මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට ඊයේ (26) උපදෙස් දී ඇත.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් දී ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන්ද මේ කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.