පාස්පෝට් තදබදය නිමයි

පසුගිය දින කිහිපය තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ තිබූ තදබදය අද (30) වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව වාර්තා වේ.මේ වන විට කිසිදු තදබදයකින් තොරව ජනතාවට විදෙස් ගමන් බලපත්‍රය අද ලබාගැනීමට හැකි බව පැවසෙයි. දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීම මෙම තදබදයට හේතු විය.කෙසේ වෙතත් දිනකට විදෙස් ගමන් බලපත් දහසක් නිකුත් කිරීමට බලධාරීන් පෙරේදා පියවර ගත් අතර දින කිහිපයක් තිස්සේ පෝලිම්වල රැඳී සිටි ජනතාවට අස්වැසිල්ලක් වෙමින් පැමිණීමේ පිළිවෙලට ටෝකන් ලබාදීම සිදුකිරීමට පොලීසිය එදින කටයුතු කොට තිබිණ.

කාලීන පුවත්