නව වෙනි ජනපතිවරණය දැනටමත් නවතම මාදිලියක ඡන්දයක් බවට පත් වී ඇත.බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟයට පිවිස තිබේ.දැනටමත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිව්දෙනෙක් තරඟ බිමට පිවිස සිටිති.සෙසු අපේක්ෂකයන් තිස් පහකි.ප්‍රධාන සිව්දෙනා කරට කර සටනකට සූදානම් වෙති.පෙර මෙන් සාම්ප්‍රදායික පක්ෂ ද තරඟ බිමේ නැත. ඇතැම් අපේක්ෂකයෝ තරඟ කරන පක්ෂයේ නම නොකියා වෙනත් පක්ෂයක නම කියමින් ඡන්දය ඉල්ලමින් සිටිති.තව සමහරු තම පක්ෂය හංගාගෙන වෙන පක්ෂයක නමෙන් ඡන්දය ඉල්ලති.බොහෝ අපේක්ෂකයන්ට ඡන්දය කුමක්දැයි අමතකවී දෝයි සිතෙන තරමට ජනාධිපතිවරණයෙන් පසු කරන විවිධ දේ කියවති.මීට පෙරත් මගේ ලිපියක සඳහන් කළ පරිදි මේ ඡන්දය පවත්වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නමින් හඳුන්වන රාජ්‍යයට “රාජ්‍ය නායකයෙකු” පත් කර ගන්නට ය.අපේ රටේ ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයාට නිල බලයෙන් ලැබෙන රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා හා සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා යන භූමිකා හතර ද සමඟ පංච මහා භූමිකාවන් ජනාධිපති වරයා වෙත පැවරී තිබේ.නමුත් බොහෝ ජනාධිපති ධුර අපේක්ෂකයින්ට ඒගැන වගේ වගක් නැත.මේ දවස්වල වේදිකා දෙදරවමින් කරන කතාවලින් කියවෙන්නේ තමන් බලයට පත්වූ පසු කරන ක්‍රියාවන් ය.හැබැයි බොහෝ කරනවාය කියන කෙරුවාවල් මේ පංච මහා භූමිකාවන්ට සම්බන්ධ නැත.ලස්සනම වැඩේ එය නොවේ. රටේ බොහෝ දෙනකුට ද ඒ ගැන වගේ වගක් නැති වීම ය.
එක අපේක්ෂකයෙකු මහ ජන රැලියක් අමතමින් කීවේ “හොරු සමඟ ඩීල් නැත” කියා ය.ඒ කියන කෙනාගේ තවත් රැස්වීමක නීති විද්‍යාල විභාගයේ දී කොපි කළායැයි චෝදනා ලැබ විභාග තහනමට භාජනය වූ තමන් බුද්ධිමතෙකු යැයි සිතා සිටින අයෙකු උද්වේගකර කතාවක් පවත්වමින් හොරු පැරදවීමට ඒ අපේක්ෂකයාට ඡන්දය ඉල්ලනු ද දුටුවෙමි.ඉන් අදහස් වෙන්නේ විභාග කොපි කරන අය හොරුන්ට වඩා හොඳ බව විය යුතු බවකි. ගෙවල් හැදිල්ලයි දිළිඳු සහනයයි යළිත් පටන් ගන්නේ සැප්තැම්බර් 21සිට බව ද ඔහු පැවසුවේ මහජන ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ය.ඔය රට පුරා පෙට්ටි ගෙවල් හැදුවේ අදින් අවුරුදු තිස් පහකටත් එහා අතීතයේදී ය.ඒ කාලයේ ගමේ ගෙවල් හදා තුබුණේ ඉලුක් හො පොල් අතු වහලයට සෙවිලි කර බිමට ගොම මැටි ගාගෙන ය. එවන් ගෙවල්වල සිටි අයට උළු සෙවිලි කළ වහලයක් බිමට සිමෙන්ති සහිත යතුරු දමා වැසිය හැකි කාමරයක් ඇති කුඩා වැසිකිලියක් සහිත ගෙයක් හදාගැනීමට ණයක් හා ඉඩමක් ලැබීම මහ මෙරක් ලැබුණා හා සමාන විය.