බංග්ලාදේශ අගමැතිනිය රටින් පලා යාමට පෙර අවසන් පැය කිහිපය ගෙවුණු හැටි

අඛණ්ඩව වසර 15 කට ආසන්න කාලයක් බංග්ලාදේශයේ අගමැති ධුරය දැරූ ෂෙයික් හසීනා ගෙදර යැවීමට නොව වෙන රටකටම යැවීමට එරට වැසියෝ පසුගිය දා කටයුතු කළහ. පසුගිය 5 වැනි දින සිය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ඇය මේ වනවිට සිටින්නේ ඉන්දියාවේ යි. හසීනා දේශපාලන රැකවරණ පතා ඉන්දියාවේ සිට බි්‍රතාන්‍යයට යනු ඇතැයි මුලින් පැවසුණ ද ඒ සම්බන්ධයෙන් මේ වනවිට තාක්‍ෂණික ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවක් මාධ්‍ය වාර්තා කර තිබිණි. එම ගැටලු විසඳා ගන්නා තෙක් හසීනාට ඉන්දියාවේ රැඳී සිටින්නට සිදු වනු ඇත.

මේ අතර හසීනා බංග්ලාදේශයෙන් පිට වීමට පෙර අවසන් පැය කිහිපය ගත වූ ආකාරය සම්බන්ධයෙන් ද ඊයේ මාධ්‍ය විස්තර පළ කර තිබෙනු දැකිය හැකි විය. එම තොරතුරු පළ කර තිබුණේ ඇයට සමීප පාර්ශ්ව සහ ආරක්‍ෂක අංශ පැවසූ කාරණා මත පදනම් වෙමිනි. එම විස්තරවලින් පැවසෙන්නේ රට තුළින් ඇයට එරෙහිව මොන තරම් විරෝධතා මතු වුවත් හසීනා අගමැතිකමෙන් ඉවත් වීමට හෝ රටින් පිට වීමට හෝ කැමැත්තක් නොදැක් වූ බව යි. මර්ධනය හරහා තවදුරටත් බලයේ රැඳී සිටීමට ඇයට දැඩි වුවමනාවක් පැවැති බවක් මේ තොරතුරුවල සඳහන් වේ.

ෂෙයික් හසීනා

ඇය ධුරයෙන් ඉවත් වීම සුදුසු බවක් මුලින්ම ඇයට අඟවා තිබුණේ එරට හමුදා ප්‍රධානීන් බව වාර්තා වේ. හසීනා ඒ සඳහා කැමැති කරවා ගැනීමට ඔවුන් උත්සාහ ගෙන තිබුණේ රටේ නන් දෙසින් අගනුවරට රැස් වූ දස දහස් ගණන් ජනතාව පසුගිය සඳුදා විරෝධතා පෙලපාලියකින් ඇයගේ නිල නිවස වෙත පැමිණීමට සූදානම්ව සිටි තත්ත්වයක් තුළ ය. ජනතාව එවැනි පෙලපාලියකින් පැමිණියහොත් එය නතර කිරීමට නොහැකි වනු ඇති බව හමුදා ප්‍රධානීන්ගේ අදහස වූ බැව් පැවසේ. එය මර්ධනය කිරීමට ගියහොත් නැවතත් විශාල ජීවිත හානියක් වනු ඇති බව ඔවුහු දැන සිටියෝය. ඒ වනවිටත් මෙම විරෝධතා නිසා 400 කට කිට්ටු සංඛ්‍යාවක් මිය ගොස් තිබූ බව ද මෙහි දී සඳහන් කළ යුතු වේ.

හමුදා ප්‍රධානීන් හසීනාට පවසා තිබුණේ ජනතාව ඇයගේ නිල නිවස වට කිරීමට පැමිණියහොත් ඇයගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අපහසු වනු ඇති බව යි. නමුත් වාර්තා වන ආකාරයට හසීනා මෙම හමුදා ප්‍රධානීන්ට කන් දීමට එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැත. හමුදාපති ජනරාල් වකර්-උස්-සාමන් කිහිප වරක්ම අගමැතිනිය හමුවෙමින් ඇයට තත්ත්වය පැහැදිලි කර දීමට උත්සාහ ගෙන තිබිණි. නමුත් එම උත්සාහයන් සාර්ථක වී තිබුණේ නැත.

මුහමඩ් යූනුස්

මෙම පසුබිම තුළ හමුදා ප්‍රධානීන් හසීනාට පවසා තිබුණේ ජනතාව ඇයගේ නිල නිවස වට කිරීමට පැමිණියහොත් ඇයගේ ආරක්‍ෂාව තහවුරු කිරීම අපහසු වනු ඇති බව යි. නමුත් වාර්තා වන ආකාරයට හසීනා මෙම හමුදා ප්‍රධානීන්ට කන් දීමට එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැත. හමුදාපති ජනරාල් වකර්- උස්- සාමන් කිහිප වරක්ම අගමැතිනිය හමුවෙමින් ඇයට තත්ත්වය පැහැදිලි කර දීමට උත්සාහ ගෙන තිබිණි. නමුත් එම උත්සාහයන් සාර්ථක වී තිබුණේ නැත. මෙම තත්ත්වය තුළ හමුදා ප්‍රධානීන් ඊළඟට කර තිබුණේ හසීනාගේ පවුලේ සමීපතමයන් සමග සාකච්ඡා කිරීම යි. ඇයගේ බාල සොහොයුරිය වන ෂෙයික් රෙහානා සමග ද, දරුවන් වන සජිබ් වාජෙඩ් සහ සෙයිමා වාජෙඩ් සමග ද මෙම හමුදා ප්‍රධානීන් සාකච්ඡා කර තිබිණි. රටේ පවතින අතිශය භයානක තත්ත්වය ගැන ඔවුන් මෙම පවුලේ සාමාජිකයන්ට පැහැදිලි කර දී තිබූ අතර අවසානයේ හසීනා ධුරයෙන් ඉවත් වීමට කැමැති වී තිබුණේ පවුලේ අය දැඩි ලෙස බැගෑපත් වීමෙන් පසුව යි.

“මගේ මව රට හැර යාමට කිසිසේත් කැමැති වුණේ නැහැ” හසීනාගේ පුත් සජීබ් මාධ්‍ය සමග පවසා තිබිණි. “ඇය මේ සඳහා කැමති කරවා ගැනීමට අපට විශාල උත්සාහයක් දරන්න සිදු වුණා. විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරෙන බවත්, ඔවුන් ඇයව ඝාතනය කරනු ඇති බවත් අප ඇයට පැහැදිලි කළා. ඇයව ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යාමට අපට අවශ්‍ය බව අප ඇයට කිව්වා”.

හසීනා ඇයගේ නිල නිවසේ සිට ගුවන් තොටුපල කරා ගෙන යාමට මුලින් සැලසුම් කර තිබී ඇත්තේ මහා මාර්ගයෙනි. නමුත් එය අනාරක්‍ෂිත බවත්, ඇයගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් පෙනී යාමෙන් පසු එම අදහස වෙනස් කර හමුදාවේ හෙලිකොප්ටරයකින් ඇය ගුවන් තොටුපල වෙත ගෙන යාමට පියවර ගෙන තිබිණි. මෙම මෙහෙයුමේ ආරක්‍ෂාව වෙනුවෙන් අන්තර්ජාල සේවා පවා අත්හිටුවීමට ආරක්‍ෂක අංශ කටයුතු කළ බව සඳහන් වේ. එම සේවා නැවත ක්‍රියාත්මක කර තිබුණේ හසීනා රටින් පිටවීමෙන් පසුව යි. ඇතැම් වාර්තාවලට අනුව, බංග්ලාදේශයෙන් පිට වූ හසීනා පැමිණ තිබුණේ ඊසානදිග ඉන්දියාවේ පිහිටි අගර්තලා නැමැති නගරයට ය. දිල්ලි නුවර වෙත පැමිණ තිබුණේ එයින් පසුව යි.

දැන් කාගේත් අවධානය යොමුව තිබෙන්නේ බංග්ලාදේශයේ මීළඟ අගමැති කව්රුන් වනු ඇත් ද යන්න ගැන ය. එය තීරණය වනු ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන මහා මැතිවරණයකින් පසුව යි. මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර මැතිවරණය පැවැත්වෙන තෙක් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගැනෙමින් තිබේ. එහි නායකත්වය සඳහා නොබෙල් සම්මානලාභියකු ද වන මුහමඩ් යූනුස් නම් කර ඇත.

තමා නැවත දේශපාලනයට නොපැමිණෙන බව හසීනා පවසා ඇතැයි වාර්තා වේ. එමෙන්ම රට වෙනුවෙන් බොහෝ දේ කළ තමාට ජනතාව මේ ආකාරයෙන් සැලකීම ගැන ඇය විශාල කළකිරීමකින් සිටින බවක් ද හසීනාගේ ඥාතීන් පවසා තිබිණි.

දැන් කාගේත් අවධානය යොමුව තිබෙන්නේ බංග්ලාදේශයේ මීළඟ අගමැති කව්රුන් වනු ඇත් ද යන්න ගැන ය. එය තීරණය වනු ඇත්තේ ඉදිරියේ දී පැවැත්වෙන මහා මැතිවරණයකින් පසුව යි. මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර මැතිවරණය පැවැත්වෙන තෙක් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගැනෙමින් තිබේ. එහි නායකත්වය සඳහා නොබෙල් සම්මානලාභියකු ද වන මුහමඩ් යූනුස් නම් කර ඇත. ආර්ථික විද්‍යාඥයකු ද වන ඔහු බංග්ලාදේශයේ දිළිඳු ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා විශාල මෙහෙයක් කළ කෙනෙකි. 2006 වසරේ ඔහුට සහ ඔහු විසින් පිහිටුවන ලද ග්‍රාමීන් බැංකුවට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේ ද එම මෙහෙවර වෙනුවෙනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර