විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාල ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාමයෝජනා කැඳවෙන දිනය කොමිෂන් සභාව දැනටමත් තීරණය කර ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කොට තිබේ.