නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට නව නීති – ජනපති

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 දා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ මෙරට සියලු ආරක්ෂක අංශ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැනට පවතින පොලිස්, හමුදා සහ සිවිල් ආයතන සියල්ල එකට එක් කර මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ එක් ආයතනයක් ස්ථාපිත කර ඊට අදාළ බලතල පැවරීමට කටයුතු කරන බවයි.

පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළ ජනාධිපතිවරයා නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන මෙරට පාතාල ක්‍රියාවන් මැඩලීම වෙනුවෙන්ද නව නීති හඳුන්වාදෙන බව ද ප්‍රකාශ කරනලදි.

එසේම ජනතාවට නීතිය හා සාමය තහවුරු වූ රටක ජීවත්වීමට ඉඩ සලසා දීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එයද නීතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කරයි.

කාලීන පුවත්