ඒ නිසාම එය එදා විශිෂ්ට ජන හිත කාමී ව්‍යාපෘතියක් විය.පසුගිය කාලයේ ඔය වැඩේම පටන්ගෙන අවුරුදු තිස් පහකට එහා හැදූ අන්දමේ ගෙවල් හැදීම සාර්ථක නොවුණේ අද නිවසක් යනු වහලට උළු හෝ ඇස්බැස්ටෝස් සිවිලිමක් සහිත බිමට පිඟන් ගඩොල් ඇල්ලූ කාමර දෙකක් වත් සහිත එකක් විය යුතු ය. මිනිසුන්ගේ ආකල්පය නිසා ය.එදා පොල් අතු ගෙයින් උළු නිවසට එන්නට මිනිසුන්ට ඕනෑ වුණාට අද මිනිසුන්ට ඕනෑ වන්නේ සිමෙන්ති ගෙදරින් ටයිල් ගෙදරකට යන්න ය.ඉතින් හුන්ඩුවක් බඳු සිමෙන්ති ගෙවල් හැදීමත් දුප්පත්ම පවුල් වලට මාසෙට රුපියල් 15000ක උපරිමයක අස්වැසුම දෙන රටේ රුපියල් 1280 මාසෙකට දුන් දිළිඳු සහනය යළි පටන් ගන්නා බව කියමින් ජනාධිපති ඡන්දය ඉල්ලීමත් විහිළුවක් බව වත් ඒවා කියන අයට තේරෙන්නේ නැත.ඒ අපේක්ෂකයාම රැස්වීම පවත්වන දිස්ත්‍රික්කයට කිසිදා නොලැබුණු සංවර්ධනයක් ලබාදීමට තමන් දිනවන ලෙස ඉල්ලමින් ව්‍යාපෘති ලැයිස්තුවකුත් අධ්‍යාපන සංවර්ධනයේ විෂයන් ලැයිස්තුවකුත් කියවාගෙන යන්නේ කොළඹ පිටකොටුවේ පුද්ගලික බසයට මගීන් පිරවීමට කෑගසන කට සැර කොල්ලෙකු මෙනි.මෙතෙක් තම ජනාධිපති වූ පසු බොහෝ ක්ෂේත්‍ර වල ගැටලු විසඳන්නේ ජනාධිපති කාර්යය සාධක බලකා පත් කිරීමෙන් බව කිය කියා සිටි ඔහු තවත් වරක කීවේ තමන් ජනාධිපති වූ පසු ජනාධිපති කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර ජනතා ප්‍රශ්න විසඳන බව ය.මේ සියල්ල අතර දැන් ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ තමන් ජනාධිපති වූ විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ය.එක්කෝ කලින් කිව්වේ බොරු ය. නැත්නම් දැන් කියන්නේ බොරු ය. එසේත් නැත්නම් මේ දෙකම බොරුය කියා හිතනවා මිස වෙන දෙයක් ජනතාවට සිතිය නොහැක.සමහර විට දැන් කියනදේ තව ටිකකින් අමතක වෙනවා වෙන්නත් පුලුවන.මේවා ඉස්සර බිබිලේ ඡන්ද රැස්වීමක දී සිදුවූයේ යැයි කියවෙන ජනප්‍රිය කතාවක් වූ “බිබිලට වරායක් හදනවා”යැයි ඡන්ද වේදිකාවේ කිව්වේය කියන ජාතියේ කතාන්දර ය.
ආර්ථික අගාධයේ වළ ගැට්ටේ රැඳී සිට යම්තම් අඩි දෙකක් පිටුපසට ගෙන ස්ථාවරත්වයක් හදා ගත් රටකට අවශ්‍ය වන්නේ බලය සඳහා දෙන බොරු පොරොන්දු හෝ සපෝටර්ලාගේ අත්පොලසන් නාදය හා විසිල් හඬ නංවන කයිවාරු නොවේ. කෙලින්ම ආර්ථික සංවර්ධනය උදෙසා සැකසූ ප්‍රායෝගික වැඩ පිළිවෙලකි. රටේ ජාතික ආර්ථිකය පුළුල් කරමින් ජාතික නිෂ්පාදිතයේ සෑහෙන වර්ධනයක් කෙටි කලක දී අත්කරගත හැකි ක්ෂේත්රයන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය වන ආයෝජන දේශීය හා විදේශීය ප්‍රභවයන් ඔස්සේ ලබාගෙන යල් පැන ගිය අක්‍රමවත් අනීතිකව ක්‍රියාත්මක වන දුර්වල රාජ්‍ය ව්‍යුහය නිමා කළ යුතු ය.
