අපේ රටේ මිනී මරු මත්ස්‍යයන් සිටිනවාද? මීටර් 250 දිග කිලෝග්‍රෑම් 965 ක් බර මාළුවෙක් තඹුත්තේගමින් හමු වෙලාලු

හලාවතින් හමු වූයේ පැවසුණු වාලක්කඩියා

මේ දිනවල රටේ දේශපාලන උණුසුම නැගෙන අතරේ තවත් අපූරු පුවතක් පැතිර යනු දකින්නට ලැබේ. ඒ මිනිසුන්ට පහර දෙන, ‘මිනීමරු’ මිරිදිය මත්ස්‍යයකු පිළිබඳ කතාවකි. සමාජ ජාලවල මේ පිළිබඳ විවිධ තොරතුරු සඳහන් වනු දකින්නට ලැබේ. තඹුත්තේගම ප්‍රදේශයෙන් හමු වූයේ යැයි සඳහන් වෙමින් විශාල මත්ස්‍යයකුගේ ඡායාරූපයක් ද සංසරණය වනු දකින්නට ලැබේ. මේ මත්ස්‍යයා මීටර් 250 ක දිගින් හා කිලෝග්‍රෑම් 965 කින් යුක්ත බවත් සඳහන්ය. කෙසේ නමුත් මේ ඡායාරූපය දුටු සැනින් එය ශ්‍රී ලංකාවේ එකක් නොවන බව පැහැදිලිව පෙනී යන අතර තඹුත්තේගම ප්‍රදේශයේ තබා ශ්‍රී ලංකාවේ කොතැනකින් හෝ මෙවැනි ස්ථානයක් නොමැති බව පැහැදිලිය. අනෙක මෙය කෘත්‍රිම බුද්ධිය (AI) උපයෝගී කොට ගෙන නිර්මාණය කරන ලද්දක් බැව් ද පැහැදිලිය. යම් ඡායාරූපයක් අව්‍යාජ ද, එසේත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කොටගෙන නිර්මාණය කරන ලද්දක් ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා ක්‍රමවේද පවතින අතර ඒවා ඔස්සේ පරීක්ෂා කිරීමෙන් මෙය ව්‍යාජ ඡායාරූපයක් බව හොඳින්ම පැහැදිලි වේ. අනෙක ලෝකයේ විශාලතම මිරිදිය මත්ස්‍යයා පිළිබඳ තොරතුරු සොයා යාමේ දී මේ සා විශාල මත්ස්‍යයකු මෙතෙක් ලෝකයේ හමු නොවන බව ද පෙනී යයි. ගිනස් වාර්තා පොතේ සඳහන් වන අන්දමට ලෝකයේ ලොකුම මිරිදිය මත්ස්‍යයා ‘ස්ටින්රේ’ (Sting Ray) නමින් හඳුන්වනු ලබන යෝධ මඩු මත්ස්‍ය විශේෂයක් වන අතර 2022 ජූනි මාසයේ දී කාම්බෝජයේ මීකොං ගංගාවෙන් හමු වී තිබේ. ඌ බරින් කිලොග්‍රෑම් 661ක් සහ දිගින් අඩි 7කට මදක් වැඩි බව සඳහන්ය.

තඹුත්තේගමින් හමු වූයේ යැයි කියන ව්‍යාජ කෘත්‍රිම බුද්ධියෙන් සකස් කළ ඡායාරූපය

දැදුරු ඔයේ සිටින දැවැන්ත මත්ස්‍ය විශේෂයක් හේතුවෙන් එය දෙපස ගම්මානවල ජනතාව දැදුරු ඔයට බැසීමට බියක් දක්වන බවය. දින කිහිපයකට පෙර මේ මත්ස්‍යයකු විසින් ආරියම ප්‍රදේශයේ ඇලෝසියස් ලෝව් නමැති පුද්ගලයකුව සපාකෑමෙන් බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලේ සති කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ගත් බවත්, එහි දී ඇති වූ තුවාලය සඳහා මැහුම් 16 ක් දැමීමට සිදු වූ බවත් සඳහන්ය.

මහනුවර වැවේ සිටින්නේ යැයි සැලකෙන ඇල්ගේටර් ගා

කෙසේ නමුත් මෙවැනි පුවත් සංසරණය වන්නට හේතු වී ඇත්තේ දැදුරු ඔයේ දී යම්කිසි පුද්ගලයකුට මත්ස්‍යයකු පහර දුන් බවට පුවතක් පළවීම බව පෙනී යයි. එම පුවතේ සඳහන් වන්නේ දැදුරු ඔයේ සිටින දැවැන්ත මත්ස්‍ය විශේෂයක් හේතුවෙන් එය දෙපස ගම්මානවල ජනතාව දැදුරු ඔයට බැසීමට බියක් දක්වන බවය. දින කිහිපයකට පෙර මේ මත්ස්‍යයකු විසින් ආරියම ප්‍රදේශයේ ඇලෝසියස් ලෝව් නමැති පුද්ගලයකුව සපාකෑමෙන් බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලේ සති කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ගත් බවත්, එහි දී ඇති වූ තුවාලය සඳහා මැහුම් 16 ක් දැමීමට සිදු වූ බවත් සඳහන්ය. මේ ආකාරයේම මත්ස්‍යයකු ධීවරයකුගේ දැලට හසුව මිය ගොස් සිටි බවත්, වීඩියෝ ගත කිරීමෙන් පසු නැවත දැදුරු ඔයට දැමූ බවට පුවතක් ද අසන්නට ලැබිණි. මේ මත්ස්‍යයා දිගින් අඩි 4 ක් පමණ් බවත් බර කිලෝග්‍රෑම් 25 ක් පමණ විය හැකි බවත් එහි සඳහන්ව තිබිණි. මේ මත්ස්‍යයා ‘ඇලිගේටර් ගා’ මත්ස්‍යයකු විය හැකි බව ද තවදුරටත් සඳහන් ව තිබිණි.

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් විශාලතම මිරිදිය මත්ස්‍යයා වන්නේ ‘වලයා’ නමැති මත්ස්‍යයා බවත් ඌ යම්කිසි අනතුරක දී මිනිසුන්ට පහර දුන් අවස්ථා තිබෙන බවත්ය. ඇලිගේටර් වර්ගයේ මත්ස්‍යයින් ද යම්කිසි අනතුරුදායී තත්ත්වයක් ඇතැයි දැනුණු විට පහර දෙන බව ද ඇය පවසා සිටියාය. මහනුවර වැවේ මෙවැනි ඇලිගේටර් මත්ස්‍යයකු සිටින බව ඇය ද සඳහන් කළ අතර එහි එවැනි මත්ස්‍යයකු සිටීම පොදු ජනතාවට බලපෑමක් නොකරන මුත් යම් ආකාරයකින් දැදුරු ඔය වැනි ජනතාව නිතර ගැවසෙන ස්ථානයක මේ මත්ස්‍යයා බෝ වී ඇත්නම් එය සොයා බලා යම් පියවරක් ගැනීමට සිදුවන බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

මේ ඇලිගේටර් මත්ස්‍යයා පිළිබඳ කතා කිරීමේ දී ඒ පිළිබඳ ජනතාව අතර මතයක් ඇති වන්නේ මහනුවර වැවේ එවැනි මත්ස්‍යයකු සිටින බවට ඡායාරූප ද සහිතව පුවත් පලවන්නට පටන් ගැනීමත් සමගිනි.

ආචාර්ය රමණී ශිරන්තා

මිනිසුන්ට පහර දෙන මෙවැනි මිරිදිය මසුන් ශ්‍රී ලංකාව තුළ ජලාශවල සිටින්නේදැයි සැක හැර දැන ගැනීම පිණිස ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය හෙවත් නාරා (NARA) ආයතනයේ පර්යේෂිකා නිළධාරිනී ආචාර්ය රමණී ශිරන්තා මහත්මියගෙන් තොරතුරු විමසූ විට ඇය පවසා සිටියේ දැදුරු ඔයේ පහර දුන් මත්ස්‍යයා පිළිබඳ තහවුරු කර ගත හැකි සත්‍ය තොරතුරක් නාරා ආයතනයට ලැබී නොමැති බවය. ඒ පහර දීම කරන ලද්දේ ඇලිගේටර් වර්ගයේ මත්ස්‍යයකු ද එසේත් නොමැති නම් වෙනත් මත්ස්‍යයකු ද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි බව ඇය පවසා සිටියාය. ඇය පවසන්නේ දැනට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් විශාලතම මිරිදිය මත්ස්‍යයා වන්නේ ‘වලයා’ නමැති මත්ස්‍යයා බවත් ඌ යම්කිසි අනතුරක දී මිනිසුන්ට පහර දුන් අවස්ථා තිබෙන බවත්ය. ඇලිගේටර් වර්ගයේ මත්ස්‍යයින් ද යම්කිසි අනතුරුදායී තත්ත්වයක් ඇතැයි දැනුණු විට පහර දෙන බව ද ඇය පවසා සිටියාය. මහනුවර වැවේ මෙවැනි ඇලිගේටර් මත්ස්‍යයකු සිටින බව ඇය ද සඳහන් කළ අතර එහි එවැනි මත්ස්‍යයකු සිටීම පොදු ජනතාවට බලපෑමක් නොකරන මුත් යම් ආකාරයකින් දැදුරු ඔය වැනි ජනතාව නිතර ගැවසෙන ස්ථානයක මේ මත්ස්‍යයා බෝ වී ඇත්නම් එය සොයා බලා යම් පියවරක් ගැනීමට සිදුවන බවත් ඇය තවදුරටත් සඳහන් කළාය.

