යාපනය ශික්ෂණ රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය විවෘත කෙරේ

යාපනය ශික්ෂණ රෝහල තුළ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් (Bone marrow transplant unit) ස්ථාපිත කිරීමත්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් කඩිනම්ව සිදු කිරීමට අවශ්‍යව තිබූ නවීන තාක්ෂණයෙන් යුත් 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රයක් ද රෝහලට ලබා දීම සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කරනලදි.

මෙම අති නවීන 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 50 ක මුල්‍ය පිරිවැයක් දරමින් යාපනය ශික්ෂණ රෝහලට ලබා දී ඇති අතර, මෙම 𝚇-𝚁𝚊𝚢 යන්ත්‍රය ශල්‍යකර්ම වලදී අස්ථි ස්කෑන් කර පරීක්ෂාවන් සිදු කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.

මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසඳුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙලට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිළධාරීන් යාපනය ශික්ෂණ රෝහල තුළ මෙම නිරීක්ෂණය සිදුකරනලදි.

කාලීන පුවත්