කහවත්තේ නිවෙස් වලට නිරුවතින් එන තැනැත්තෙක්

කහවත්ත වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්‍රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් ඇතුළු වූ පුද්ගලයකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වෙයි.පසුගිය දිනයෙක නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි ද ඒ අවස්ථාව දී ඇයගේ දරුවෙකු අවුත් සොරාට පහර දෙන විට නිරුවතින් සිටි සොරා පළා ගොස් ඇතැයි ද කහවත්ත පොලිසියට පැමිණිලි ලැබී තිබේ.සතියක කාලයක සිට සිදුවෙන මෙම සිදුවීම් ගැන කහවත්ත පොලිසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කාලීන පුවත්