විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ.
“අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු. ඉස්සර ඒ මනුස්සයා කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ඇබිත්තයා ලු. අපවත් වුණාට පස්සේ සුගතිගාමී ආත්මයක් ලබන්න පින් මදි වුණු හාමුදුරුවෝ පින් ඉල්ලාගෙනලු ඒ ඇබිත්තයා ළඟට ඇවිත් තියෙන්නේ. දැන් ඒ මනුස්සයා හාමුදුරුවන්ගේ ආරූඪයෙන් සාත්තර කියලා මිනිස්සුන්ට පිහිටවෙලා ඒ පින් හාමුදුරුවන්ට අනුමෝදන් කරවනවලු. මම නම් පෞද්ගලිකව ඔය ආරූඪ වගේදේවල් විශ්වාස කරන්නේ නැහැ. කෝකටත් ගිහින් බැලුවොත් නේද හොඳ?”
දිනක් උන් වහන්සේ අගනුවර සිට වැඩම කළ අලුයමින් කොළඹ කොටුවෙන් පිටත් වූ වාෂ්ප එන්ජිමක් සහිත දුම්රිය එදින බොහෝ වේලාවක් ප්‍රමාද වීම මත “මගේ දානෙ වෙලාව වරදිනවා” යනුවෙන් පවසා එම ස්ථානයේ දී දුම්රියේ අනතුරු සංඥා දම්වැල ඇද දුම්රිය නතර කර ගත් බවක් එහි දී අසන්නට ලැබිණ.පසුව ඒ සම්බන්ධයෙන් උන් වහන්සේ හා දුම්රියේ ගාඩ් වරයා අතර වචන හුවමාරුවක් ඇති වූ බවත් ඉන් පසු උන් වහන්සේ එතැනින් ඉවත් වූ පසුව ද දුම්රියේ සිරවූ තිරිංග යළි බුරුල් නොවූ බවත් මට අසන්නට ලැබුණු එම ප්‍රවාදයයි.
මීට එකොලොස් වසරකට පෙර වසරකට පෙර,එනම් 2013 වසරේ මා වෙත ඒ දැනුම්දීම කළේ එවක ඇහැටුවැව,දිවුල්ගණේ පුරාණ දිඹුලාගල විහාරාධිකාරීව වැඩ සිටි ගල්ගමුව යූ.බී.වන්නිනායක ජාතික පාසලේ හිටපු විදුහල්පති අපවත් වී වදාළ පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් ය.ඒ වන විට මා කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ශිෂ්‍ය රත්නයක් සේම ඥාති පුත්‍රයකු ද වන වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවී කොණ්ඩදෙණියේ හාමුදුරුවන් සම්බන්ධ ප්‍රවාදගත තොරතුරු වල සත්‍ය අතසත්‍යභාවය පිළිබඳව විමසා තිබුණෙමි. එහිදී මට පසක් වූයේ උන්වහන්සේ ගැන මෙතෙක් ලියැවී ඇති කරුණුවලින් වැඩිම කොටස අතිශයෝක්තීන් බවයි. සෙසු කරුණු ද සත්‍යතාව තහවුරු කරගත නොහැකි ප්‍රවාද බව එහිදී තහවුරු විය.කොණ්ඩදෙණියේ හාමුදුරුවන් මන්ත්‍ර බලයෙන් දුම්රියක් නතර කළ ජනාන්නදනීය පුවතට සම්බන්ධ ස්ථානය මහව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව තෙක් වැටී ඇති නැගෙනහිර දුම්රිය මඟෙහි හමුවන පළමු දුම්රිය නැවතුම වන “යාපහුව”දුම්රිය වේදිකාව පිහිටි ස්ථානය බව ජනප්‍රිය මතයයි.එහෙත් ඒ සම්බන්ධ මහව වලස්වැව ප්‍රදේශයේ පැරණි ගැමියන් මා හා කියා ඇත්තේ එම සිදුවීම උතුරු දිග ප්‍රධාන දුම්රිය මාර්ගයේ මහව සන්ධියට මෙපිහිටින් ඇති වත්මන් වලස්වැව දුම්රිය නැවතුම පිහිටි ස්ථානයේ දී සිදු වූවක් බව ය.එමෙන්ම දිනක් උන් වහන්සේ අගනුවර සිට වැඩම කළ අලුයමින් කොළඹ කොටුවෙන් පිටත් වූ වාෂ්ප එන්ජිමක් සහිත දුම්රිය එදින බොහෝ වේලාවක් ප්‍රමාද වීම මත “මගේ දානෙ වෙලාව වරදිනවා” යනුවෙන් පවසා එම ස්ථානයේ දී දුම්රියේ අනතුරු සංඥා දම්වැල ඇද දුම්රිය නතර කර ගත් බවක් එහි දී අසන්නට ලැබිණ.පසුව ඒ සම්බන්ධයෙන් උන් වහන්සේ හා දුම්රියේ ගාඩ් වරයා අතර වචන හුවමාරුවක් ඇති වූ බවත් ඉන් පසු උන් වහන්සේ එතැනින් ඉවත් වූ පසුව ද දුම්රියේ සිරවූ තිරිංග යළි බුරුල් නොවූ බවත් මට අසන්නට ලැබුණු එම ප්‍රවාදයයි.
