බේරේ වැව, කුරුළු දූපත ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයට බදු දෙයි

කොළඹ නගරයේ බේරේ වැව, කුරුළු දූපත පිහිටි ඉඩම් කොටස දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හිමි වන පාරිසරික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ජිනරත්න භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත අවුරුදු 50ක කාල සීමාවක් සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.2000 වසරේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිත දිග බේරේ වැවේ පිහිටි පර්චස් 143ක් පමණ වූ කුරුළු උයන දූපත නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන ලදී.දැනට එම ඉඩම් කොටස ඌන උපයෝජිත තත්ත්වයේ පවතින එම ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන පාරිසරික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම පිණිස ගංගාරාම විහාරස්ථානයේ විහාරධිපති හිමියන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

කාලීන පුවත්