වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳවත්, ඖෂධ මිලදී ගැනීම පිළිබඳවත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වන මුත් ප්‍රමිතියෙන් අඩු ඖෂධ කිසිවක් රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (30) පැවසුවේය.”ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජයෙන් කිසිදු ඉඩක් නැහැ. කිසිදු බියකින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙන ඖෂධ ආරක්ෂිතව භාවිත කළ හැකියි.සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනීමක් සිදු කරන්නේ නැහැ. ගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් ලබා ගැනීමට කටයුතු කරන්නේ නැහැ”යැයි ද ඇමැතිවරයා කීය.