තවත් අපේක්ෂකයෙකු ස්ථිර හඬින් කිව්වේ තමන් බලයට ආ පසු මේ පොරපිටිය සුද්ද කරන බව ය.ඒ අන්දමේ සුද්ද කිරීම් ගැන කියන විටම මතක් වෙන්නේ ලෝක ඉතිහාසයේ වාර්තා වෙන හිට්ලර් ජර්මන් අධිරාජ්‍යය සුද්ද කිරීම, ස්ටාලින් ප්රතිගාමීන්ගෙන් සෝවියට්,දේශය සුද්ද කිරීම, පොල්පොට් කාම්බෝජය ප්‍රති විප්ලවවාදීන්ගෙන් සුද්ද කිරීම ආදී දේවල් ය. එසේ වුවද මේ සඳහන් කළේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුකිරීම නතර කරවන බව ය.”අපි ආවහම පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි” කියා එය පැහැදිලි කරනු දුටුවෙමි.ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරු පක්ෂ මාරුකිරීම මුල්ම පාර්ලිමේන්තුවේ සිට අඛණ්ඩවම සිදුවූ දෙයකි.මුල්ම පාර්ලිමේන්තුවේ වේයන්ගොඩ මන්ත්‍රීවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා පැන්නේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ය. දහනායක දිගින් දිගටම අතනට මෙතනට පැන්නේය.රොනී ද මැල් ද ප්‍රින්ස් ගුණසේකර ද පැන්නේය.වාසුදේවත් සමසමාජයෙන් පැන නව සමසමාජ විය. මන්ත්‍රී වරයකු නොවුණත් රෝහණ විජේවීරත් කොමිනිස්ට් පක්ෂයේ පිකිං පිලෙන් කඩාගෙන ගොස් ජවිපෙ තනා ගත්තේය.මේ පැනිලිවලින් ආණ්ඩු වැටුණත් නැතත් මන්ත්‍රීවරුන්ගේ හා පුද්ගලයින්ගේ හෘද සාක්ෂිය අනුව තීරණ ගැනීමේ අයිතියට කවුරුත් බාධාකරන්න අදහස් කළේ නැත. එය ප්රජාතන්ත්රවාදී සමාජයක පුද්ගල හෘද සාක්ෂිය පිළිබඳව වූ නිදහසක් සේ සැලකිණි මේ පැනිල්ල නතර කිරීම සඳහා පැන්නොත් මන්ත්‍රීකම නැතිවන බවට නීති හැදුවේ ජේ ආර් ය. ඒ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. එතෙක් තමන්ගේ නියෝජිතයා ලෙස පුද්ගලයෙකු පත් කරගත් මහ ජනතාවට ඒ වෙනුවට පක්ෂ නායකයෙකුගේ ඇම්බැට්ටයෙකු පත්කර වන ක්‍රමයක් හැදුවේ ජේ ආර් ය.එසේ පත් කළ ඇම්බැට්ටයාට වැඩ කරන්න වෙන්නේ තමන් පත්කළ මහජනයාගේ ඕනෑ එපාකම් වලට අනුව නොවේ. නායකයාගේ හා ඔහුගේ පවුලේ සාමාජික,දැසි දසුන්,බලු බළල් ආදීන් ගේ ඕනෑ එපා කම් අනුව ය. තමන්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව ක්‍රියාකළ ජනතා ඡන්දයෙන් පත් කළ ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායක ජී ඇම් ප්‍රේමචන්ද්‍ර ඇතුලු මන්ත්‍රීවරුන් නව දෙනෙකු පක්ෂයෙන් එලවා දමා මන්ත්‍රීකම අහෝසි කළේ ප්‍රේමදාස ය.දැන් ඒ ප්‍රේමදාස ක්‍රියාත්මක කළ ජේ ආර්ගේ සංකල්පය දැඩිව ක්‍රියාත්මක කරන්න ඇප කැපවන බව පවසන අපෙක්ෂකයා එදා ජේ ආර්ගේ ඒකාධිපති ප්‍රතිපත්ති හා ක්‍රියකාරකම් වලට එරෙහිව ආයුධ අතටගෙන සටන් කර අනූ නවයෙන් පණ බේරාගත් අයෙකු බව ඔහුම පැවසුවේය.අද ජේ ආර් ගේ ඒකාධිපති ප්‍රතිපත්තියේ කොටසක් යළි ක්‍රියාත්මක කරන බව කියන කොට මේ ප්‍රතිපත්තිය ගෙනාවේ ජේ ආර් බව ඔහුට අමතක ය.තවත් පක්ෂයක් කරන විහිළුව වන්නේ තමන්ගේ පක්ෂයෙන් එළියට පනින එකාගේ මන්ත්‍රීකම අහෝසිකර අනුන්ගේ පක්ෂයෙන් තමන් ගේ පැත්තට පනින එකාව ඔඩොක්කුවේ තියා ගෙන ගිවිසුමකුත් අත්සන් කිරීම ය. වරදාන වරප්‍රසාද මිල මුදල් ආර්ථික වාසි තකා පිල් මාරු කිරීම පමණක් නොව තමන් සතු ජනතා බලය විකිණීම හෝ අවභාවිතාවේ යෙදවීම වැලැක්වීම අනිවාර්යයෙන් කළ යුතු ය. එහෙත්, ඒ සඳහා කළ යුත්තේ වේදිකාවල මොරදී “ගැලරිය පිනවීම “නොවේ. සාධක සහිතව අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කිරීම ය ඒ සඳහා වන රාජ්‍ය ව්‍යුහයක් දැන් ප්‍රබල නීතිමය පදනමක් සහිතව සකස් වී ඇත .මේවා ගැන නොදැන පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි කියා ජේ ආර් පන්නයේ කතා පුනරුච්චාරණය කිරීම ද විහිළුවකි.
තවත් අපේක්ෂකයෙකු ලබන අවුරුද්දටත් බලපාන්න මේ අවුරුද්දේ දැන් සිටම දෙන්නට පටන්ගෙන ය. ඒ කියන ඒවා ලබන අවුරුද්දට දෙන්න නම් මට ඡන්දය දෙන්නයයි නොකියා කියන්නේ එහෙම ය. අනාගතයේ දෙන්නේ යැයි කියා පොරොන්දු වුණු ඒවා ගන්නට ඡන්දය දී අපිට සිද්ද වුණු හරිය හොඳටම ප්‍රමාණවත් ය.ඒ නිසා මේ සේරම සම්පප්ප්‍රලාප ලෙස බැහැර කළ යුතුව ඇත.නුතන අව වහරකට අනුව “වැල් බයිලා” කියන්නේ ද මේවාටම ය.
