හෙළ රජ දරුවන් අතර වට්ටගාමිණී අභය හෙවත් වැඩි දෙනෙක් දන්නා අන්දමට කිවහොත් වළගම්බා රජුට හිමි වන්නේ මුල් තැනක්. රජකමට පත් වී මාස පහකින් අනුරාධපුර රාජධානියට එල්ල වූ සොලී ආක්‍රමණය හමුවේ රාජධානියෙන් පසුබසින වලගම්බා රජතුමා තමන්ගේ නොපසුබස්නා වීර්යය නිසා වසර දාහතරකට පසු දෙවනවර යළි අනුරාධපුරය අත්පත් කර ගෙන හෙළ දැය සහ බුදු සසුන නඟා සිටුවීමට ගත් උත්සාහය මල්පල ගැන්වෙනවා.ඒ නිසාම අද වන විටත් ‘වළගම්බා’ නාමය හෙළ රජවරුන්ගේ නාමාවලියේ ඉහළම තලයක වැජඹෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මේ සටහන ආරම්භයේදීම කිව යුත්තේ මේ වලගම්බා රජුගේ අසූ කෝටියේ නිධානයේ කතාව හුදෙක් ජන ප්‍රවාදයක් මිස කිසිම ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාක්ෂියක් මගින් තහවුරු වූවක් නොවන බවයි.අප එසේ කියන්නේ වර්තමානයේ ධන තෘෂ්ණාවෙන් පීඩිත වූ සමහරුන් මේ වගේ ප්‍රවාද ගත හෝඩුවාවන් පස්සේ පවා ලුහු බඳින හින්දයි.
ගම්පහ, කිරිඳිවැල මාර්ගයේ දික්කන්ද හන්දියෙන් ඌරාපොළ දෙසට හැරී කිලෝමීටර් දෙකක පමණ දුරක් ගිය පසු පෙට්ටගම් කන්ද ඉසිසර තපෝවනයට පිවිසෙන්න පුළුවන්. ඉහත සඳහන් ජනප්රවාදයට මුල්වන පෙට්ටගම් කන්ද සහ අසාමාන්‍ය හැඩයකින් යුත් ගල් පෙට්ටගම දැකිය හැක්කේ එම භූමි භාගයේ දීයි. මේ පෙට්ටගම් කන්දට පිවිසෙන මාර්ගය පර්වතාශ්රිතව පිහිටි එකක්. එහි මුදුන සුවිසල් ගල් තලාවකින් යුතු අතර වළගම්බා රජුගේ අසූ කෝටියේ ධන නිධානය තැන්පත් කොට ඇති බවට ජනප්රවාදයේ සඳහන් ගල් පෙට්ටගම පිහිටියේ ඒ ගල්තලාව මතයි.
නමුත් අද අපි මේ කතා කරන්න යන්නේ ඒ වලගම්බා රජතුමාගේ ජාතික ශාසනික සේවය ගැන නෙවෙයි.වසර දාහතරක් සැඟව සිටි අවදියේ එතුමා සතු අසූ කෙළක හෙවත් අසූ කෝටියක ධනය සඟවා තිබූ බවට ජන ප්‍රවාදයේ පවතින අපූරු තැනක් පිළිබඳවයි.
නමුත් මේ සටහන ආරම්භයේදීම කිව යුත්තේ මේ වලගම්බා රජුගේ අසූ කෝටියේ නිධානයේ කතාව හුදෙක් ජන ප්‍රවාදයක් මිස කිසිම ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාක්ෂියක් මගින් තහවුරු වූවක් නොවන බවයි.අප එසේ කියන්නේ වර්තමානයේ ධන තෘෂ්ණාවෙන් පීඩිත වූ සමහරුන් මේ වගේ ප්‍රවාද ගත හෝඩුවාවන් පස්සේ පවා ලුහු බඳින හින්දයි.
