ජනාධිපති රනිල්ට එක් වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම කල් දමනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු විනය පියවර නොගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පැවසීය.මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පියවර ගෙන ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා තීරණය කොට තිබේඅදා.මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට අදාළ කටයුතු සඳහා බවත්, පක්ෂය හැරගිය මන්ත්‍රිවරුන්ට විරුද්ධව නිසි වේලාවට විනය පියවර ගෙන ඔවුන් ඉවත් කරන බවද මහ ලේකම්වරයා කීය.නමුත් ශ්‍රී ලංකා පොදු පෙරමුණු ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ප්‍රබල ගැටළු පවතින බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු වන සුනිල් කන්නන්ගර මහතා vinivida.lk වෙබ් අඩවිය මඟින් මුල් වරට අනාවරණය කරන ලදී.

කාලීන පුවත්