ජනපති සුරතින් විවෘත වූ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපන ප්‍රදර්ශනය

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන අධ්‍යාපන, විද්‍යා තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඉහළ නංවාලීම, හරිත ආර්ථිකයක් තුළින් තිරසර සංවර්ධනයක් ලබාගැනීම, සමාජ විවිධත්වය මතින් සහයෝගිතාවය පුළුල් කිරීමත් එදිනෙදා ජීවිතයට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම යන තෙම මුල් කරගනිමින් මෙහි ප්‍රදර්ශන කුටි ස්ථාපිත කර ඇති බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා වෙනම ප්‍රදර්ශන කුටියක් මෙහි ස්ථාපිතකොට තිබීම වැදගත්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අනුරුව, වැනි පාර්ලිමේන්තුව පිළිබඳ කරුණු ඇතුලත් වන අන්දමේ ප්‍රදර්ශන කුටි සහ පොත් පත් සහ සඟරා විශාල ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වීම විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් මෙම ප්‍රදර්ශන කුටිය පවත්වාගෙන යන බව සඳහන්.

කාලීන පුවත්