පළාත් පාලන ඡන්ද ලෙඩේ සුව කරන්නම බැරිද ? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මැතිවරණ කොමිසම හා මුදල් අමත්‍යවරයා ලෙස ජනාධිපති වරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.ඒ අනුව 2023 පලාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියමයක් ද කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටක නියම කාලයට මැතිවරණ පැවැත්වීම ඒවායේ ජනතාව සතු අයිතියකි.එසේ නොවන අවස්ථා ගණනාවක් ප්‍රජාතන්ත්‍රවාදී අප භුක්ති විඳ ඇත්තෙමු.මුලින්ම නියමිත මැතිවරණයක් අපට අහිමිවුණේ 1982 වසරේ ය.ඒ එම වසරට නියමිතව තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයයි.ඒ වෙනුවට අපිට ලැබුණේ “ලාම්පු කළගෙඩි සෙල්ලම” ලෙස අද ද හඳුන්වන ජනමත විචාරණයකි.ඒ වන විට ජනාධිපතිවරණය පැරදී බලාපොරොත්තු සුන්ව ගිය තරුණ විශ්ව විද්‍යාල සිසුන් වූ අප ලාම්පුව පරදවා කළගෙඩිය දිනවීමට සපථ කළේ බොරලැස්ගමුවේ රත්තනපිටියේ ගුණරත්න අයියාගේ දර මඩුවේදී ය.ඒ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා අසහාය නායකයා වූ රෝහණ විජේවීරයන් ඉදිරියේදී ය.ඔහු එදා අපට පැවසුවේ “සහෝදරවරු මේ ජනමත විචාරණය පරද්දන්න ගිහින් වැඩ කරන්න.එහෙම නැතිවුණොත් අපේ පක්ෂයට නීත්‍යානුකූල තත්වයක් යටතේ කරන්න වෙන අවසාන මැතිවරණය තමයි මේ ‘”කියා ය.ඒ අනුව අපි ගම්වලට ගොස් කණ්ඩායම් හදාගෙන කඳු පල්ලම් තරණය කරමින් ගෙයින් ගෙට පියනඟමින් මහජනතාවගෙන් ඡන්ද අයිතිය අහිමිකර ගන්නට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටියෙමු.අපේ අම්මා සහ අක්කා විස්සක් විසිපහක් වූ අපේ කණ්ඩායමේ කුසගිනි නිවීමට උදේ සහ රාත්‍රි බත් උයා දුන්නා ය. තාත්තාත් අයියාත් තාත්තා එවකට වැඩ නිම නොවී තිබුණු නිවසේ සාලයේ ගෙබිම මාගල් දෙකක් දමා කොට්ට අඩුපාඩුවට ගෝනි නවා නිදි පහසුකම් සැපයූහ. අපේ ගෙදර මා හැර අන් අය දේශපාලනය කළ අය නොවේ නමුත් ඔවුන් කවුරුත් පොදුවේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට විරුද්ධව සිටි නිසා ඒ කටයුතු සිදු කළේ ඉමහත් උද්‍යෝගයෙනි. රෝහණ විජේවීරයන් අපට පැවසූ අනාවැකිය ටක්කෙටම හරිගියේ ය.ඒ ජනමත විචාරණය දිනාගෙන ජේ ආර් හයෙන් පහක පාර්ලිමේන්තුව වසර හයකින් දිගු කරගෙන ජනතා විමුක්ති පෙරමුණත් තහනම් කර දැමූ නිසා ය.යළිත් කිසිදා ඒ ජවිපෙවත් විජේවීරයන්වත් මට හමුවුණේ නැත. ඔය ජනමත විචාරණය ඡන්දයක නමින් කළ මංකොල්ලයකි. ඒ ගැන ඕනෑ තරම් රටේ මිනිස්සු දන්නා නිසා වැඩිදුර ලිවීම අනවශ්‍ය ය.