ලෝකයේ විශාලතම මිරිදිය මත්ස්‍යයා

මිනිසුන්ට පහර දෙන ‘වාලක්කඩියා’ නමින් හඳුන්වන මුහුදු මත්ස්‍ය විශේෂයක් පිළිබඳව ධීවර ප්‍රජාව පවසයි. මේ පිළිබඳ දැනට වසර කිහිපයකට පෙර වාර්තා වී තිබෙන අතර ඌ සපාකෑමෙන් පසු 33 හැවිරිදි පුද්ගලයකු හලාවත මහ රෝහලට ඇතුළු කරන ලද බව ද වාර්තා වේ. මත්ස්‍යයා ඔහුට පහර දී සපා කෑමෙන් පසුව එම පුද්ගලයා විසින් මත්ස්‍යයාව මරා දමා ඇති අතර ඌ අඩි හතරක පමණ දිගින් යුක්ත සිරුර පුරා කොටියෙකුගේ මෙන් පුල්ලි සහිත මත්ස්‍යයකු බව ඡායාරූපය නිරීක්ෂණයෙන් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම මිරිදිය මත්ස්‍යයා – වලයා

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවලින් මෙවැනි පහර දෙන, මාරක මත්ස්‍යයින් පිළිබඳ බොහෝ අවස්ථාවල දී වාර්තා වී තිබේ. ‘පිරානා’ නමැති ලෝක ප්‍රකට මත්ස්‍යයා එවැන්නෙකි. මිනිත්තු ගණනාවක් තුළ මිනිසකුගේ පවා ඇටකටු දක්වා සපා කා අවසන් කළ හැකි මේ මත්ස්‍යයා පිළිබඳ සිනමා පට පවා නිර්මාණය වී තිබේ. එමෙන්ම මෝර ප්‍රහාර පිළිබඳ ඇත්තේ ද මෙවැනි සිදුවීම් ය. ඇතැම් සිනමා පට නිසා සංචාරක ආකර්ෂණයක් තිබූ මුහුදු වෙරළවල් හිස් වූ අවස්ථාවන් ද වාර්තා වී තිබේ.

පිරානා

ඉහත දැදුරු ඔයේ පහර දීමේ සිදුවීම, මහනුවර වැවේ වාසය කරන ඇලිගේටර් මත්ස්‍යයාගේ කතාව, ලෝකය පුරා පවතින මත්ස්‍යයින් පහර දෙන කතා සහ ඒ ආශ්‍රිත සිනමා පට, ඒ සියල්ල අභිබවා කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය වන ව්‍යාජ ඡායාරූප ආදී සියල්ල තුළින් සාමාන්‍ය ජනතාව තුළ මේ වන විට අනියත බියක් පහළ වී තිබෙන බව සඳහන් කළ යුතුය. ගංගාවකට, ඔයකට, ඇලකට හෝ වැවකට බැසීමට මේ නිසා මිනිසුන් බියට පත් වෙමින් සිටින බැව් පෙනෙන්නට තිබේ. ඉදිරියේ දී මෙවැනි ව්‍යාජ පුවත් ව්‍යාජ ලෙස නිර්මාණය වී මිනිසුන් අතරට පැමිණිය හැකිය. එබැවින් මේවා පිළිබඳ නිසි තොරතුරු සොයා ජනතාව අතර පවතින අනියත බිය තුරන් කරන්නට බලධාරීන් නිසි පියවර ගත යුතුව තිබේ.

විශේෂ ස්තුතිය:නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ අරුලානන්දන් මහතාට

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර