සමාජ ජාල වෙබ් අඩවි මඟින් බාල වයස්කාර දැරියන් අපයෝජනය කිරීම් වැඩිවීමක්

සමාජ ජාල වෙබ් අඩවි මගින් ගොඩනගා ගන්නා සබඳතා ඔස්සේ බාල වයස්කාර පාසල් දැරියන් අපයෝජනය වීමේ සිදුවීම් මේ වන විට වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම වට්සැප් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරමින් නිර්මාණය කරගන්නා විවිධ කණ්ඩායම් තුළ මේ අන්දමේ නොයෙකුත් අපචාරයන් සිදුවන බව දක්නට ලැබෙනවා. මෙම ගෲප් වල ඉන්න අය බොහෝ විට පුද්ගලයන් විදිහට එකි`නෙකා දන්නා හඳුන්වන අය නොවෙයි. විවිධ වයස්වල පුද්ගලයන් එහි සාමාජිකයන් ලෙස ඉන්නවා. නව යොවුන් වියේ දරුවන් මේ තුළ ඉතා අනාරක්ෂිත තත්වයකට පත්ව තිබෙනවා.

දැරියගේ මව ,ඇය පාඩම් නොකරන නිසා ඇයට බැණ වැදුන බැවින් ඇය තමන්ගේ ප්‍රේමවන්තයා සමග පැනයාමට තීරණය කොට ඔහු සමග පැන ගොස් පසුව එදින රාත්‍රී පිරිමි පුද්ගලයාගේ මිත්තනිය පමණක් සිටි නිවසේදී ලිංගික සබඳතා පවත්වා තිබෙනවා. දැරියගේ වයස අවුරුදු 16 ට අඩු නිසා ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සබඳතා පැවැත්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 364 (ඉ) වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයක්. එබැවින් චූදිතයාට ඉදිරියේදී මහාධිකරණය මගින් දඬුවම් නියම කරනු ඇති.ඒ සඳහා අවම අනිවාර්ය වසර දහයේ සිට විස්ස දක්වා සිර දඬුවම් සහ දඩයක් දඬුවම් ලෙස දණ්ඩන නීති සංග්‍රහයේ දක්වා තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර වාර්තා වූ එවැනි සිද්ධියකදී අවුරුදු පහලොවක පාසල් යන රූමත්, පාසල් වැඩ හොඳින් කරන මහනුවර ප්‍රසිද්ධ විද්‍යාලයක ගැහැණු දරුවෙකු වයස දහනවයක ක පුද්ගලයෙකු සමඟ හොර රහසේ පැන ගියා.පසුව එම ගැහැණු ළමයා පසුදා තම දෙමාපියන්ට තමා ඉන්න තැන දැන් වූ පසු දෙමාපියන් ගොස් ඇයව රැගෙන පැමිණියා. මා ඇගෙන් විස්තර විමසීමේ දී ඇය පවසා සිටියේ ගෙදර අම්මා නිතර පාඩම් කරන්න කියලා බනින නිසා මේ පුද්ගලයා සමග පැනගිය බවයි.ඒ පුද්ගලයා තමාට හමු වූයේ වට්සැප් ගෲප් එකක් මගින් බවත්, වසර දෙකක පමණ කාලයක් ඔහු හඳුනාගෙන ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.
මෙම වට්සැප් ගෘප් එක ගැන මම තවදුරටත් විස්තර විමසූ විට ඇය කියා සිටියේ තමන්ව එම ගෘප් එකට එකතු කළේ තම පන්තියේම මිතුරියක් බවත්, එම ගෘප් තුළ ගොඩක් දෙනා ඉන්න බවත් තමන් පෞද්ගලිකව එම පුද්ගලයන් අඳුරන්නේ නැති බවත් ය. මේ කියන පුද්ගලයාගේ “ස්ටටුස්” බලලා තමන් විසින් මුලින්ම ඔහුට “මැසේජ්” කළ බවත් පසුව මාස හයක් පමණ “චැට්” කිරීමෙන් අනතුරුව ඔහු සමග ප්‍රේම සබඳතාවක් ආරම්භ කළ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා. මුලින්ම ඔහුගේ නිවැරදි තොරතුරු ලබාදීමට ඔහු අදි මදි කළ බවත් නමුත් පසුව ප්‍රේම සබඳතාව ඇරඹූ පසුව ඔහුගේ නිරවැරදි තොරතුරු ලබා ගැනීමට හැකි වූ බවත් ඇය කියා සිටියා.
ඉන් අනතුරුව කිහිප දිනක් මහනුවර නගරයේ දී ඔවුන් හමුවී ඇති අතර පසුගිය සතියේ, එම දැරියගේ මව ,ඇය පාඩම් නොකරන නිසා ඇයට බැණ වැදුන බැවින් ඇය තමන්ගේ ප්‍රේමවන්තයා සමග පැනයාමට තීරණය කොට ඔහු සමග පැන ගොස් පසුව එදින රාත්‍රී පිරිමි පුද්ගලයාගේ මිත්තනිය පමණක් සිටි නිවසේදී ලිංගික සබඳතා පවත්වා තිබෙනවා. දැරියගේ වයස අවුරුදු 16 ට අඩු නිසා ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සබඳතා පැවැත්වීම දණ්ඩ නීති සංග්‍රහයේ 364 (ඉ) වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයක්. එබැවින් චූදිතයාට ඉදිරියේදී මහාධිකරණය මගින් දඬුවම් නියම කරනු ඇති.ඒ සඳහා අවම අනිවාර්ය වසර දහයේ සිට විස්ස දක්වා සිර දඬුවම් සහ දඩයක් දඬුවම් ලෙස දණ්ඩන නීති සංග්‍රහයේ දක්වා තිබෙනවා.

ප්‍රේම සබඳතා පමණක් නොව ප්‍රේම සම්බන්ධතා නොමැතිව හුදු ලිංගික සබඳතා පමණක් පැවැත්වීමටත්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහාම වන මෙවන් ගෘප්ස් විශාල ප්‍රමාණයක් වට්සැප් ජාලය තුළ තිබෙනවා මේවාට පාසල් දරු දැරියන් එකතු කර ගැනීම විවිධාකාරයෙන් සිදු කරනු ලබනවා. සමහර විට එම ගෘප්ස් වලට අධ්‍යාපන වැඩකටයුත්තක් ලෙස පෙනී යාම සඳහා පාසලේ නම භාවිතා කරන්නත් පුළුවන්.එවිට අහු වුණත් දෙමාපියන් සිතන්නේ එය පාසලේ අධ්‍යාපන කටයුත්තකට අදාල දෙයක් බවයි.චැට් පණිවිඩ නිශ්චිත කාලයකට පසු ඉබේ මැකී යාමට “පෙර සැකසුම් “සකස් කළ හැකි නිසා මෙන්ම චැට් අගුළු දැමීමට හැකි වීම නිසාත්, ගෘප් සඟවා තබා ගැනීමට හැකි නිසාත් බොහෝ දෙමාපියන්ට වඩා පරිගණක සහ ජංගම දුරකථන පිළිබඳ සාක්ෂරතාවය වැඩි ළමයින් දෙමාපියන්ට ගුරුවරුන්ට හොරෙන් මෙම ගෲප්ස්වල සාමාජිකයන් බවට පත්ව ඇති බව පෙනී යනවා.

මෙහිදී මෙම සමාජ ජාල වෙබ් අඩවි අපේ සමාජයේ දරුවන්ට සිදු කරන බලපෑම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. පාසල් වියේ ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් මේ අන්දමින් අපයෝජනයන්ට ගොදුරුවීම වී ඇති අතර එය මේ මොහොතේත් අනාගතයේත් සිදුවනු නියතයි.

මම මෙම දැරියගේ පියා සමඟ සාකච්ඡා කිරීමේදී මම ඔහුගෙන් විමසා සිටියේ ඔබ ජංගම දුරකථනය මෙම දැරියට ලබා දුන්නේ ඇයිද යන්නයි. එවිට ඔහු කියා සිටියේ පාසලේ දිනපතා ගෙදර වැඩ එවන්නේ වට්සැප් එකට නිසා ඔහුට ජංගම දුරකථනය දැරියට භාවිතා කිරීමට දීමට සිදුවන බවයි. තමන් සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධව තාක්ෂණික කරුණු හෝ විස්තරාත්මක කරුණු නොදන්නා බැවින් එය අවභාවිතා කළ හැකි බව තමා නොදැන සිටි බවත් පැවසුවා. තමාගේ දියණිය ඉතාම කීකරු බවත් ඒ නිසා සැක කිරීමට කිසිවක් නොතිබූ බවත් ගෙදර කිසිදු ගැටලුවක් නොතිබූ බවත්, ඇගේ මෙම ප්‍රේම සබඳතාව පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියා.
ප්‍රේම සබඳතා පමණක් නොව ප්‍රේම සම්බන්ධතා නොමැතිව හුදු ලිංගික සබඳතා පමණක් පැවැත්වීමටත්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහාම වන මෙවන් ගෘප්ස් විශාල ප්‍රමාණයක් වට්සැප් ජාලය තුළ තිබෙනවා මේවාට පාසල් දරු දැරියන් එකතු කර ගැනීම විවිධාකාරයෙන් සිදු කරනු ලබනවා. සමහර විට එම ගෘප්ස් වලට අධ්‍යාපන වැඩකටයුත්තක් ලෙස පෙනී යාම සඳහා පාසලේ නම භාවිතා කරන්නත් පුළුවන්.එවිට අහු වුණත් දෙමාපියන් සිතන්නේ එය පාසලේ අධ්‍යාපන කටයුත්තකට අදාල දෙයක් බවයි.චැට් පණිවිඩ නිශ්චිත කාලයකට පසු ඉබේ මැකී යාමට “පෙර සැකසුම් “සකස් කළ හැකි නිසා මෙන්ම චැට් අගුළු දැමීමට හැකි වීම නිසාත්, ගෘප් සඟවා තබා ගැනීමට හැකි නිසාත් බොහෝ දෙමාපියන්ට වඩා පරිගණක සහ ජංගම දුරකථන පිළිබඳ සාක්ෂරතාවය වැඩි ළමයින් දෙමාපියන්ට ගුරුවරුන්ට හොරෙන් මෙම ගෲප්ස්වල සාමාජිකයන් බවට පත්ව ඇති බව පෙනී යනවා.

