ජල ගාස්තු අඩුකිරීම ගැන තීරණය මේ සතියේ

විදුලි ගාස්තු අඩු කළහොත් ඊට සාපේක්ෂව ජල ගාස්තු ද අඩුවන බවට කලින් පොරොන්දු වූ අන්දමට විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත් මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.අමාත්‍ය වරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කාලීන පුවත්