ආර්ථික අගාධයේ වළ ගැට්ටේ රැඳී සිට යම්තම් අඩි දෙකක් පිටුපසට ගෙන ස්ථාවරත්වයක් හදා ගත් රටකට අවශ්‍ය වන්නේ බලය සඳහා දෙන බොරු පොරොන්දු හෝ සපෝටර්ලාගේ අත්පොලසන් නාදය හා විසිල් හඬ නංවන කයිවාරු නොවේ. කෙලින්ම ආර්ථික සංවර්ධනය උදෙසා සැකසූ ප්‍රායෝගික වැඩ පිළිවෙලකි. රටේ ජාතික ආර්ථිකය පුළුල් කරමින් ජාතික නිෂ්පාදිතයේ සෑහෙන වර්ධනයක් කෙටි කලක දී අත්කරගත හැකි ක්ෂේත්රයන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය වන ආයෝජන දේශීය හා විදේශීය ප්‍රභවයන් ඔස්සේ ලබාගෙන යල් පැන ගිය අක්‍රමවත් අනීතිකව ක්‍රියාත්මක වන දුර්වල රාජ්‍ය ව්‍යුහය නිමා කළ යුතු ය.ඒ වෙනුවට පැහැදිලි නීතිමය පදනමක් ඔස්සේ ක්‍රියාත්මක වන සරල, කාර්යක්ෂම, විනිවිද පෙනෙන වගකීම් සහිත මනා රාජ්‍ය ව්‍යුහයක් ස්තාපිත කර රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම අනිවාර්ය වශයෙන් කළ යුතු ය.ඒ සමඟම රැකීරක්ෂා සම්පාදනයත් අපනයන ප්‍රවර්ධනය කරමින් විදේශ ආදායම වර්ධනය කර ගැනීමත් ඉලක්ක කරගත් ප්‍රායෝගික සැලැස්මක් ජනාධිපතිවරණ වේදිකා මතින් ඉදිරිපත් කළ යුතු බව බොහෝ ජනාධිපති අපේක්ෂකයින් තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ.තමන් පෙන්වන සැලසුමට මුදල් හොයා ගන්නේ කෙසේද? යන්නත් පැහැදිලි කිරීම අනිවාර්ය වේ.බොහෝ දේශපාලකයන් බලය රැගෙන රාජ්‍ය භාණ්ඩාගාරයේ හෝ අරමුදල්වල ඇති මුදල් ටික තමන්ගේ හිතේ ඇති ව්‍යාපෘති වලට වියදම් කර කාබාසිනියා කරනු අපගේ අත්දැකීම ය. ඒනිසා නිසි සැලැස්මකට අනුකූල වැඩපිළිවෙලක් සහිත අපේක්ෂකයෙකු වීම අනිවාර්යය බව ජනතාව තේරුම් ගත යුතුය. මේ කිසිවක් නැති අපේක්ෂකයන් කරන්නේ වේදිකා මත තමන්ගේ පම්පෝරිය කියවීමත් රට උඩු යටිකුරු කරමින් මහා පරිවර්තනයක් රටේ සිදු කරන බවට බොරු බලාපොරොත්තු මිනිසුන්ගේ සිත්වලට ඇතුලු කිරීමත් පමණි.ජනතාව උනන්දු වියයුත්තේ තමන් කරන්න යනදේ ගැන පැහැදිලි නිරවුල් විග්‍රහයක් කරන අපේක්ෂකයන් කෙරෙහි සැලකිල්ලක් දැක්වීමට ය.
අපේ රටේ පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදය රට පාලනය කළදේශ පාලකයින්ගේ වරදින් පමණක් සිදුවූවක් නොවේ. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ ජනතාව දැරූ ආකල්පයන් හා ඒ මත වූ ක්‍රියාකාරිත්වයත් මේ සඳහා සෑහෙන දුරකට බලපා ඇත. නිදහසෙන් පසු 1977දක්වා රට කළ අණ්ඩු උත්සාහ කළේ ප්‍රධාන වශයෙන්ම රට ආහාරයෙන් සවයංපෝෂිත කිරීමට ය. ගල්ඔය ව්‍යාපාරයේ සිට ආරම්භ කෙරුණු වාරිමාර්ග සංවර්ධනය හා වී වගාවේ ප්‍රවර්ධනය සදහා කෙරුණු ආයෝජන ඒ අතර ප්‍රධාන වූයේ ඒ නිසා ය.දේශීය කර්මාන්ත සංවර්ධනය හා සේවා සැපයුම එවක පැවති ගෝලීය ආර්ථික ප්රවණතා අනුව රාජ්‍ය මැදිහත්වීම මත සිදු කළ යුතු බවට වූ ප්‍රතිපත්තින් මත රාජ්‍ය ව්‍යවසායන් හා ජනසතු කිරීම් මගින් රාජ්‍ය වගකීමක් බවට පත් කිරීමත් අධ්‍යාපනය ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම සඳහා ස්වභාෂා අධ්‍යපන ප්‍රතිපත්තිය හා පාසැල් හා විශ්ව විද්‍යල අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් බවට පත්කිරීමත් ඒ යුගයේ සිදු කෙරිණ. 1977දී ජේ ආර් මේ ස්වයංපෝෂිත ආර්ථිකයකට යන ගමන් මඟ වෙනස් කළේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදුන්වා දෙමිනි.සරලව කිවහොත් එය ගෙදර උයාගෙන කෑම හා කඩෙන් කෑම වැනි දෙයකි.
