මල්වතුඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණයට පියවර

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, මාතලේ හා වව්නියාව වැනි දිස්ත්‍රික්කවල ඇති දුෂ්කර ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවල නිරතවන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ විශේෂයෙන් වැව් බැඳි රාජ්‍යයේ ඇති සුප්‍රකට එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වය ලබා දී තිබේ.

කාලීන පුවත්