සිසුන් 550කට ජනාධිපති ශිෂ්‍යත්වය පිරිනැමෙයි

රටේ දරුපරපුර තුළ අධ්‍යාපනය ලැබීමේ නැඹුරුව ශක්තිමත් කිරීම තුළින් යහපත් සමාජයක්, යහපත් රටක් නිර්මාණය කර ගැනීම පහසු වන බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපනයේ වටිනාකම මනාව තේරුම්ගත් නායකයෙක් බවත් එතුමා ආරම්භ කර තිබෙන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩ සටහන රටේ අනාගතය සඳහා ආයෝජනයක් බවත් වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

කාලීන පුවත්