රට ගොඩ ගන්න නම් අදායම් නොසොයා ණයට භුක්ති විඳි දේ වෙනුවට අදායම ඉහළ නැංවීම අවශ්‍ය බවත් රටක් කරවන රජයක් ආදායම් උපයන්නේ තම පුරවැසියන්ගේ ඉපයීම් වලින් බවත් ජනතාව තේරුම් ගත යුතු ය.රටේ මහජන අවශ්‍යතා සම්පාදනය තිරසාර අන්දමින් සෑලසුම් සහගතව තම ඉපයීම්වලින් පියවිය හැකි මට්ටමට සිදු කිරීම මිස වෙස්සන්තර ක්‍රමයට දන් දීමෙන් කළ නොහැකි බව පාලකයින් තේරුම් ගත යුතු ය.රජය ආදායම් සඳහා බදු වැඩි කරද්දී පෙලපාලි ගොස් විරුද්ධ වූ අය බලය ගත් පසු ඔය කියන ඒවා කරන්න ආදායම් හොයන්නේ කොහොමදැයි අසන්නේ නැත. ඇතැම් විට හොරකම් කරපුවා අරගෙන මුදල් හොයන බව ද කියනු දැක ඇත. හොරු හොරකම් කරපුවා පොදි බැඳගෙන ඒවා ආපසු දෙන්නට මේ අයට බලය ලැබෙන කම් පෝලිම් ගැසී නැත.හොරකම් කරපුවා අමාරුවෙන් හොයා ගත්තත් එය ආපසු ගන්නට දිගු කලක් ගත වේ.එතෙක් ජනතාව ජීවත් කරවන්නේ කොහොමදැයි මේ අය හිතන්නේවත් නැත.
විවෘත ආර්ථිකයත් සමග ධනය ඉපයීම ප්රමුඛ අවශ්‍යතාව බවට පත්වීමත් ධනය ඉපයීම සඳහා සුවහසක් මාර්ග විවෘත වීමත් කවර මාර්ගයකින් ඉපයුවත් ධනය සමාජ බල නියාමනයේ සංකේතය ලෙස සැලකීම සිදු කෙරිණි.ඒ අනුව විවිධාකාර මාර්ගවලින් ධනය ඒකරාශී කරගත් පිරිස් මෙන්ම විවිධ ධනෝපායන මාර්ග බිහිවීමත් සමඟ ජනතාව අතර ද මුදල් ගැවසීම් වැඩිවිය.මේ මුදල් ගැවසීම වැඩිවීමත් සමඟ නිවාස ඉදිකිරීම ඇතුලු විවිධ යටිතල පහසුකම් සංවර්ධනයන් හා සේවා සැපයුම් ද වර්ධනය වී රටේ මධ්‍යම පන්තියේ පැහැදිලි පුළුල් වීමක් සිදුවිය.මේ මධ්‍යම පන්තිය පුළුල් වීමත් සමග විදුලිය, ජලය, මාර්ග දුරකතන පහසුකම්, අධ්‍යාපන පහසුකම් සෞඛ්‍ය පහසුකම් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවිය.මේ ඉල්ලුමට සරිලන පහසුකම් සැපයීම සිදුකෙරුණේ මුලුමනින්ම විදේශ ණය මගිනි.ඒ අතරම පැරණි ක්‍රමවේදය යටතේ පැවති සුබ සාධන රාජ්‍ය සංකල්පය යටතේ දිළින්ඳන් සඳහා සහන, ඉන්ධන සඳහා සහන, විදුලි ගාස්තු සඳහා සහන, කෘෂිකාර්මික කටයුතු සෞඛ්‍ය, අධ්‍යාපනය ආදිය සඳහා රාජ්‍ය අයවැයෙන් සැපයෙන සහන ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිදුවිය.සෑම අය වැයක් අවසානයේම රාජ්‍ය පක්ෂපාතී පුවත් පත් “පොඩි මිනිහාට සහන රැසක්” යන ආකර්ශනීය හෙඩිම යටතේ මුල් පිටුවේම මෙය පළ කිරීම ද සාමාන්‍ය දෙයක් විය විවෘත අර්ථිකයත් සමග රට තුළ ඇතිවූ අභ්‍යන්තර කැරලි මර්දනය සඳහා රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් වැය කිරීමටත් සිදු වීම මේ කාලය තුළ රට මුහුණ දුන් අතුරු ආබාධයකි.මේ සියල්ල පියවා ගත්තේ ණය වලිනි.ජනතාව රාජ්‍ය ආදායම ඉහළ නංවන බදු වැඩිකිරීම් වලට විරුද්ධ ය.රැකියා සැපයීමේ ප්‍රධාන මාර්ගය වුයේ රාජ්‍ය අංශයයි.”ආණ්ඩුවේ රස්සාවක්”යන්නම එක්තරා වැදගත් කමකින් යුතු වූවක් අතර අවාහ විවාහ වලට පවා ඉන් අතිශය සාධනීය බලපෑමක් එල්ල කරන්නක් විය.රජයේ රැකියාවලට බඳවා ගත්තේ තොග ගණනිනි.1998 සිට 2019දක්වාම සියලුම උපාධිධාරීන් රාජ්‍ය සේවයේ රැකියාවලට ඇතුල් කරන ලෙසට උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ මත ජාතික ශ්‍රම අවශ්‍යතා පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් බඳවා ගෙන වැටුප් ගෙවීමටත් සිදු විය.එසේ රාජ්‍ය රැකියා වලට බඳවා ගැනීම නතර කළ ආණ්ඩුව වසර දෙකකින් ගෙදර යැව්වේ ජනතාව ය.ඉන් පාඩමක් ඉගෙනගත් පසුව ආ ආණ්ඩු කලට වෙලාවට සියලු උපාධිධාරීන් රාජ්‍ය සේවයට ඇතුලු කර වැටුප් ගෙවීමට ප්‍රවේසම් විය.අවසානයේ ලක්ෂ පහක් තිබූ රාජ්‍ය සේවය ලක්ෂ පහලොවක් කළේ ඔය උපාධිධාරීන්ට රජයේ රස්සා දෙනු කියා උද්ඝෝෂණ සංවිධානය වාමාංශික දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් හා බලයේ සිටි ආණ්ඩු ය.මේ සියල්ල සඳහා මුදල් සොය ගත්තේ ද ණය වලිනි.ණය ගෙවන්න ආදායම් හොයන්නේ කොහොමදැයි ජනතාව සැලකුවේ නැත.විවිධ දේශපාලන පක්ෂවල නායකත්වයෙන් රස්සා දෙනු, විදුලිය දෙනු, පාර හදනු, වතුර දෙනු, ආදී උද්ඝෝෂණ කළේ ජනතාව ය.ඒවා නොකළොත් ඡන්දය නැත කිව්වේ ද ජනතාවම ය.ආණ්ඩු කළ අය ද ණයට සල්ලි ගෙනැවිත් මිනිසුන් ඉල්ලූ දේ ලබා දී තමනුත් “ෂේප් එකේ” අත යටින් ගාණක් කපා ගත්හ. අන්තිමට ණය කන්ද ලොකු වෙද්දී ආදායම කුඩා වෙද්දී ණය ස්ථාවර නැති බව ට අනතුරු ඇඟවිණි.එයත් නොතකා බදු අඩු කර ණය ගත නොහැකි රටක් බවට ජ්‍යාත්‍යන්තර වර්ගීකරණය ලබා ගන්නා ලදී.අන්තිමේ ණය හිර වී රට වැටුණි.මේ රට වැටීමට වගකිව යුත්තේ පාලකයින් පමණක් නොවේ. ඔය ඉහතින් විස්තර කළ කවුරුත් ඊට දායක වූහ.
අසීරුවෙන් උපයන රාජ්‍ය ධනය මහජන ප්‍රසාදය ලබා ගැනීම සඳහා සුබ සාධනය සඳහා බෙදා දීමෙන් රටත් ජනතාවත් අනතුරේ හෙලන බව බලය අපේක්ෂා කරන අය තේරුම්ගත යුතු ය.එම නිසා වේදිකාවේ බලය ගැනීමට අලි දෙන්නම් කොටි දෙන්නම් කියන මුලු ආසියාවටම අපේ රටෙන් කිරි පැණි දෙන්නම් කරිවිල කරිය,හා පොලොස් ඇඹුල රට යවලා විදේශ විනිමය දෙගුණ කරන්නම් අපි ආවොත් කණපිට හරවන්නම් ආදී වශයෙන් කියන පූච්චානම් කාරයින්ගෙන්ද ජනතාව ප්‍රවේසම් විය යුතු ය.අප එසේ පවසනුයේ මෙවර රැවටුනොත් ඉතුරුවන්නේ ජාතිය වැටුණු වලට උඩින් පස් දැමීම පමණක් බව ද ජනතාව වටහා ගතයුතු ය.
රට ගොඩ ගන්න නම් අදායම් නොසොයා ණයට භුක්ති විඳි දේ වෙනුවට අදායම ඉහළ නැංවීම අවශ්‍ය බවත් රටක් කරවන රජයක් ආදායම් උපයන්නේ තම පුරවැසියන්ගේ ඉපයීම් වලින් බවත් ජනතාව තේරුම් ගත යුතු ය.රටේ මහජන අවශ්‍යතා සම්පාදනය තිරසාර අන්දමින් සෑලසුම් සහගතව තම ඉපයීම්වලින් පියවිය හැකි මට්ටමට සිදු කිරීම මිස වෙස්සන්තර ක්‍රමයට දන් දීමෙන් කළ නොහැකි බව පාලකයින් තේරුම් ගත යුතු ය.රජය ආදායම් සඳහා බදු වැඩි කරද්දී පෙලපාලි ගොස් විරුද්ධ වූ අය බලය ගත් පසු ඔය කියන ඒවා කරන්න ආදායම් හොයන්නේ කොහොමදැයි අසන්නේ නැත. ඇතැම් විට හොරකම් කරපුවා අරගෙන මුදල් හොයන බව ද කියනු දැක ඇත. හොරු හොරකම් කරපුවා පොදි බැඳගෙන ඒවා ආපසු දෙන්නට මේ අයට බලය ලැබෙන කම් පෝලිම් ගැසී නැත.හොරකම් කරපුවා අමාරුවෙන් හොයා ගත්තත් එය ආපසු ගන්නට දිගු කලක් ගත වේ.එතෙක් ජනතාව ජීවත් කරවන්නේ කොහොමදැයි මේ අය හිතන්නේවත් නැත. අසීරුවෙන් උපයන රාජ්‍ය ධනය මහජන ප්‍රසාදය ලබා ගැනීම සඳහා සුබ සාධනය සඳහා බෙදා දීමෙන් රටත් ජනතාවත් අනතුරේ හෙලන බව බලය අපේක්ෂා කරන අය තේරුම්ගත යුතු ය.එම නිසා වේදිකාවේ බලය ගැනීමට අලි දෙන්නම් කොටි දෙන්නම් කියන මුලු ආසියාවටම අපේ රටෙන් කිරි පැණි දෙන්නම් කරිවිල කරිය,හා පොලොස් ඇඹුල රට යවලා විදේශ විනිමය දෙගුණ කරන්නම් අපි ආවොත් කණපිට හරවන්නම් ආදී වශයෙන් කියන පූච්චානම් කාරයින්ගෙන්ද ජනතාව ප්‍රවේසම් විය යුතු ය. මෙවර රැවටුනොත් ඉතුරුවන්නේ ජාතිය වැටුණු වලට උඩින් පස් දැමීම පමණක් බව ද ජනතාව වටහා ගතයුතු ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති