ජනපතිවරණයට පොලිතින් තහනමක්

ජනාධිපතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතය වැළැක්වීම සඳහා කටයුතු කිරීම පිළිබඳව දැනුම්දීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබිණි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් පොලිතින් භාවිත නොකරමින් සිය ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පෙන්වා දෙනලදි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසද මෙහිදී කියා සිටියේ ඊට අදාළව අපේක්ෂකයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

ප්‍රචාරක කටයුතුවලදී විශාල වශයෙන් පොලිතින් භාවිත කිරීම නිසා පරිසරයට විශාල හානියක් සිදුවන බවත්, ඒවා ඉවත් කිරීමට විශාල වියදමක් රජයට දැරීමට සිදුවන බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙනලදි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඇතුළු සාමාජිකයන් සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

කාලීන පුවත්