ගම්පහ, කිරිඳිවැල මාර්ගයේ දික්කන්ද හන්දියෙන් ඌරාපොළ දෙසට හැරී කිලෝමීටර් දෙකක පමණ දුරක් ගිය පසු පෙට්ටගම් කන්ද ඉසිසර තපෝවනයට පිවිසෙන්න පුළුවන්. ඉහත සඳහන් ජනප්රවාදයට මුල්වන පෙට්ටගම් කන්ද සහ අසාමාන්‍ය හැඩයකින් යුත් ගල් පෙට්ටගම දැකිය හැක්කේ එම භූමි භාගයේ දීයි. මේ පෙට්ටගම් කන්දට පිවිසෙන මාර්ගය පර්වතාශ්රිතව පිහිටි එකක්. එහි මුදුන සුවිසල් ගල් තලාවකින් යුතු අතර වළගම්බා රජුගේ අසූ කෝටියේ ධන නිධානය තැන්පත් කොට ඇති බවට ජනප්රවාදයේ සඳහන් ගල් පෙට්ටගම පිහිටියේ ඒ ගල්තලාව මතයි. මේ ගල් පෙට්ටගම බැලූ බැල්මට අමුතු පිහිටීමක්. එය ඒ ගල්තලාව මත පිහිටා ඇත්තේ ඉතා අසාමාන්‍ය ආකාරයකට.
එනම් දකින ඕනෑම කෙනෙකුට එය කොයි මොහොතේ හෝ පහතට පෙරලී යනු ඇතැයි සිතෙන ස්වරූපයකට.ඒ වගේම ඒ ගල් පෙට්ටගම සහ එය පිහිටි ගල්තලාව අතරේ ලොකු සම්බන්ධයකුත් නැහැ. එනිසාම තමයි එය කවුරුන් හෝ කෘත්‍රිමව රැඳවූ එකක් ලෙස බැලූ බැල්මට කාටවුව හැඟී යන්නේ. අපට හැඟෙන අන්දමට ඒ ගල් පෙට්ටගම නමින් හැඳින්වෙන ඒ පර්වතය වලගම්බා රජතුමා තමන් සතු අසූ කෝටියේ ධන නිධානයේ ආරක්ෂාවට ඒ මත තැන්පත් කළ බවට ජන ප්‍රවාදයක් පැතිර යාමට හේතුව ඒ පර්වතයේ අස්වාභාවික පිහිටීමම වෙන්න පුළුවන්.
මීට සියවස් කිහිපයකට කලින් එම ප්‍රදේශයේ විසූ මහා ධන කුවේරයෙක් ඒ නිධානය ගොඩ ගැනීම සඳහා අලි ඇතුන් සත් දෙනෙකුගේ බලය එක් වර යොදා ඒ ගල් පෙට්ටගම පෙරැලීමට දැරූ උත්සාහයක් ගැන ජන ප්‍රවාදයේ තවමත් ඒ ප්‍රදේශවාසීන් අතරේ පවතිනවා. ඒ අවස්ථාවේ කොහේ හෝ සිට පැමිණි කළු දෙබරුන් රංචුවක් ඒ කාරියේ යෙදී සිටි අලි ඇතුන්ට සේම එම ප්රභූවරයාට අනින්නට වූ බවත් ඉන්පසු පිරිස හිස්ලූ ලූ අත දිව ගිය බවත් ඔවුන් පවසනවා.
මේ පෙට්ටගම් කන්ද ගම්පහ දිසාවේ උස්ම ස්ථානයක් බැවින් ඊට ගම්පහ දිසාවේ පිහිටි මාලිගාතැන්න,වාරණ, පිලිකුත්තුව ආදී ලෙන් විහාර සහිත උස් බිම් මනාව දැක ගන්නට පුළුවන්. ඒ වගේම බස්නාහිර පළාතෙන් ඔබ්බෙන් ඇති සබරගමු කඳුවැටි ද මේ පෙට්ටගම් කන්දට මනාව දර්ශනය වන බව ද කිව යුතුයි.
ඉසිවර තපෝවනය නිසා අතීතයට සාපේක්ෂව සැළකිය යුතු දියුණුවක් ලබා ඇති මේ පෙට්ටගම් කන්දේ පිහිටි පෙට්ටගම් ගල මුදුනේ මියන්මාරයේ මොන් ස්ටේට් හි ගෝල්ඩන් රොක් බෞද්ධ ආශ්‍රමය සිහි ගන්වන ස්තූපයක් ද මෑතක සිට ඉදිව තිබෙනු දක්නට පුළුවන්. නිහඬ නිසංසල ගැමි පරිසරයකින් යුත් මෙම ප්‍රදේශයේ ගෙවතු බෝගවලට අමතරව තැන් තැන්වල මෑතක සිට පහත රට තේ වගාවන් ද දක්නට ලැබීම විශේෂත්වයක්.
නමුත් තවත් පිරිසක් මේ පෙට්ටගම් ගල ගැන දරන්නේ ඊට තරමක වෙනස් මතයක්.ඔවුන් කියන්නේ මේ පර්වතය යට පිහිටි සැඟවුණු ස්වරූපයක් ගත් ගල් ලෙන වළගම්බා රජු කාලයක් තම ආරක්ෂිත ස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය බවයි. එම පෙට්ටගම් කන්දට පැමිණෙන සතුරු සේනාවක් එහි පිහිටි බැලුම් ගලට දර්ශනය වූ සැනින් ඒ පෙට්ටගම් ගල පෙරලීමේ පැරණි තාක්ෂණයක් එදවස පැවැති බවටත් මතයක් ප්‍රදේශවාසීන් අතර පවතිනවා. දන ගාගෙන හෝ බඩ ගාගෙන මිස කිසිවකුට ඇතුළු වීමට හෝ පිට වීමට නොහැකි ඒ ගල් ලෙන මධ්‍යයේ නම් යමකුට සිට ගෙන සිටිය හැකි උසක් පවතිනවා. නමුත් දිවා කාලයේත් තද අඳුරක් සහිත ඒ ගල් ලෙන මේ වන විට වවුල් ගුහාවක්
බවට පත්ව තිබෙනු දක්නට පුළුවන්.
මේ පෙට්ටගම් කන්ද ගම්පහ දිසාවේ උස්ම ස්ථානයක් බැවින් ඊට ගම්පහ දිසාවේ පිහිටි මාලිගාතැන්න,වාරණ, පිලිකුත්තුව ආදී ලෙන් විහාර සහිත උස් බිම් මනාව දැක ගන්නට පුළුවන්. ඒ වගේම බස්නාහිර පළාතෙන් ඔබ්බෙන් ඇති සබරගමු කඳුවැටි ද මේ පෙට්ටගම් කන්දට මනාව දර්ශනය වන බව ද කිව යුතුයි.
ඉසිවර තපෝවනය නිසා අතීතයට සාපේක්ෂව සැළකිය යුතු දියුණුවක් ලබා ඇති මේ පෙට්ටගම් කන්දේ පිහිටි පෙට්ටගම් ගල මුදුනේ මියන්මාරයේ මොන් ස්ටේට් හි ගෝල්ඩන් රොක් බෞද්ධ ආශ්‍රමය සිහි ගන්වන ස්තූපයක් ද මෑතක සිට ඉදිව තිබෙනු දක්නට පුළුවන්. නිහඬ නිසංසල ගැමි පරිසරයකින් යුත් මෙම ප්‍රදේශයේ ගෙවතු බෝගවලට අමතරව තැන් තැන්වල මෑතක සිට පහත රට තේ වගාවන් ද දක්නට ලැබීම විශේෂත්වයක්.
පෙට්ටගම් කන්ද මුදුනට දිස්වන සදා හරිත වනයෙන් සහ වෙල් එළි සිසාරා හමන සුළං අතිශයින් සුවදායක වන අතර එහි හුළංගල නම් වන සුළං මුනත ද සොබා දහමේ මිහිරියාව රිසි සේ විඳ ගතහැකි තැනක්. ඒ අනුව වළගම්බා රජුගේ අසූ කෝටියේ ධන නිධානය ගැමි හදවත් වලින් තැනුණු සොඳුරු පරිකල්පනයක් බව සිතට ගෙන එම හාත්පස පරිසරයට කිසිදු අහිතකර බලපෑමක් නොවන අන්දමින් පෙට්ටගම් කන්දට පිවිසෙන ඔබට එමගින් සොඳුරු චමත්කාර ජනක අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනවාට කිසිදු සැකයක් නැහැ.
ඉන්දු පෙරේරා