදිරියට කුමක් කරන්නේ ද යන්න තීරණය කරනු ඇති බවයි.

එමෙන්ම මේ සම්බන්ධව අදහස් දක්වමින් සුමේධ සෝමරත්න පවසන්නේ දුම්රිය වැඩවර්ජනයෙන් මගීන් පීඩාවට පත් වුණ ද ඒ හරහා පාලකයන්ගේ අවධානය මීට යොමු කරගත හැකි බවයි.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම අහිමි කිරීමට වෘත්තිය සමිති සූදානම් නැති නමුත් අවශ්‍යතාවක් ඇති වුවහොත් එය සිදු කිරීමට පසුබට නොවන බවත් ඔහු පවසයි.

කාලීන පුවත්