ඒ කෙසේ හෝ තමන් කොණ්ඩදෙණියේ හාමුදුරුවන් සමීපයේ දිගු කලක් රැඳී සිටි බව පවසමින් ආරූඪ වූ අන්තේවාසිකයා හෙවත් ඇබිත්තයා බණ්ඩා නමැත්තෙකි. ඔහුගේ මේ ආරූඪ වී ශාස්ත්‍ර කීම මොන ජාතියේ වැඩක් දැයි දැනගනු පිණිස ඊට පසු දිනෙක මම පෙරවරුවේ මහව ප්‍රදේශයේ තරමක් පිටිසරබදව පිහිටි ඔහුගේ නිවසට ගියෙමි. කුඹුරු කට්ටියකට මුහුණලා පිහිටි මධ්‍යම ප්‍රමාණයේ නිවසක් වූ එය ඉදිරියට මා යන විට මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ සහ වෑන් රථ විස්සක් පමණ නතරකොට තිබුණි.
මාගේ මාමණ්ඩිය වන නැසීගිය ඩේවිඩ් ජයවර්ධන මහතා ද තරුණ වියේ දී කොණ්ඩදෙණියේ හාමුදුරුවන් දැක කතා බස් කොට තිබූ අයෙකි. ඒ එක් දහස් නවසිය පනහ දශකයේදී කතරගම මහා දේවාලයේ සොලමන් කපු මහතාගේ නිවසේදී ය.කොණ්ඩදෙණියේ හාමුදුරුවන් හා සොලමන් කපු මහතා අතර සුහද ඇසුරක් පැවති බව කී මගේ මාමණ්ඩිය එවක කොණ්ඩදෙණියේ හාමුදුරුවන් දුටුවන්ගේ සිත් වසඟ කරවන මනා ආරෝහ පරිණාහයෙන් යුතු දේහ විලාසයකින් යුතු තරුණ හිමි නමක් බව ද කීය.
ශාස්ත්‍ර ඇසීම පිණිස ඒ වනවිටත් තිහක හතළිහක පමණ පිරිසක් රැස්ව සිටි බැවින් මගේ වාරය එනතෙක් පැය කිහිපයක් බණ්ඩාගේ නිවසේ ආලින්දයේ කල්මරන්නට මට සිදුවිය. එහෙත්, ඒ අතරතුර ඔහු කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආරූඪයෙන් පවසන ශාස්ත්‍ර මට ද ඇසුණි. එසේ ආරූඪ වී කොණ්ඩදෙණියේ හාමුදුරුවන් ලෙසින් ඔහු ‘අමු තිත්ත’ භාෂාවෙන් කතා කරනු මම පටිගත කර ගත්තෙමි.
හැත්තෑව දශකයේ මුල් භාගයේ දිනයෙක කුරුණෑගල මහ රෝහලේ දී අපවත් වන විට කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ වයස අවුරුදු පනස් අටකැයි කියනු ලැබේ.
එහෙත්, උන්වහන්සේ ආරූඪ බවක් පවසමින් අමු ශුද්ධ සිංහලෙන් සාත්තර කියන බණ්ඩා කතා කරනුයේ පසුගිය කාලයේ ගුවන්විදුලි වැඩසටහනක් මගින් අසන්නන් පිනවූ ‘ටාසන් බාප්පාගේ’ වැනි මහලු ලොඹු හඬකිනි.