1980 සංවර්ධන සභා 1982, ජනාධිපතිවරණ හා ජනමත විචාරණවල දී උද්‍යෝගීමත් ඡන්දපොල නියෝජිතයෙකු ලෙස ඡන්ද වැඩ ගැන මනා පලපුරුද්දක් ඇතිව සිටි මට මේ මැතිවරණයට සහකාර තේරීම් භාර නිලධාරියෙකු ලෙස අම්පාරේ සිට පැමිණෙන නිලධාරීන් සමඟ සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතේ වාහන පෙලපාලියකින් මොනරාගලට පැමිණෙන්නට සිදු විය.ඒ අතරමඟ සියඹලාණ්ඩුව හන්දියේ වාහන පෝලිම නතර කරගෙන පොතුවිල් සිට පැමිණීමට නියමිත නිලධාරි කණ්ඩායම එනතුරු බලාසිටියදී කොල්ලෙකු අප ඉදිරියෙන් පාර මාරු වෙන ගමන් පැවසුවේ “පලයව් පලයව් රෑට දෙන්නම් ජම්බු” කියාය.ඒත්, ඔහු ගේ ඒ “ජම්බු කතාව” අපට අනියමින් කළ මරණ තර්ජනයක් බව අපට පහසුවෙන් වැටහිණි. මොනරාගල දී අපේ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන යවා අප එදින රාත්‍රිය ගත කළේ අලෙවි දෙපාර්තමේන්තු වෙළඳ සළේය. පසුදා උදේ වනවිට දස`තින් වාර්තා වුණේ ඡන්ද විමසීමට එරෙහි සන්නද්ධ ප්‍රහාර ගැන ය.ඒ අනුව අපට රෑ හම්බු නොවූ “ජම්බු”දවාලේ හෝ ලැබෙතැයි යන බිය අපේ හදවත් පුරා නැඟෙන්නට විය.

ඊළඟට අපට ඡන්දයක් ලැබුණේ ජනමත විචාරණයෙන් වසර පහක් ගතවුණු 1987 දීය .ඒ 1987සම්මත කළ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පැවැත්වූ පලාත් සභා ඡන්ද විමසීම් ය.රාජ්‍ය නිලධාරියෙකු ලෙස මගේ මුල්ම මැතිවරණය වූයේ ඌව පලාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පැවැත්වූ පලාත් සභා මැතිවරණයයි.ඊට පෙර 1980 සංවර්ධන සභා 1982, ජනාධිපතිවරණ හා ජනමත විචාරණවල දී උද්‍යෝගීමත් ඡන්දපොල නියෝජිතයෙකු ලෙස ඡන්ද වැඩ ගැන මනා පලපුරුද්දක් ඇතිව සිටි මට මේ මැතිවරණයට සහකාර තේරීම් භාර නිලධාරියෙකු ලෙස අම්පාරේ සිට පැමිණෙන නිලධාරීන් සමඟ සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතේ වාහන පෙලපාලියකින් මොනරාගලට පැමිණෙන්නට සිදු විය.ඒ අතරමඟ සියඹලාණ්ඩුව හන්දියේ වාහන පෝලිම නතර කරගෙන පොතුවිල් සිට පැමිණීමට නියමිත නිලධාරි කණ්ඩායම එනතුරු බලාසිටියදී කොල්ලෙකු අප ඉදිරියෙන් පාර මාරු වෙන ගමන් පැවසුවේ “පලයව් පලයව් රෑට දෙන්නම් ජම්බු” කියාය.ඒත්, ඔහු ගේ ඒ “ජම්බු කතාව” අපට අනියමින් කළ මරණ තර්ජනයක් බව අපට පහසුවෙන් වැටහිණි. මොනරාගල දී අපේ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන යවා අප එදින රාත්‍රිය ගත කළේ අලෙවි දෙපාර්තමේන්තු වෙළඳ සළේය. පසුදා උදේ වනවිට දස`තින් වාර්තා වුණේ ඡන්ද විමසීමට එරෙහි සන්නද්ධ ප්‍රහාර ගැන ය.ඒ අනුව අපට රෑ හම්බු නොවූ “ජම්බු”දවාලේ හෝ ලැබෙතැයි යන බිය අපේ හදවත් පුරා නැඟෙන්නට විය.