ජාජබ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය”පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”එළි දකී

ජාතික ජන බලවේගය විසින් තම ඉදිරි පාලනය කාලයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩ පිළිවෙල ඇතුළත් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී පැවති උත්සවයකදී එළිදක්වන ලදී.ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර,නවීන ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙන් උත්සවය ආරම්භ කෙරිණ.අනතුරුව උත්සව සභාවට පැමිණි පිරිස පිළිගැනීමට සහ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සභාව දැනුවත් කළාය.ඉන් අනතුරුව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුවෙන් මහා සංඝරත්නයට සහ පූජක පක්ෂයට පිළිගන්වන ලදී.මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 230කින් සමන්විත වේ.

කාලීන පුවත්