කොවිඩ් වසංගත කාලයේ ජංගම දුරකථන භාවිතාවෙන් පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ගුරුවරුන් විසින් කටයුතු කරනු දක්නට ලැබුණා. නමුත් එය ද අහිතකර ප්‍රතිඵල රාශියක් ගෙන දෙන්නක් වුණා. දරුවන්ගේ ඇස් පෙනීම අඩාල වීම, බෙල්ලේ කැක්කුම, හිසරදය, මානසික ව්‍යාකූල භාවය, කලබලකාරී ගතිය ,බෝ නොවන රෝග ඇතිවීම සහ ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහිවීම වැනි අහිතකර ප්‍රතිඵල තිබියදී, ජංගම දුරකථන නොමැති සහ ඒ සඳහා දුරකථන සංඥා නොමැති ප්‍රදේශවල දරුවන්ට පවා ,ඒ ගැන නොසිතමින් ගුරුවරුන් සිතුමතේ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් දරුවන්ට උගන්වන්න කටයුතු කළා. ජංගම දුරකථන නොමැති දරුවන් මෙන්ම එකම නිවසේ පාසල් දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න විට එකම ජංගම දුරකථනයට තරගකාරී තත්ත්වයක් ඇතිවීම තුළ පවුල ඇතුළත ගැටුම් පවා ඇතිව තිබුණා. අධ්‍යාපනයේ හිමිකම සැමට සමව තිබීම මූලික අයිතියක්ව තිබියදී ,මේ අවධියේ ස්මර්ට් ජංගම දුරකථන සහ අන්තර්ජාල සබඳතා තිබූ දරුවන්ට පමණක් අධ්‍යාපනය ලබාදීම මගින්;ඇත්තෙන්ම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ද වුණා.
කෙසේ වෙතත් වර්තමානයේ දී එවන් වසංගත තත්වයක් නොමැති නිසා අධ්‍යාපන කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතය කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ. මෙමඟින් බව යොවුන් වියේ දරුවන්, විශේෂයෙන්ම ගැහැණු දරුවන් තමන්ගේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක ආරම්භ වෙන කාලයේ ඇතිවන කායික සහ මානසික වෙනස්වීම් සහ උත්තේජනයන්ට ගොදුරු වීම සඳහා ප්‍රබල අවකාශයක් සලසනවා.
ගුරුවරයාට පන්තියේ පාසල් ළමයින්ට ගෙදර වැඩ ලබාදීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ පාසල් කාලය තුළ මිස ගෙදර ගියාට පසු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ නොවන බව අවධාරණය කළ වනවා. එසේ නොවීම තුළ මෙමගින් ගැටලු රාශියක් ඇති කරනු ලබනවා.දෙමාපියන් වැඩ ඉවර කරලා ගෙදර එනකොට රෑ හතට අටට, පහු වෙනිදාට පාසලට අරගෙන යන්න ඕනෑ දේවල් ගුරුවරයා මේ ගෲප් වලට යොමු කළාම මේ මහ රෑ දෙමාපියන් කොහොමද ඒවා හොයන්නේ ? එපමණක්ද නොවේ වර්තමානයේ පාසල් දරුවන්ට නිවසේ මුද්‍රණ යන්ත්‍රයක් (ප්‍රින්ටෙර් ) තබා ගැනීමට අවශ්‍ය වන තරමටම මුද්‍රිත පිටපත් (ප්‍රින්ට් අවුට්ස්) ලබා ගන්නා ලෙස ගුරුවරුන් නියෝග කරන අයුරු දක්නට ලැබෙනවා.මේක කිසිසේත්ම අනුමත කළ හැකි දෙයක් නෙවෙයි. පාසලේ සමහර විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවන් පාසල් වෙලාවෙන් පසුව පාසලේ රඳවා ගන්නා බව කල් වේලා ඇතිව පූර්ව දැනුම් දීමකින් තොරව එකවරම සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ දැනුම් දී දරුවන් රඳවා ගැනීම මගින් දරුවන්ගේ ප්‍රවාහනය සහ ආරක්ෂාව සම්බන්ධව දෙමාපියන් බලවත් අපහසුතාවයකට ලක්වෙනවා.

ළමයින් ජීවත්වන්නේ දවස පුරාම පාසැල් වැඩ ඉගෙන ගැනීමට පමණක් නොවේ.ඒ බව ගුරුවරුන් මතක තියාගත යුතු වෙනවා දවස පුරාම පාසල් තියන්නේ නැතුව දහවල් එකහමාර වන විට පාසල් අවසන් කරන්නේ දරුවාගේ මනසට දරාගත හැකි අධ්‍යාපන කාලය එපමණක් වන නිසයි.අධ්‍යාපන අමාත්‍යාංශය විෂය නිර්දේශය සකස් කොට ඇත්තේ පාසල තුළ එය උගන්වා අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙමිනුයි. එම කාලය තුළ නියමිත පරිදි උගන්වා අවසන් කිරීමට නොහැකි නම් එය ගුරුවරයාගේ දුර්වලතාවයක්. උදාහරණයක් ලෙස පන්තියේ සතියක් උගන්වන දේ ටියුෂන් පන්තියේ පැය දෙකකින් උගන්වනු ලබනවා.එසේ නම් පාසලේදී එසේ කළ නොහැකි වීමට කිසිදු හේතුවක් නැහැ.

ගුරුවරුන්ට සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ගෲප්ස් හදාගනිමින් සිය පන්තිවල ළමයින්ට, තමන්ට මතක් වෙන මතක් වෙන වෙලාවට විවිධ උපදෙස් දෙන්න අයිතියක් නැහැ. හැමෝටම ජංගම දුරකථන නොමැති නිසා එසේ කිරීම සඳහා ගුරුවරුන්ට සදාචාරාත්මක හෝ නෛතික හැකියාවක් නැහැ.එය ඇත්ත වශයෙන්ම ළමයින්ගේ මූලික අයිතිවාසිකම් ද උල්ලංඝනය වීමක්. එපමණක් නොව ගුරුවරුන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියාවේ අතුරු ප්‍රතිඵලයක් ලෙස පාසල් දරුවන් විශාල ප්‍රමාණයක්, විශේෂයෙන්ම ගැහැණු දරුවන් අපයෝජනයට පත්වනවා. එනම් එය වක්‍රාකාරයෙන් ළමා අපයෝජනයන්ට යොමු කිරීමක් වනවා.
මේ නිසා මේ පිළිබඳව වහාම අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු වනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු අනුමත කිරීමකින් තොරව ගුරුවරුන් අත්තනෝමතිකව දරුවන් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිරාවරණය කිරීම නැවැත්වීමට වහාම චක්‍රලේඛනයක් නිකුත් කළ යුතු වනවා. ඒ වගේම දෙමාපියන් වහාම සිය දරුවන් භාවිතා කරන ජංගම දුරකථන රැගෙන එහි ඇති සියලුම සමාජ ජාල වෙබ් අඩවි පරීක්ෂා කොට,එහි ඇති ගෲප්ස් පිළිබඳව සොයා බැලිය යුතු වනවා.සමහරවිට දරුවන් විසින් ඒවා සඟවා හෝ අගුළු ලා තිබීමට හැකියාව තියෙනවා ඒ නිසා තමන් තාක්ෂණය පිළිබඳව වැඩිදුර නොදන්නේ නම් ඒ පිළිබඳව නිපුණතාවක් ඇති විශ්වාසදායී පුද්ගලයෙකු වෙතින් ඒ පිළිබඳව පරීක්ෂා කරගන්න.සියලුම දරුවන් තමන්ට කොතෙක් විශ්වාස වුවත්, තමන් කොතරම් ආදරය වුවත් ඔවුන් දුරකථනයේ සමාජ ජාල වෙබ් අඩවි තුළ සැරිසරන ආකාරය අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න.

මට සමහර පාසල් වලින් දේශන වලට ආරාධනා කරනවා. විශේෂයෙන්ම හත අට වසර සිට ගැහැණු දරුවන් වැඩිහිටි පිරිමි විශේෂයෙන්ම කොණ්ඩෙ පාට කරලා කරාබු දාලා ඉන්න මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් සමග සබඳතා පවත්වන බවත් ඒ උදෙසා එකි`නෙකා සමග සණ්ඩු කරගන්නා බවත් ඒ නිසා එම තත්වය වළක්වා ගැනීම සඳහා උපකාර කරන ලෙසත් ඉල්ලා සිටිනවා.මේ නිසා දෙමාපියන් හැමෝටම තම දරුවන් කොච්චර උස්මහත් වුණත් ඒ අය තවමත් කුඩා දරුවන් ලෙස පෙනෙන්න පුළුවන්.තමන්ට කවදාවත් බොරුවක් නොකරන අවංක දරුවන් බවට විශ්වාස කරන්න පුළුවන්.නමුත් අත්දැකීම් වලින් අපට පෙනී යන්නේ එය එසේ නොවන බවයි මක්නිසාද යත් දරුවන් එය සිතා සිතා කරන බොරුවක් නොව සිය සිරුරේ අලුතින් ක්‍රියාත්මක වන හෝමෝන නිසා මෙහෙයවන තත්වයක් බව දෙමාපියන් තේරුම් ගත යුතු වනවා. එම නිසා තමාගේ දරුවන් කෙරෙහි සෑම විටම අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යම කරුණක්.අපගේ සමාජය තවමත් ජංගම දුරකථන ආරක්ෂිතව දරුවන්ට පරිහරණයට ලබාදීමට තරම් පරිණත වූ සමාජයක් නොවන නිසා සෑම විටම සිය දරුවන් ජංගම දුරකථන වලින් හැකිතාක් ඈත් කොට තබා ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරනවා.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ – නීති වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර

පහන් ටැඹ