භාවිතා කරන ලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇද්දැයි කිසිවකුටත් ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය.කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සහ ඔවුන් විසින් මෙහෙයවන සමාජ මාධ්‍ය කණ්ඩායම් තමන්ට තැපැල් ඡන්දයේදී වැඩි වාසියක් ඇතැයි කරන ප්‍රකාශ මැතිවරණ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි බවත්, මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිතය 90%කට වඩා වැඩි බවය. කිසිදු මැතිවරණ නීති කඩකිරීමක් වාර්තා නොවූ බවත් ඒ මහතා කීය.