ඉරාක කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු නවය දක්වා අඩු කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉරාක පාර්ලිමේන්තුව සැරසෙයි. මෙය කෙටුම් පතක් ලෙස පමණක් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතර එයට එරෙහිව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් රට පුරා උද්ඝෝෂණ පවත්වන්නට පටන් ගෙන තිබේ. ඔවුන් පවසන්නේ මෙය සම්මත වුවහොත් එමගින් ‘ළමා අපචාර’ නීතිගත වන බවය.
ඉරාක දේශපාලන ක්‍රමය තුළ වැඩි බලයක් හිමි කරගෙන සිටින ෂියා ආගමික කණ්ඩායම් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ඉරාකය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්නට වැඩකටයුතු කරමින් සිටියි.
“මගේ සැමියත් පවුලේ අයත් ළමා විවාහවලට විරුද්ධයි. ඒත් හිතන්න මගේ දුව විවාහ වුණාට පස්සේ එයාගේ සැමියාට ඕන වුනොත් මගේ මිනිබිරිය සමග ළමා විවාහයක් කර ගන්න. එතකොට මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියලා හිතන්න. මේ අලුත් නීතිය සම්මත වුනොත් ඔහුට ඒ දෙය කිරීමේ අවසරය ලැබෙනවා. මේකට විරුද්ධ වෙන්න මට ඉඩක් දෙන්නේ නෑ. මේ නීතිය මගින් ළමා දූෂණ නීතිගත කිරීමක් සිද්ධ වෙනවා.” රායා පවසයි.
දැනට පවතින නීති පද්ධතිය මගින් ඉරාකය තුළ සිය අසල්වැසි සෞදි අරාබියේ මෙන් පුරුෂ භාරකාරත්ව ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත. පුරුෂ භාරකාරත්ව ක්‍රමයේ දී විවාහය වැනි ජීවිතයේ තීරණාත්මක කාරණා සලකා බැලීමේ දී සැමියා, පියා හෝ පුරුෂ භාරකරුගෙන් අවසර ගත යුතුය. පසුගිය සතියේ ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මේ කෙටුම් පත සම්මත වුවහොත් විවාහය, දික්කසාදය, දරුවන්ගේ භාරකාරීත්වය වැනි පවුල් කටයුතු කෙරෙහි වූ අධිකාරී බලය ආගමික බලධාරීන් යටතට වැටෙනු ඇත.
“මේක කාන්තාවන්ට මහා ඛේදවාචකයක්.” නව නීතියට එරෙහිව නැගී සිටි කණ්ඩායම් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කරන රායා ෆායික් පවසයි. මේ කණ්ඩායම තුළ ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ ද සිටිති.
“මගේ සැමියත් පවුලේ අයත් ළමා විවාහවලට විරුද්ධයි. ඒත් හිතන්න මගේ දුව විවාහ වුණාට පස්සේ එයාගේ සැමියාට ඕන වුනොත් මගේ මිනිබිරිය සමග ළමා විවාහයක් කර ගන්න. එතකොට මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද කියලා හිතන්න. මේ අලුත් නීතිය සම්මත වුනොත් ඔහුට ඒ දෙය කිරීමේ අවසරය ලැබෙනවා. මේකට විරුද්ධ වෙන්න මට ඉඩක් දෙන්නේ නෑ. මේ නීතිය මගින් ළමා දූෂණ නීතිගත කිරීමක් සිද්ධ වෙනවා.” රායා පවසයි.
මේ නීතියට විරුද්ධ වන්නන්ට එරෙහිව ද ඉරාකය පුරා උද්ඝෝෂණ පැවැත්වෙනු දැකිය හැකිය. ඔවුන් පවසන්නේ එයට විරුද්ධ වීම මගින් ‘සදාචාරය පිරිහෙන’ බවත් ‘බටහිර රටවල න්‍යාය පත්‍රය අනුව වැඩ කරන’ බවත්ය.
1950 දශකයේ සිට ඉරාකය තුළ කාන්තාවකගේ අවම විවාහ වයස අවුරුදු 18 පත්කොට තිබුණ ද, යුනිසෙෆ් සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ ඉරාකය තුළ කාන්තාවන්ගෙන් 28% ක් අවුරුදු 18 වන්නට පෙරම විවාහ වන බවය.
ෂාරියා නීතියට අනුව නම් ගැහැනු හෝ පිරිමි වේවා විවාහයේ දී කායික වශයෙන් පරිණත තත්ත්වයකට පත්ව තිබිය යුතු බව කියවෙයි. ඉස්ලාම් ආගමේම තවත් අර්ථකථනවලින් පැහැදිලි වන්නේ විවාහ ජීවිතයේ වගකීම් දරන්නට නම් කායික පමණක් නොව මානසික පරිණතභාවය ද තිබිය යුතු බවයි. ඉස්ලාමයේ ප්‍රධාන කොටස් දෙක වන සුන්නි සහ ෂියා කණ්ඩායම් අතර ද මේ සම්බන්ධව පරස්පර මතවාදයක් ඇති බව පෙනේ.
ඉස්ලාම් ආගමිකයන්ගේ අනාගත වක්තෘවරයකු වූ මුහ්ම්මද් අරාබියේ ජීවත් වූ හත්වැනි සියවසේ පැවති සමාජයීය සහ සංස්කෘතික සම්මතයන්ට අනුව ළමා විවාහ වරදක් සේ පෙනුණේ නැත. එම සමයේ ආයු අපේක්ෂණය කෙටි වූ අතර ඉස්ලාම් පමණක් නොව බොහෝ සමාජයන් කුළ ළමා විවාහ සිදු විය. මුහම්මද් සමග අයිෂා විවාහ වූයේ ද නව හැවිරිදි වියේදීය. වර්තමාන ඉස්ලාමීය නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන ළමා විවාහ සාධාරණීකරණය සඳහා ඉදිරිපත් කරන්නේ මේ කාරණයයි. නමුත් පටු මානසිකත්වයකින් සිතන ඉරාක දේශපාලනඥයන්, නීති කෙටුම්පත් කරන්නන්, මුහ්ම්මඩ්ගේ කාලයට වඩා වර්තමානය වෙනස් බව තේරුම් ගන්නේ නැත.
ෂාරියා නීතියට අනුව නම් ගැහැනු හෝ පිරිමි වේවා විවාහයේ දී කායික වශයෙන් පරිණත තත්ත්වයකට පත්ව තිබිය යුතු බව කියවෙයි. ඉස්ලාම් ආගමේම තවත් අර්ථකථනවලින් පැහැදිලි වන්නේ විවාහ ජීවිතයේ වගකීම් දරන්නට නම් කායික පමණක් නොව මානසික පරිණතභාවය ද තිබිය යුතු බවයි. ඉස්ලාමයේ ප්‍රධාන කොටස් දෙක වන සුන්නි සහ ෂියා කණ්ඩායම් අතර ද මේ සම්බන්ධව පරස්පර මතවාදයක් ඇති බව පෙනේ.
2021 වසරේ සිට ඉරාක දේශපාලන පද්ධතිය කෙරෙහි ඉරානය දැඩි සේ බලපෑම් කරන බව පැහැදිලි වෙයි. ඉරාකය තුළ සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය අපරාධයක් ලෙස නීති ගත වූයේ ඉරානයේ බලපෑම මතය.
“2019 වසරේ ඉරාකයේ ඇති වුණු දැවැන්ත තරුණ උද්ඝෝෂණ නිසා ඉරාක දේශපාලඥයන් තේරුම් ගත්තු දෙයක් තමයි සමාජය තුළ කාන්තා භූමිකාව ටිකෙන් ටික ශක්තිමත් වෙමින් පවතින බව. මෙය ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව ඔවුන් තේරුම් ගත්තා. ඉන්පසුව ඔවුන් කාන්තාවන් පාගා දමන්න ගත හැකි සියලු උපක්‍රම පාවිච්චි කරන්න පටන් ගත්තා.” මෙසේ පවසන්නේ ඉරාකය මූලික කරගත් අමාන් කාන්තා සන්ධානයේ සම-ආරම්භක නාදියා මහ්මූඩ්ය.
ඉරාක පාර්ලිමේන්තුවේ සිටින කාන්තා මන්ත්‍රීවරියන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් මේ පනත දෙවැනි වර ඡන්ද විමසීමට දැමීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටියි. නමුත් ඔවුන්ට එරෙහිව දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
“අවාසනාවකට මේ පනතට පක්ෂව කතා කරන පිරිමි මන්ත්‍රීවරුන් අසන්නේ බාල වයස්කාර දැරියක් විවාහ කරගැනීමේ වරද කුමක්ද කියායි. ඔවුන් සිතන්නේ පටු විදියට. ඔවුන් හිතන්නේ නෑ මිනිසුන්ගේ ඉරණම මතයි ඔවුන් වැඩකටයුතු කරන්නේ කියලා.” ඉරාක මන්ත්‍රීවරියක් වූ ආලියා නාසිෆ් පවසයි.
උද්ඝෝෂණයේ නිරත කාන්තාවන් පවසන්නේ මේ නව පනත සම්මත වුවහොත් තමා විඳි දුක්ගැහැටකම්වලට වැඩියෙන් තම දියණිවරුන් වේදනා විඳිය හැකි බවය. “මට එක දියණියක් සිටිනවා. මට වගේ ළමා කාලයේදීම විවාහ වන්නට ඇයට බලපෑම් එල්ලවෙනවාට මම කැමති නෑ.” විවාහය පිණිස අවුරුදු 16 දි පාසල් දිවියට සමුදුන් අසාර් ජසිම් පවසයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක