මැතිවරණවලදී අවම වශයෙන් 40%කවත් කාන්තා නියෝජනයක් ලබාදිය යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.ඒ කාන්තාවන් සඳහා සියයට විසිපහක කෝටාවක් ලබා ගැනීම සඳහා වන කොළඹ දී පැවැති සමුළුවක දීය.මේ රටේ කාන්තාව පාර්ලිමේන්තුව මෙන්ම අනෙකුත් ආයතනවල නියෝජනයන් වෙනුවෙන් දීර්ඝ කාලය සිට ඉල්ලීම් සිදුකළ ද ඒ සදහා නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බව ද ඒ මහත්මිය පෙන්වා දුන්නා ය.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු නගරාධිපති රෝසි සේනානායක යන මහත්ම මහත්මින් ඇතුලු නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.