රටම අඳුරට යා හැකි බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති

තම වෘත්තීය ඉල්ලීම් වලට රජය තව දුරටත් සවන් නොදීම මත දැනට විදුලි බලාගාරවල සේවා මුර ක්‍රමයට සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි. දැනට පවතින තත්වය එලෙසම පැවතිය හොත් තම සංගමය ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පියවරෙන් පියවරට දැඩි කරන අතර අවසානයේ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා කියයි.ඒ අනුව ඉදිරියේ දී විදුලිය බිඳ වැටීම් බහුල විය හැකි බව පෙන්වා දෙන සභාපති වරයා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ද අවධාරණය කරයි.

කාලීන පුවත්