ජනපතිවරණයේ දී මගේ සහාය කාටවත් නෑ; කැමති කෙනෙකුට සහාය දෙන්න ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පුළුවන්

මෙවර ජනාධිපතිවරණයේ දී තමන් කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දැක්වීම පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා ඇත.ඒ පසුගිය දා අත්තනගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවක් සේම පක්ෂයේ අනුසාශක වරිය බව ද පවසා තිබේ.

කාලීන පුවත්