එදා ජනමත විචාරණය පැරදවීමට පත්‍රිකා ප්‍රකාශන අත දරා ගෙටින්ගෙට ගිය අප සමඟ සිටි සහෝදරවරුන් මෙදා පලාත් සභා ඡන්දය නැති කිරීමට ආයුධ සන්නද්ධව ජීවිත පරිත්‍යාගයෙන් කැපවී සිටියෝය.අප එම ඡන්ද විමසීම අවසන් කර කච්චේරියට පැමිණි පසු කන්ද උඩ පංගුව ඡන්ද මධ්‍යස්ථා අනුයුක්තව සිටි මා සමඟ අම්පාරෙන් පැමිණි ලිපිකරු මහතකු කීවේ “මොනව කරන්නද? සර් පුංචි කාලෙන් පස්සෙ වැඩිම දුරක් දණ ගෑවෙ ඊයෙ රෑ තමයි’ කියා ය.ඔහු සිටි ඡන්ද මධ්‍යස්නථායට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබුණි.නො එසේ නම් අපට නැතත් ඔවුනට “ජම්බු” ලැබී තිබිණ.නමුත් ඔහු ඇතුලු කාර්ය මණ්ඩලය අනූනමයෙන් පණ බේරාගෙන තිබුණි.

පලාත් සභා ඡන්ද ගොන්නේ උතුරු නැගෙනහිර පලාත් සභා ඡන්දය පැවැත්වුණේ ද අමුතුම අන්දමට ය.”ඡන්ද රාජකාරි වල යෙදීමේ වරදට දඩුවම මරණය” බව පැමිණීමේ ලේඛනයේම අමුණා තිබූ දැන්වීමක සටහන් විය.එසේ වුවත් ඒ දැන්වීම ඔසවා ඊට යටින් අත්සන් කර අප අම්පාරේ හාඩි ආයතනයට ගියේ ඡන්ද පොල කාර්ය මණ්ඩල පිටත් කරන්නට ය.දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිතුමා සේවයට ආවේ නැත. යුද හමුදා මේජර් කෙනෙක් ප්‍රධාන සහකාර තේරීම්භාර නිලධාරි ලෙස පත්කර තිබුණි.නමුත් අප මිත්‍ර එවක බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර අපේ සහායට සිය පිරිවර සමග පැමිණ සිටියේ ය. සහකාර මැතිවරණ කොමසාරිස් නිශ්ශංක සමඟ සිටි එකම සහකාර තේරීම්භාර නිලධාරියා මාය.මගේ අංශයේ සේවය කළ සංස්කෘතික නිලධාරින් තිදෙනා ලිපිකරු මට්ටමේ නිලධාරින් කීපදෙනා සමඟ අපි ඡන්දපොල වලට අවශ්‍ය භාණ්ඩ නිකුත් කිරීම ඇරඹුවත් ඒවා ගෙනියන්න කවුරුත්ම ආවේ නැත.ඒ සිවිල් නිල්ධාරීන් ඡන්ද රාජකාරි වලට සේම තම රැකියාවලට වඩා ජීවිතය වටින බව තීරණය කර තිබුණු නිසා ය. අවසානයේ මින්නේරිය හමුදා කඳවුරෙන් ගුවනින් ගෙන ආ යුද හමුදාවේ ක්ෂණික විහිදුම් බලකායේ භටයින් හාරසීයක් පමණ ඡන්ද පෙට්ටි පත්‍රිකා තුවක්කු බෝම්බ හා වියලි ආහාර පැකැට් ද සමග ඡන්ද විමසීමට පිටත්ව ගියේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති පත්වීමක් ද සමඟ ය.ඒ ඡන්දයේ ඡන්ද මධ්‍යස්ථාන වල ඒක පුද්ගල ඡන්ද කාර්ය මණ්ඩලය වුණේ ක්ෂණික විහිදුම් බලකායේ භටයින්‍ ය.ඒ භටයින් තමන් කටයුතු කළ ඡන්ද මධ්‍යස්ථාන වල රාජකාරි ඉතාම පිළිවෙලට රූලට කර තිබුණත් ජනතාව ඡන්දය දමන්නට ආවේ නැත.ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියා අනුන්ගේ ඡන්ද දමන්නට ආ දේශපාලන ගැත්‍තන්ට ගිනි අවි එල්ලකර පලවා හරින්නට තරම් ඒ යුද භටයින් ප්‍රජාතන්ත්‍රාවාදී වූ බවත් ඔවුන්ට ගෞරවයක් ලෙස සඳහන් කළයුතු ය.ඒ ඡන්දය අහවර කර අම්පාරෙන් මන්ත්‍රී කෙනෙක්ද උතුරු නැගෙනහිර පලාත් සභාවට යැව්වේ ඔහොම ය.

