මෙවර නාමල්ට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟයි

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ රටට සාමය උදාකර දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළද,එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බවකි.”මහින්ද මහත්තයා රට දිනවපු එක එතුමාට ආදරේ කළාට,එහෙමයි කියලා එගොලන්ගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරේ කරන්නේ නෑ.නාමල්ට අභියෝගයක් තියෙනවා නම් තියෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන් එක්ක,ඊට වඩා එක ඡන්දයක් හරි ගන්න කියලා.දැන් තියෙන්නේ තරඟය අපිත් සජබයත් අතර”යැයි ද ඇමති වරයා කීය.

කාලීන පුවත්