හෙට මුහුදේ රළු බවක්

හෙට (19) පස්වරු 1පමණ වන තෙක් කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60ත් 65ත් දක්වා වැඩිවිය හැකි බවකි.ඒ අනුව එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළ‌ඟේ වේගය විටින් විට පැ.කි.මී 50ත් 55ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු වන බවද එම නිවේදනයේ සඳහන් වන අතර කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින මුත් මෙය ගොඩබිමට එන රළහි උස නොවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කාලීන පුවත්