ඊට පස්සේ තිබුණේ ප්‍රාදේශීය සභා ඡන්දය ය.ඒකට නාමයෝජනා ගත්තා පමණය නාම යෝජනා දුන්නත් දඩුවම මරණය විය.ඒ නිසා නාම යෝජනා දෙන්නට අපේක්ෂකයින් ගෙන් අත්සන් ගත්තේ සන්නද්ධ හමුදාව හෝ පොලිසිය යොදාගෙන ය.පසුව නාමයෝජනා අත්සන් කළ සමහරෙක් ගෙදර ඉදිරිපිට ඉල්ලා අස් වූ බවට දැන්වීම් දමා පණ බේරා ගත්තෝය.ඒ ඡන්දය තිබ්බේ නැත.එක් පක්ෂයක් විසින් පොලිසිය යොදවා බලෙන් නාම යෝජනාවට අත්සන් ගනු ලැබූ අපේ මිත්‍රයෙකු ගේ හේනේ පැලට ඒ දිනවල කවුදෝ ගිනි තැබීය.ඒ නිසා ඔහුට ඉන්පසුව 1997දී පමණ දේශපාලන පලිගැනීමට ගෙවූ වන්දි මුදල වන ලක්ෂ පහක් ලබා ගැනීමට අවස්ථා ලැබුණු පසු එතෙක් පොලිසියට සාපකරමින් සිටි ඔහු පොලිසියට පින් දුන්නේ මගේ ඉදිරියෙදීම ය.

නිතරඟෙන් පත්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභාව පැත්ත පලාතේ ආවේ නැත.ඒ ආවොත් පිළිගැනීමට මල් මාලා වෙනුවට පළිගැනීමට වෙඩි උණ්ඩ මාලා එන බව දැන සිටි නිසා ය. නාමයෝජනා ගත්තත් ඒ ඡන්දය පැවැත්වූයේ නැත.එය සදහටම අතුරුදහන්ව ගිය ඡන්දයකි.ඊට පසුව එළඹියේ ජනාධිපතිවරණයයි. එහිදී ඡන්දය දාන්න එන පලමු පස්දෙනාට තෑගි ලෙස වෙඩි පහර ලැබෙන බව ප්‍රසිද්ධ කොට තිබිණ.ඡන්දය දාන අයගේ අතපය කැපීමටත් වෙනම කට්ටිය සිටියහ. ඒ කාලයේ අපේ රටේ සැලකීම ලැබුණේ ඔහොම ය.නමුත් මේවා කළ අයට ඒවාට කියන්නට සාධාරණ හේතු අදටත් තිබේ.ඒවා කිතුල්ගහේ තණකොල කපන්න ගිය ජාතියේ ඒවා වුණාට ඔවුන්ට කමක් නැත.

ඔය අතරේ කරුමෙට නිතරඟෙන් පත්වූ අයත් සිටියහ. නිතරඟෙන් පත්වූ ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභාව පැත්ත පලාතේ ආවේ නැත.ඒ ආවොත් පිළිගැනීමට මල් මාලා වෙනුවට පළිගැනීමට වෙඩි උණ්ඩ මාලා එන බව දැන සිටි නිසා ය. නාමයෝජනා ගත්තත් ඒ ඡන්දය පැවැත්වූයේ නැත.එය සදහටම අතුරුදහන්ව ගිය ඡන්දයකි.ඊට පසුව එළඹියේ ජනාධිපතිවරණයයි. එහිදී ඡන්දය දාන්න එන පලමු පස්දෙනාට තෑගි ලෙස වෙඩි පහර ලැබෙන බව ප්‍රසිද්ධ කොට තිබිණ.ඡන්දය දාන අයගේ අතපය කැපීමටත් වෙනම කට්ටිය සිටියහ. ඒ කාලයේ අපේ රටේ සැලකීම ලැබුණේ ඔහොම ය.නමුත් මේවා කළ අයට ඒවාට කියන්නට සාධාරණ හේතු අදටත් තිබේ.ඒවා කිතුල්ගහේ තණකොල කපන්න ගිය ජාතියේ ඒවා වුණාට ඔවුන්ට කමක් නැත.

අන්තිමේදී සෑහෙන කාලෙකට පස්සේ නියමිත දවසට ඡන්දය නැතිවුණේ පලාත් සභාවලට ය.ඒකට පාර්ලිමේන්තුවේ කවුරුත් එකතු වී ඡන්දය දී කරපු වැඩක් නිසා ඒක ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් ලෙස කවුරුවත් දකින්නේ නැත ඊළඟට නියමිත වෙලාවට නැතිවුණේ පහුගිය පාර්ලිමේන්තු ඡන්දයයි.ඒකට නාමයෝජනා භාරගත් කොමිසම ඡන්දය කල් දැම්මේ කොවිඩ් ඇති බව කියමිනි.ඒ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදීද? නැතිද? නීත්‍යානුකූලද? කියා කවුරුත් ඇහුවේ නැත්තේ කොවිඩ් වලට පරාණ බය තිබුණු නිසා ය.ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ඒ ඡන්දය කල්දැම්මේ දින නියමයකින් තොරව ය.හැබැයි එහෙම කරන්නට නීතියෙන් කිසිම ඉඩක් තිබුනේ ඇත.නීතියේ කියා ඇත්තේ වෙනත් දිනයක් නියම කරන්න හැකිය කියා ය. වෙනත් දිනයක් වෙනුවට දින නියමයක් නැතුව කල්දැම්මේ කොහොමදැයි ඒ කොමිසමේ හිටි අයගෙන් අද වත් කවුරුත් අහන්නේ ද නැත.ඇහුවත් ඒකට උත්තරයක් හොයාගන්නට ඔවුන්ට හැකිය. ඒ වුණාට ඒ අය නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ කැප වූ අය බව පෙන්වමින් තවම සමාජ කරලියේ රඟති.ඒ වගේම මේවා අධිකරණයට ගෙන යන්න තරම් සාමාන්‍ය මිනිස්සුන්ට හයියක් නැත. ඒ නිසා “නෙලා ගන්න බෑ මගේ අත් දිග නෑ.ඒත් අනේ තව මල් පිපියන්” කිය කියා හූල්ලමින්කල්ගෙවීමට හුදී ජනයාට සිදුව ඇත.උසාවියට ගිය අයත් ගියේ ඡන්දෙ කල්ගිය නිසා යළි පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලා මිස දින නියමයක් නැතිව පාර්ලිමේන්තු ඡන්දය කල්දැම්මාට එරෙහි ව නොවේ.ඒ නඩුව උසාවිය භාරගත්තේ නැත. ඒ කල් දැමූ ඡන්දයට දින නියම කර එදාටත් ඡන්දය නොපවත්වා යළිත් කල්දමා නීතියටත් කෝචොක් කර අවසානයේ ඡන්දය පැවැත්වුණේ 2020අගෝස්තු පස්වෙනිදා ය.ඒ ඡන්දය කල්දැමූ හැටිත් දින නියම කළ හැටිත් අමුම අමු නීති විරෝධී ය.ඒ වුණාට ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් කොමිසමට එරෙහිව කවුරුත් ප්‍රශ්න කළේ නැත.කොමිසම කිවූ පරිද්දෙන් සුවසේ ගෙදර ගියෝ ය.ඊළඟ කොමිසමට තිබුණු එකම ඡන්දය පලාත් පාලන ඡන්දය ය.ඒකට කාලෙ ආවම තව අවුරුද්දක් ඇමතිගේ බලයෙන් කල් දාන කම් කොමිසම බකං නිලාගෙන හිටියේ ය.තව අවුරුද්කින් ඡන්දෙ එන බව කොමිසම දැන සිටියේය. ඊට මාස හයකට මෙහා ඉඳන් ඡන්දය පැවැත්වීමට ඉඩ ලැබෙන බවත් දැන සිටියේ ය.ඒ අතරම රටේ ආර්ථික අර්බුදයක් උග්‍රව තිබෙන බවත් තොත්ත බබාලා නොවන ඔවුහු දැන සිටියහ.මෙබඳු ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක ජාතික මට්ටමේ මැතිවරණයක් ලෙස මේ මැතිවරණය කළ නොහැකි බව මොවුන්ට තේරුම් ගියේ නැත.එසේ තේරුම් ගියා නම් ප්‍රාදේශීයව පැවැත්විය යුතු පලාත්පාලන මැතිවරණය කොටස් තුනකට හෝ හතරකට කඩා අවස්‍ථා තුනක් හෝ හතරක දී 2022වසර අගභාගයේ හා 2023,වසර මුලදී පැවැත්විය හැකිව තිබුණි.එසේ වුණා නම් ඔය එකවර විශාල මුදලක් යෙදවීමට භාණ්ඩාගාරයට සිදුවන්නේ නැත.ඒ වෙනුවට වාර හතරක දී මාස හත අටක් තුළ මැතිවරණය පවත්වා අවසන් කළ හැකිව තිබුණි.ඒසඳහා අවශ්‍ය සැලසුම රජයට ඉදිරිපත් කළ යුතු වුණේ මැතිවරණ කොමිසමයි.ඒ කිසිවක් නොකර නිද්‍රාශීලිව සිට බිත්තියටම හේත්තු වූ පසු ජාතික මැතිවරණයක් ලෙස රටපුරා එකවර පලාත් පාලන මැතිවරණය පවත්වන්න ගොස් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බැටේ දුන්නේ එවක මැතිවරණ කොමිසමයි.ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උසාවි ගානේ ගිය දේශපාලන පක්ෂත් පලාත් පාලන මැතිවරණය පවතින තත්වය මත කොටස් ලෙස පවත්වා ජනතාවගේ අයිතිය අරගෙන දෙන්න වැඩ කළේ නැත.අඩුම ගණනේ එහෙම යෝජනාවක් වත් පාර්ලිමේන්තුවට ගෙන එන්න ඔවුන්ට ඕනෑ කමක් තිබුණේ ද නැත.නිරීක්ෂණ සංවිධානවලටත් ඒවා ගැන යෝජනා කිරීමට හැකියාව තිබුණි. වැඩේ කරන ක්‍රමයක් එකතුවී හොයනවාට වඩා වැඩේ නොකළ බවට ආඩපාලි කියා වාසියක් ගැනීම අපේ රටේ පහසු ය.ඒ නිසා ඔව්හු අන්තිමේදී පෝලිම් ගැසී උසාවියට ගොස් පලාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට අගතියක් කළේ යැයි නඩු කීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙයියන්ට ඇඳීම කරති. දැන් හැකි ඉක්මනින් පලාත් පාලන ඡන්දය පවත්වන්නට අධිකරණයෙන් නියමයක් ද කෙරී ඇත.අධිකරණ නියමය අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය ය.නමුත් එසේ ක්‍රියා කිරීමට ඇති යම්යම් නීතිමය බාධක ද නිරීක්ෂණය වේ.

