විදේශගත ශ්‍රමිකයන්ගෙන් පසුගිය මාසයේ ඩොලර් කෝටි 56 ක ප්‍රේෂණ

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

පසුගිය වසරේ ජූලි මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ ජූලි මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 10.3කින් ඉහළ ගොස් තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වැඩ භාරගත් දිනයේ සිට අමාත්‍යාංශයෙන් ඉවත්ව යන තෙක් කාලය තුළදී විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.5කි.

කාලීන පුවත්