ආදි වාසීන්ට වනයට වලංගු විශේෂ හැඳුනුම් පතක්

ශ්‍රී ලාංකේය ආදි වාසීන් වන වැදි ප්‍රජාවට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.වැදි ජනයාට සිය පාරම්පරික උරුමය අනුව යමින් වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත් වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම උදෙසා මෙම පියවර ගෙන ඇත.වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට.දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් හිමිවීමට නියමිත ය.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට ප්‍රතිචාර වශයෙනි.ආදිවාසී නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්