දැන් මේ නාමයෝජනා අවුරුදු එකහමාරකටත්වඩා පරණය;ඒ නිසා ඒවා කල් ඉකුත් වී ඇති බවක් පෙනෙයි.ඒ අපේක්ෂකයන් තවදුරටත් ඒ පක්ෂ හා කණ්ඩායම් සමග රැඳී ඇතිදැයි නොදනිති.ප්‍රධානම කරුණ මේ පළාත් පාලන මැතිවරණය කල්දමා ඇති එකක් නොවීම ය.ඒ මැතිවරණයට සිදුවුණේ නියමිත දින මැතිවරණය නොපැවැත්වීම පමණි.වෙනත් දිනයක් දුන්නත් එදත් මැතිවරණය පැවැත්වුණේ නැත.අඩුම ගාණේ නියම කල දිනට මැතිවරණය පැවැත්වෙන බවට නීතියට අනුව නිකුත් කළ යුතු ගැසට් නිවේදනයවත් නිවැරදිව නිකුත්කර තිබුණේ නැත.එයත් කර තිබුණේ බාගෙට ය.එසේ නොපැවැත්වූ මැතිවරණයකට දිනයක් නියම කිරීමට නිතියෙන් බලයක් මැතිවරණ කොමිසමට දී නැත. නීතිය බල්ලට දමා අර පාර්ලිමේන්තු මැතිවරණය කළ ක්‍රමයට දිනයක් දාගන්න නම් පුලුවන.එවිට තවත් ප්‍රශ්නයක් මතු වේ .ඒ නීතියට අනුව මේ පලාත් පාලන මැතිවරණයට ඡන්දය පාවිච්චි කළ හැක්කේ එදා පලාත් පාලන ඡන්දය කැඳවන විට ලියාපදිංචිව සිටි ඡන්ද දායකයින්ට පමණක් වීමයි.එවිට අළුතින් ලියාපදිංචි වූ ලක්ෂ පහ හයක ඡන්ද පලාත් පාලන මැතිවරණයට භාවිතා කිරීමට ඉඩ නොලැබේ.ඒවාට ඉඩ දෙන්න නම් යළිත් නීතියට පිටින් වැඩ කිරීමටත් කොමිසමට සිදුවේ.ඒ රටේ නීතිය නොතකා වැඩ කිරිමේ වාර්තාව හරිම අපූරුවට පලමු හා දෙවනි කොමිසම් වලින් දැනටමත් තබා ඇති නිසා මේ තුන්වැනි කොමිසමටත් ඒ වැඩේ අවශ්‍ය නම් කළ හැකි ය.පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලන පක්ෂවලට අවශ්‍ය ය නම් පලාත්පාලන මැතිවරණ පණතට සංශෝධනයක් ගෙනැවිත් මේ නිශ්ක්‍රිය නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයොර්ජනා කැඳවා පලත්පාලන මැතිවරණය පවත්වන්නට හැකිවන ලෙස නෛතික ඉඩ හදාදෙන්නට බැරි නැත.එහෙත්, අවුරුදු තිහක මිනීමරණ යුද්ධයේදීත් එක පැය භාගයක් තුළ වෙරළබඩ ජීවත්වූ අහිංසකයින් තිස් හයදාහකට වඩා මියගිය මහා සුනාමියේදීත් රටේ ආර්ථිකය බිඳ වැටී, විදුලිය නැතිව, ගෑස් නැතිව, ඉන්ධන නැතුව කන්න නැතිව බෙහෙත් නැතුව ජීවත්වෙන්න විදියක් නැතුව මහමඟට ජනතාව වැටී සිටියදීත් එකතුවී වැඩ කරන්න බැරි වූ අපේ දේශපාලකයින්ගෙන් නම් එබඳු දේ අපේක්ෂා කළ නොහැකිය.එහෙම විපතේදී එකතු වෙන්න බැරි වුණාට මේ තියෙන ජනාධිපති පොරයෙන් මොකා දිනුවත් විළි ලැජ්ජාවක් නැතුව කවුරුත් එකතුවී එකට වැඩ කරමු යැයි කියා අනුන්ට ආරාධනා කරන බව නම් ෂුවර්ය ය.ඒ ආරාධනාවටත් මොකෙක්වත් නොඑන බව ඊටත් වඩා ෂුවර්ය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර