වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 36,552ක් වාර්තා වී තිබේ.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,120ක්.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බව එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
ඒ අනුව ලබන 02 වැනිදා සිට 04 වැනිදා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.