අද තද සුළං සහ මුහුද රළුවීම්

අද( 30) තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට මෙම රතු නිවේදය පිළිබඳව සැලකිලිමත්වන ලෙස ය.මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එසේම වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් කරයි.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

කාලීන පුවත්