බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් ගැන අලුත් ආරංචියක්

ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් විශේෂ කාරණයක් නිසා මේ දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. මෙය සිනමාවට අදාළ කාරණයක් නම් නොවෙයි.

දීපිකා මේ දවස්වල සිටින්නේ මවක වීමට සූදානම් වෙමින්. ඇය ගැබ් ගෙන සිටින බව දීපිකාත්, ඇයගේ සැමියා රන්වීරුත් මුලින්ම ප්‍රකාශයට පත් කළේ පසුගිය පෙබරවාරි මාසයේ යි. මේ දිනවල සංසරණය වන පුවතකින් පැවසෙන්නේ ලබන 28 වැනි දින ඇයට දරුවා ලැබෙන්නට නියමිත බව යි. සැප්තැම්බර් මාසයේ දරු ප්‍රසූතිය සිදුවනු ඇති බව පැවසුණත් නිශ්චිත දිනයක් ගැන මෙයට පෙර ප්‍රකාශ වුණේ නැහැ. ජනප්‍රිය නළු රන්බීර් කපූර් ගේ උපන් දිනය යෙදී ඇත්තේත් සැප්තැම්බර් 28 වැනි දිනට යි.

දීපිකා දරු ප්‍රසූතිය සඳහා දකුණු මුම්බායි හි රෝහලකට ඇතුළත් වීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවර රෝහලක දී දරු ප්‍රසූතිය සිදුවනු ඇති බවට මුලින් ආරංචි පැතිරුණත් එහි සත්‍යයක් නැති බවයි පෙනෙන්නේ.

දීපිකා සහ රන්වීර් සිය දරුවා සමග ජීවිතයේ මෙම අලුත් පරිච්ඡේදය ආරම්භ කිරීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බවත් සඳහන්. මෙයට මාස කිහිපයකට පෙර දීපිකා රංගන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. මේ වනවිට ඇය සිටින්නේ මාතෘ නිවාඩු ලබාගෙන යි. ලබන වසරේ මාර්තු වනතෙක් ඇය අලුත් චිත්‍රපටවල රඟ නොපානු ඇති බවත් පැවසෙනවා. ඇය එලෙස මාතෘ නිවාඩු ගනිද්දී රන්වීර් ද මේ වසර පුරාම පීතෘ නිවාඩු ගනිමින් සිය බිරිඳ සහ දරුවා සමග කාලය ගත කිරීමට තීරණය කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.

දීපිකා සහ රන්වීර් සිය දරුවා සමග ජීවිතයේ මෙම අලුත් පරිච්ඡේදය ආරම්භ කිරීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බවත් සඳහන්. මෙයට මාස කිහිපයකට පෙර දීපිකා රංගන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. මේ වනවිට ඇය සිටින්නේ මාතෘ නිවාඩු ලබාගෙන යි. ලබන වසරේ මාර්තු වනතෙක් ඇය අලුත් චිත්‍රපටවල රඟ නොපානු ඇති බවත් පැවසෙනවා. ඇය එලෙස මාතෘ නිවාඩු ගනිද්දී රන්වීර් ද මේ වසර පුරාම පීතෘ නිවාඩු ගනිමින් සිය බිරිඳ සහ දරුවා සමග කාලය ගත කිරීමට තීරණය කර ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා.

දීපිකා සහ රන්වීර් පසුගිය දිනවල විශේෂ ඡායාරූප පෙලකට පෙනී සිට තිබෙනුත් දැකිය හැකි වුණා. දීපිකා ඉදිරියට නෙරා ආ උදරයෙන් යුතුව පෙනී සිටින මෙම ඡායාරූප ඉතා කලාත්මක ආකාරයෙන් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබුණා. මෙම බොහෝ ඡායාරූප කළු සුදු ආකාරයෙනුයි නිමවා තිබුණේ. බොලිවුඩයේ ඔවුන්ගේ හිත මිතුරන් බොහෝ දෙනෙකු මෙම ඡායාරූප අගය කරමින් කමෙන්ටු පළ කර තිබෙනු ද දැකිය හැකි වුණා.

දරුවා ලැබීමෙන් පසු මේ තිදෙනා අලුත් නිවසක පදිංචියට යනු ඇති බවටත් කතාවක් තිබෙනවා. එම නිවස සුපිරි නිවසක් බවයි ඒ ගැන පළවෙන තොරතුරුවලින් පෙනෙන්නේ. මෙම නිවස සඳහා ඔවුන් ගෙවා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 100 ක් බව සඳහන්. එය ලංකා රුපියල් කෝටි 360 කට ආසන්න මුදලක්. නිවස ඇතුළත වර්ග ප්‍රමාණය වර්ග අඩි 11,200 ක් පමණ වන බවත් පැවසෙනවා.

දීපිකා- රන්වීර් දෙදෙනාගේ මේ අලුත් නිවස පිහිටා තිබෙන්නේ මුම්බායි හි බටහිර දිශාවේ පිහිටි බන්ද්‍රා බෑන්ඩ්ස්ටෑන්ඩ් නැමැති ප්‍රදේශයේ මුහුද ආසන්නයේ සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක යි. එහි තට්ටු 4 ක් පුරා මෙම විසල් නිවස පැතිර තිබෙනවාලු ! ඒ 16-17-18-19 යන තට්ටුවල යි. වෙනම නිවාස ලෙස වුව ද භාවිත කළ හැකි ඒකක හතරකින් එය සමන්විත බවත් සඳහන්.

මේ වනවිට 38 වැනි වියෙහි පසුවන දීපිකා සහ 39 හැවිරිදි රන්වීර් සිය පළමු දරුවා ලබන්නට යන්නේ විවාහයෙන් වසර 6 කට පසුව යි. ඔවුන් විවාහ වූයේ 2018 වසරේ යි. මේ දෙදෙනා පෙම්වතුන් බවට පත් වූයේ සංජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කළ Goliyon Ki Rasleela: Ram-Leela චිත්‍රපටයේ වැඩ කරමින් සිටි කාලයේ යි. 2013 වසරේ තමයි මෙම සිනමාපටය තිරගත වුණේ. එයින් පසුවත් ඔවුන් චිත්‍රපට කිහිපයක එකට රඟපෑවා. බජිරාඕ මස්තානි, Finding Fanny, 83, Cirkus ඔවුන් රඟ පෑ තවත් චිත්‍රපට කිහිපයක්.

දැනට ඔවුන් දෙදෙනා වාසය කරන්නේ මුම්බායි හි ප්‍රභාදේවි නැමැති ප්‍රදේශයේ පිහිටා ඇති තට්ටු නිවාස සංකීර්ණයක නිවසක යි. එය මහල් 33 ක ගොඩනැගිල්ලක්. මෙහි 26 වැනි මහලේ යි ඔවුන්ගේ වත්මන් නිවස පිහිටා තිබෙන්නේ. දීපිකා සහ ඇයගේ පියා ප්‍රකාශ් පාදුකෝන් එක්ව මෙම නිවස මිල දී ගත්තේ 2010 වසරේ යි. ඒ වනවිට දීපිකා සහ රන්වීර් විවාහ වී සිටියේ නැහැ. මෙය මිල දී ගෙන තිබුණේ ඉන්දියානු රුපියල් කෝටි 16 කට බව සඳහන් වෙනවා. නමුත් අද එහි වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 42 ක් (ලංකා රුපියල් කෝටි 150 ක්) පමණ වන බවයි පැවසෙන්නේ. නිදන කාමර හතරකින්, විසිත්ත කාමරයකින් සහ මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස වර්ග අඩි 2,700 ක පමණ එකක්. දීපිකා ගේ සහ රන්වීර් ගේ සුඛෝපභෝගී මෝටර් රථ එකතුව සඳහා වෙනම රථගාල් තුනක් ද මෙහි ඇති බව පැවසෙනවා.

මේ වනවිට 38 වැනි වියෙහි පසුවන දීපිකා සහ 39 හැවිරිදි රන්වීර් සිය පළමු දරුවා ලබන්නට යන්නේ විවාහයෙන් වසර 6 කට පසුව යි. ඔවුන් විවාහ වූයේ 2018 වසරේ යි. මේ දෙදෙනා පෙම්වතුන් බවට පත් වූයේ සංජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කළ Goliyon Ki Rasleela: Ram-Leela චිත්‍රපටයේ වැඩ කරමින් සිටි කාලයේ යි. 2013 වසරේ තමයි මෙම සිනමාපටය තිරගත වුණේ. එයින් පසුවත් ඔවුන් චිත්‍රපට කිහිපයක එකට රඟපෑවා. බජිරාඕ මස්තානි, Finding Fanny, 83, Cirkus ඔවුන් රඟ පෑ තවත් චිත්‍රපට කිහිපයක්. ලබන නොවැම්බර් මාසයේ තිරගත වීමට නියමිත ීසබටය්ප ්ට්සබ චිත්‍රපටයෙනුත් දීපිකා සහ රන්වීර් ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා. එය අජේ දේව්ගන්, ආක්ෂේ කුමාර්, කරීනා කපූර්, ටයිගර් ෂ්රොෆ් වැනි ජනප්‍රියම නළු නිළියන් රැසක් රඟපාන සිනමාපටයක්.

නිහාල් පීරිස්

රසගඟුල