“මට ඕවා දැන් මතක නෑ කොල්ලෝ. තෝ ආපු කාරණේ කියපිය.”මගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට ආරූඪයට පත් බණ්ඩා කෑගැසීය. රජයේ කම්කරු රැකියාවකින් විශ්‍රාම ගත් බව පැවසෙන බණ්ඩා වයස අවුරුදු හැත්තෑවක් පමණ වන හීන්දෑරි මිනිසෙකි.
“මම නම් ආවේ ඉඩමේ ප්‍රශ්නේ ගැන දැනගන්න. අයිතිකාරයෝ කල් මර මර ඉන්නවා මිසක් මං කියන ගාණට දෙන්නෙම නෑනේ. දැන් මාස අටකුත් වුණා.”
මා ඔහුට කීයේ පට්ටපල් බොරුවකි. එලෙස අලුතින් ඉඩකඩම් මිලට ගැනීම පිණිස වන කිසිදු අවශ්‍යතාවක් තබා යෝග්‍යතාවයක් වත් මා සතුව නැත.
“කොල්ලෝ, දැන් තොට (බිරියක් හෝ පෙම්වතියක පිළිබඳව හැඟවෙන අසභ්‍ය වදනක්) ඉන්නවා නේද? අන්න ඒ ……..ට කියාපිය. ඒකි තොට ඔය වැඩේ යස අපූරුවට කරලා දෙයි. ඒකිට වැඩේ බාරදීලා තෝ පැත්තකට වෙලා හිටු. අනික ඒකි ඔය එක එකා එක්ක (කාම සම්භෝග්‍ය හැඟවෙන අසභ්‍ය වදනකි) එකියෙකුත් නෙවෙයි නේද?”
අනතුරුව බණ්ඩා කීයේ මා දුන් ලණුව ආමාශය තෙක්ම ගිල ගනිමිනි.
“හාමුදුරුවනේ ඔබ වහන්සේට කතරගම දේවාලේ සොලමන් කපු මහත්තයව මතකද?මම ඒ කපු මහත්තයගේ…….”
මගේ වාරය පැමිණි පසු බුලත් කොළ කිහිපයකට මැදි කරගත් මුදල් නෝට්ටු කිහිපයක් ද රැගෙන ශාස්ත්‍ර කියන කාමරයට පිවිසි මම ඇසීමි. මෙහිදී බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවන් ආරූඪ වීම පිළිබඳව යමක් කිව යුතු ය.ඔහු ශාස්ත්‍ර කියන කාමරයේ බිත්තියේ ඇති ඡායාරූප අතරේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ පාට සේදී ගිය රාමු කරන ලද ඩිජිටල් ඡායාරූපයක් ද තිබේ.
ශාස්ත්‍ර ඇසීමට පැමිණෙන තැනැත්තා සමඟ සාමාන්‍ය කරුණු කිහිපයක් කතාකරන බණ්ඩා කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ඡායාරූපයට අත තැබූ සැණින් විදුලි සැරයක් වැදුණු ලෙසින් හාමුදුරුවෝ ආරූඪ වෙයි. ශාස්ත්‍ර අසන්නවුන් ඒ බව තේරුම්ගත යුත්තේ ඔහුට එක්වරම ‘ටාසන් බාප්පා’ගේ හඬ ආරෝපණය වන බැවිනි.
“මට ඕවා දැන් මතක නෑ කොල්ලෝ. තෝ ආපු කාරණේ කියපිය.”මගේ පැනයට පිළිතුරු දෙනු වෙනුවට ආරූඪයට පත් බණ්ඩා කෑගැසීය. රජයේ කම්කරු රැකියාවකින් විශ්‍රාම ගත් බව පැවසෙන බණ්ඩා වයස අවුරුදු හැත්තෑවක් පමණ වන හීන්දෑරි මිනිසෙකි.
“මම නම් ආවේ ඉඩමේ ප්‍රශ්නේ ගැන දැනගන්න. අයිතිකාරයෝ කල් මර මර ඉන්නවා මිසක් මං කියන ගාණට දෙන්නෙම නෑනේ. දැන් මාස අටකුත් වුණා.”
මා ඔහුට කීයේ පට්ටපල් බොරුවකි. එලෙස අලුතින් ඉඩකඩම් මිලට ගැනීම පිණිස වන කිසිදු අවශ්‍යතාවක් තබා යෝග්‍යතාවයක් වත් මා සතුව නැත.
“කොල්ලෝ, දැන් තොට (බිරියක් හෝ පෙම්වතියක පිළිබඳව හැඟවෙන අසභ්‍ය වදනක්) ඉන්නවා නේද? අන්න ඒ ……..ට කියාපිය. ඒකි තොට ඔය වැඩේ යස අපූරුවට කරලා දෙයි. ඒකිට වැඩේ බාරදීලා තෝ පැත්තකට වෙලා හිටු. අනික ඒකි ඔය එක එකා එක්ක (කාම සම්භෝග්‍ය හැඟවෙන අසභ්‍ය වදනකි) එකියෙකුත් නෙවෙයි නේද?”
අනතුරුව බණ්ඩා කීයේ මා දුන් ලණුව ආමාශය තෙක්ම ගිල ගනිමිනි.
“මට ඔය මනුස්සයා ගැන කීපදෙනෙක්ම කියලා තියෙනවා. ඒත් ඔය මනුස්සයා ඔය තරම් බරපතළ විදිහේ දෙයක් කරන බවක් මම දැනගෙන හිටියේ නැහැ. අපි මෙහෙම කරමු.අපේ ලොකු හාමුදුරුවොත් එක්ක බොහොම කිට්ටුවෙන් ආස්සරේ කරපු මාමලා කීප දෙනෙක් තවමත් ඒ ගමේ ඉන්නවා. අපි ඒ අයත් එක්ක එකපාරටම ඔය බණ්ඩා කියන මනුස්සයා සාන්තර කියන තැනට යමු.”
පසුව බණ්ඩාගේ ප්‍රෝඩාව පිළිබඳව මගෙන් තොරතුරු දැනගත් කොණ්ඩදෙණියේ රජමහා විහාරාධිපති ජූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ කීහ. ඒ අනුව කලින් නියම කරගත් එක්තරා දිනයෙක හිමිදිරියේ කිසිවකුටත් නොදැන්වූ අපි නැවත මහව බණ්ඩාගේ නිවසට ගියෙමු.මෙම ගමන සඳහා අනුරුද්ධ හිමියන්, යාපහුව රජමහා විහාරාධිපති හිමියන්,තවත් හිමි නමක්, බණ්ඩාගේ ශාස්ත්‍ර කීම සම්බන්ධයෙන් මා දැනුවත් කළ පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් සේම කොණ්ඩදෙණියේ හාමුදුරුවන් ළඟින් ඇසුරු කළ එම ග්‍රාමයේ වැඩිහිටි කිහිප දෙනෙක් ද එක්වූහ.
“ඔය ශාස්ත්‍ර කියන මහත්තයට පොඩ්ඩක් එළියට එන්න කියන්න. අපි කොණ්ඩදෙණියේ පන්සලෙන්.”අප සමග බණ්ඩාගේ නිවසේ ආලින්දයට පිවිසි අනුරුද්ධ හිමියෝ එහි සිටි අයෙකුට කීහ.
ඒ හිමියන්ගේ ස්වරය ඇසුණු සැණින් එතෙක් නිවසේ ඉදිරිපස කාමරයෙන් නැගෙමින් තිබූ ‘ටාසන් බාප්පා’ගේ ලොඹු කටහඬ නතර වූ අතර කාමරයේ දොර රෙද්ද මෑත් කළ බණ්ඩා හිස කසමින් බයාදු ලෙස අප සිටි තැනට ආවේය.
“ඔබතුමාට අපේ නායක හාමුදුරුවෝ ආරූඪ වෙනවා කියලා දැන් මේ හැමතැනම ප්‍රසිද්ධ වෙලානේ. අපිටත් තියෙනවා අපේ නායක හාමුදුරුවන්ගෙන් දැනගන්න කාරණා කීපයක්. එහෙනම් දැන් අපේ නායක හාමුදුරුවන්ට ආරූඪ වෙමුද බලන්න.”
අනතුරුව අනුරුද්ධ හිමියන් අසන ලද්දේ ශාස්ත්‍ර ඇසීම පිණිස එහි රැස්ව සිටි පිරිසට ද ඇසෙන ලෙසිනි.
“එහෙම මට ඕනේ වෙලාවට ආරූඪ වෙන්න බෑ හාමුදුරුවනේ.”
ඊට පිළිතුරු ලෙසින් බණ්ඩා කීය.එම පිරිස පැමිණීම නිසා බණ්ඩා මහත් අපහසුවට පත් ව ඇති අයුරක් ඔහු ගේ හැසිරීම් වලින් මනාව පිළිබිඹු විය.
“හොඳයි; එහෙනම් මොකද මුන්නැහේ අපේ නායක හාමුදුරුවෝ ආරූඪ වුණාය කියලා අමු තිත්ත කුණුහරුප කියනවා කියන්නේ?”අනතුරුව අනුරුද්ධ හිමියෝ බණ්ඩාගෙන් ඇසූහ.
“අනේ නෑ හාමුදුරුවනේ ඒක නම් පට්ටපල් බොරු.”බණ්ඩා ගත් කටටම කීය.
“මම ඔබතුමා කියපු හැමදෙයක්ම පටිගත කරලා තියෙනවා. ඕනේ නම් දැන් මෙතන හැමෝටම අහන්න සලස්සන්න පුළුවන්.”
මම කීවෙමි.
“එහෙනම් මම නොදැනුවත්ම කියැවෙනවා ඇති. ආරූඪෙ කියන්නේ ඒකටනේ හාමුදුරුවනේ.”
බණ්ඩා කීයේ ඇඟට පතට නොදැනීය.
“හැබැයි අපේ නායක හාමුදුරුවෝ එකම කුණු හරුපයක්වත් කියනවා අපි නම් උපන්තේකට අහලා නෑ.හාමුදුරුවෝ අපිට වුණත් කතා කළේ බොහොම වැදගත් විදිහට”
ඒ සමඟම කොණ්ඩදෙණියේ වියපත් ගැමියන් කිහිපදෙනෙක්ම කියා සිටියහ.පසුව කොණ්ඩදෙණියේ හාමුදුරුවන් සමඟ සමීපව කටයුතු කළ ගැමියන්ට බණ්ඩා හඳුනා ගැනීමට සේම ඔවුන් හඳුනා ගැනීමට බණ්ඩාට නොහැකි වීම මත ඔහු කුඩා කාලයේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන් සමීපයේ සිටි අයෙකු නොවන බව මනාව තහවුරු විණි.එමෙන්ම ඇතැම් ජන මාධ්‍ය වල පසු කලෙක සඳහන් වූ අන්දමට “බණ්ඩා” නමින් විශේෂිත කැප කරුවකු උන් වහන්සේ සමීපයේ නොසිටි බව ද අප හා එහි ගිය කොණ්ඩදෙණියේ වියපත් ගැමියන් කිහිපදෙනෙක්ම කියා සිටියහ.එහි දී ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ එවක ඒ ගම්වල සිටි පිරිමින් ගෙන් වැඩි කොටසක නමේ “බණ්ඩා”යන කොටසක් ද ඇති බවකි.
“හොඳයි, එහෙම නම් ඔබතුමාට ඒ කාලේ කොණ්ඩදෙණියේ පන්සල ළඟ හිටපු බඩ මහත රැපියෙල් මුදලාලි මතකද?අර මේ ඇහැ බාගෙට වැහිලා වගේ තිබුණේ”ඒ අතරේ එම පිරිස අතුරින් ඉදිරියට පැන්න මම බණ්ඩාගෙන් ඇසීමි.
“මොකද මට මතක නැතුව? මට මතකයි.”එතෙක් මානසික පසුබෑමකට පත්ව සිටි බණ්ඩා නව පිබිදුමකට ලක් වූ ලෙසින් කීය.
“හැබැයි එතනත් පොඩි ප්‍රශ්නයක් තියනවා, එහෙම රපියෙල් මුදලාලි කෙනෙක් ගැන මම දන්නේ නැහැ. ඒක මම කටට ආවට හදලා කියපු බොරු නමක්.”
මම කීවෙමි.පසුව මින් මතු කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ නම අවභාවිතා කොට මෙවැනි කපටිකම් නොකරන ලෙසට කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියන් ඇතුළු එහි වැඩම කළ හිමි වරුන් බණ්ඩාට තරයේම අවවාද කරනු දක්නා ලදී.ඒ කෙසේ හෝ ඒ වන විට මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවන් ආරූඪ වන කතාව කොතරම් ජනකාන්ත වී තිබිණි ද යත් බණ්ඩාගෙන් ශාස්ත්‍ර ඇසීමට එන්නවුන් සඳහා මහව දළදාගම හන්දියේ සිට සහනශීලී “පැකේජ් ක්‍රමයට” ත්‍රීවීලර් පවා ධාවනය වූ බවක් ද මට පසුව දැන ගත හැකි විය.
සටහන සහ ඡායාරූප:තිලක් සේනාසිංහ