අත එසවූ සැනින් වේදිකාවට ගොඩ වූ මළ පෙරේතයා

ගුප්ත ශාස්ත්‍ර විශාරදයන්, ආධ්‍යාත්මවේදීන්, මහානුභාව සම්පන්න යෝගීන්,දේව නියෝජිතයන් ආදී වශයෙන් හඳුන්වාගනු ලබන බොහෝ දෙනෙකු අපි රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයන් තුළින් දැක ඇත්තෙමු. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඔවුනටම ආවේණික අමුතු අමුතු ඇඳුම් විලාසිතාවලින් සැරසී සිටින බවත් ඔබ දැක ඇත.සාමාන්‍ය ජීවිතයේ දී හැඳ පැළඳ පාරක තොටක යා නොහැකි මේ අමුතු ඇඳුම් ආයිත්තම් හැඳ පැළඳ ජනමාධ්‍ය හමුවට ඒමෙන් ඔවුන් අපේක්ෂා කරන එක් දෙයක් තිබේ. එනම් තමන් සාමාන්‍ය ජනතාවට අයත් නොවන කෙනෙකු බව ජනතාවට ඇඟවීමයි.

කලින් නියම කරගත් දිනයක වැසිබර සැඳෑ සමයක සිදුකෙරුණු ඒ යාගය,ශාන්තිකර්මය හෝ ආධ්‍යාත්මික වැඩසටහන සඳහා අවට ප්‍රදේශවාසීන් පනහක්, හැටක් පමණ එක්රොක්ව සිටියහ. එහිදී ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා විසින් රැස්ව සිටි පිරිසට මා හඳුන්වා දෙන ලද්දේ කිසිම යකැදුරකුට, කට්ටඬියෙකුට හෝ පාස්ටර් වරයකුට එළවීමට නොහැකි යකුන් විනාඩි කිහිපයක් තුළ සදහටම පලවා හැරිය හැකිමහානුභාව සම්පන්න යෝගීවරයෙකු ලෙස ය.

එහිදී එලෙස රැස්ව සිටියවුන් ඇමතූ මම මෙය මට ඉන්දියාවේ හිමාල වනයේ බවුන් වඩන ඍෂීන්වහන්සේ නමක විසින් ලබාදුන් දිව්‍යමය වරමක් බව කියා ඊට කිසිඳු සබැඳියාවක් නොමැති සංස්කෘත ශ්ලෝක දෙක තුනක් ද හඬ නගා කීවෙමි.ඒ සමඟම මා ඔවුනට කීයේ දැනට මෙසේ පැමිණ සිටින්නවුන් අතරින් යක්ෂ බලයක් සහිත සියලුදෙනා මට දිව්‍ය ඥානයෙන් පෙනෙන බවත්, එවැනි අයෙකුට අත ඔසවා සංඥා කළ සැනින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය වේදිකාවට පිවිසිය යුතු බවත් ය. එසේ කී මා රැස්ව සිටි පිරිස දෙස බලත්ම ඒ අතරින් කිහිප දෙනෙකු වෙතින් කායික සලිතවීම් පෙන්නුම් කළ අතර, එසේ වේදිකාව දෙසට වැඳගත් ඉරියව්වකින් සිටි මැදිවියේ කාන්තාවකගේ සිරුර වේගයෙන් සලිත වෙමින් තිබූ අතර මම ඇය දෙසට අතක් එසවීමි. එවිට ඇය දියෙන් ගොඩ දැමූ කාවයියෙකු මෙන් සලිත වෙමින් වේදිකාවට පැමිණි අතර, මම ඇය මගේ පාලනයට නතු කරගතිමි.

ජනමාධ්‍ය හරහා මෙවැනි විශ්ම කර්මයන් යැයි කියාගන්නා පිරිස් ‘වැසි වසින්නටපෙර’ එනම් 2002 වසරේදී මෙලෙස තරමක් අමුතු ඇඳුමක් ඇඳ ආධ්‍යාත්මවේදියෙකු ලෙස රඟපෑම හා සම්බන්ධ රසවත් අත්දැකීමක් මා සතුව ද තිබේ.
ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ පුරෝගාමීයාණන් වන ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ තොවිල්, පවිල්, දේව කන්නලව්, යාඤා ආදියෙන් සිදුකරනු ලබන විවිධ පුද්ගලයන් ආවේශමය සහ ආරූඪයන්ට පත්කිරීමේ ‘කලාව’ මනෝ විද්‍යාත්මක ලෙස ප්‍රගුණ කරමින් සිටි මට මෙලෙස ගුප්ත විද්‍යාධරයෙකු, ආධ්‍යාත්මවේදියෙකු හෝ මුනිවරයෙක් ලෙස පෙනී සිට ඒ සිල්ලර හපන්කම පහසුවෙන්ම කළ හැකි බව ඒ වනවිට කෙමෙන් තහවුරු වෙමින් තිබිණි. වැල්ලම්පිටිය, කලවිටිගොඩැල්ල, ශ්‍රී සම්බුද්ධරාජ විහාරාධිපතිව වැඩ විසූ සුප්‍රකට කාව්‍ය ග්‍රන්ථ කතුවරයකු වූ අපවත් වී වදාළ කාව්‍ය කීර්ති ශ්‍රී නාහල්ලේ පඤ්ඤානන්ද හිමියන්ගේ කාරුණික අවසරය මත එම වසරේ වෙසක්, පොසොන් සමයේ එක් වැසිබර අඳුරු සන්ධ්‍යාවක එම විහාරස්ථානයේ ධර්ම ශාලාව මුල්කොට මා විසින් එම පර්යේෂණය කරන ලද්දේ ඒ සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යයනයක් ලෙසිනි. ඒ සඳහා මා හට දක්වන අනුග්‍රහයක් වශයෙන් ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා තම උද්යෝගීමත් සහායකයකු සමඟ එම අවස්ථාවට එක්වූ බව මෙලොවින් සමුගත් ඒ අපූරු විද්වතාට දක්වන උපහාරයක් ලෙස මෙලෙස සටහන් කරමි.
කලින් නියම කරගත් දිනයක වැසිබර සැඳෑ සමයක සිදුකෙරුණු ඒ යාගය,ශාන්තිකර්මය හෝ ආධ්‍යාත්මික වැඩසටහන සඳහා අවට ප්‍රදේශවාසීන් පනහක්, හැටක් පමණ එක්රොක්ව සිටියහ. එහිදී ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා විසින් රැස්ව සිටි පිරිසට මා හඳුන්වා දෙන ලද්දේ කිසිම යකැදුරකුට, කට්ටඬියෙකුට හෝ දේවගැති වරයකුට එළවීමට නොහැකි යකුන් විනාඩි කිහිපයක් තුළ සදහටම පලවා හැරිය හැකිමහානුභාව සම්පන්න යෝගීවරයෙකු ලෙස ය.

මේ වගේ අහිංසක කාන්තාවකට මෙහෙම දුක්වේදනා දෙන තමන් කවුද?මහසෝනාද? ඊරි යකාද? කළු කුමාරයාද? ගෙවල යකාද? කවුද කියලා මට දැනගන්න ඕනේ.”
ඒ සමඟම එම කාන්තාවගෙන් තම සිත තුළ පවත්නා කිනම් හෝ මානසික අර්බුදය පිළිබඳ ඇගේ සංකේතාත්මක නාමය දැනගනු පිණිස මම ඇසීමි. එහෙත්,ඊට පිළිතුරු නොදුන් ඇය සිය වේදනාත්මක බව වැඩි වැඩියෙන් පළ කරන්නට වූවා ය.
“යක්කුන්ට ඉතින් අපිට වගේ උප්පැන්න සහතික නෑනේ. ඒ හින්දා නම මතක නැතුව ඇති.”ඒ මොහොතේ ආචාර්ය නෙවිල් ද සිල්වා මගේ සමීපයට පැමිණ කී දෙයින් මා සිනහව පාලනය කරගන්නා ලද්දේ අතිශය අසීරුවෙනි. යම් හෙයකින් මා එතැන ‘බක බක’ ගා සිනාසෙන්නට වූයේ නම් ඒ වැඩේ එතැනම ‘හබක් වී යනු’ නිසැක ය.

එහිදී එලෙස රැස්ව සිටියවුන් ඇමතූ මම මෙය මට ඉන්දියාවේ හිමාල වනයේ බවුන් වඩන ඍෂීන්වහන්සේ නමක විසින් ලබාදුන් දිව්‍යමය වරමක් බව කියා ඊට කිසිඳු සබැඳියාවක් නොමැති සංස්කෘත ශ්ලෝක දෙක තුනක් ද හඬ නගා කීවෙමි.ඒ සමඟම මා ඔවුනට කීයේ දැනට මෙසේ පැමිණ සිටින්නවුන් අතරින් යක්ෂ බලයක් සහිත සියලුදෙනා මට දිව්‍ය ඥානයෙන් පෙනෙන බවත්, එවැනි අයෙකුට අත ඔසවා සංඥා කළ සැනින් ඒ තැනැත්තා හෝ තැනැත්තිය වේදිකාවට පිවිසිය යුතු බවත් ය. එසේ කී මා රැස්ව සිටි පිරිස දෙස බලත්ම ඒ අතරින් කිහිප දෙනෙකු වෙතින් කායික සලිතවීම් පෙන්නුම් කළ අතර, එසේ වේදිකාව දෙසට වැඳගත් ඉරියව්වකින් සිටි මැදිවියේ කාන්තාවකගේ සිරුර වේගයෙන් සලිත වෙමින් තිබූ අතර මම ඇය දෙසට අතක් එසවීමි. එවිට ඇය දියෙන් ගොඩ දැමූ කාවයියෙකු මෙන් සලිත වෙමින් වේදිකාවට පැමිණි අතර, මම ඇය මගේ පාලනයට නතු කරගතිමි. “තමුන් මොකෙක් වුණත් අමනුෂ්‍යයෙක් බව පේනවා. ඒත් මෙතනදි මාත් එක්ක සෙල්ලම් දාන්න විතරක් හදන්න එපා තේරුණාද?”
මා උස් හඬින් එසේ කියත්ම එම කාන්තාව දරුණු උදරාබාධයකින් පෙළෙන්නාක් මෙන් ඉදිරියට නැවී දැඩි වේදනාත්මක ඉරියව්වක් පළ කළා ය.“මට තේරෙනවා තමුන් දැන් ඉන්නේ මේ කාන්තාවගේ බඩට ඇතුල්වෙලා. මේ වගේ අහිංසක කාන්තාවකට මෙහෙම දුක්වේදනා දෙන තමන් කවුද?මහසෝනාද? ඊරි යකාද? කළු කුමාරයාද? ගෙවල යකාද? කවුද කියලා මට දැනගන්න ඕනේ.”
ඒ සමඟම එම කාන්තාවගෙන් තම සිත තුළ පවත්නා කිනම් හෝ මානසික අර්බුදය පිළිබඳ ඇගේ සංකේතාත්මක නාමය දැනගනු පිණිස මම ඇසීමි. එහෙත්,ඊට පිළිතුරු නොදුන් ඇය සිය වේදනාත්මක බව වැඩි වැඩියෙන් පළ කරන්නට වූවා ය.
“යක්කුන්ට ඉතින් අපිට වගේ උප්පැන්න සහතික නෑනේ. ඒ හින්දා නම මතක නැතුව ඇති.”ඒ මොහොතේ ආචාර්ය නෙවිල් ද සිල්වා මගේ සමීපයට පැමිණ කී දෙයින් මා සිනහව පාලනය කරගන්නා ලද්දේ අතිශය අසීරුවෙනි. යම් හෙයකින් මා එතැන ‘බක බක’ ගා සිනාසෙන්නට වූයේ නම් ඒ වැඩේ එතැනම ‘හබක් වී යනු’ නිසැක ය.

යම් යම් පුද්ගලයන් තුළ පවත්නා නොවිසඳුණු මානසික ගැටළු සහ ඔවුන්ගේ පෞරුෂයන් මත පදනම් වන සංකේතාත්මක නිරූපණයන් පමණි.දෙවියන්වහන්සේ විසින් හෝ කාලි අම්මා හෝ වෙන කවරෙකු විසින් දමනය කරනු ලබන බලයක් නොතිබූ මට රන්වන් ඇඳුමකින් හා කෙබර කිහිපයකින් පමණක් එලෙසින්ම දමනය කර ගත හැකි වීමෙන් එය මනාව සනාථ වනු ඇත.වර්තමානයේ මාධ්‍යවල පෙනී සිටින ආධ්‍යාත්මවේදීන් හා යෝගීන් විසින් කරනු ලබන්නේ ද මේ ටිකම ය.

“මං මළ පෙරේතයෙක්. මම මේකිගේ සීයා ජුවන් අප්පු.”මඳකින් එම අමනුෂ්‍යයා එම කාන්තාවගේ මුවින්ම එලෙස සිය අනන්‍යතාවය පළ කර සිටියේ බොහෝ දෙනෙකු මවිතයට පත් කරවමිනි. පසුව මම එම ජුවන් අප්පුගේ ප්‍රාණකාර අමනුෂ්‍යයාට උපන්දා සිට මා කළ පින් දහම් වලින් සෑහෙන කොටසක් අනුමෝදම් කරන බව කී අතර, එම කාන්තාව අත හැර වෙනත් සුගතිගාමී භවයක උපත ලැබීමට හෙතෙම එකඟ විය.
මෙම යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ ආදී සකලවිධ ආවේශයන් සහ ආරූඪයන් කිසි සේත්ම ගුප්ත බලපෑම් නොවේ.ඒවා යම් යම් පුද්ගලයන් තුළ පවත්නා නොවිසඳුණු මානසික ගැටළු සහ ඔවුන්ගේ පෞරුෂයන් මත පදනම් වන සංකේතාත්මක නිරූපණයන් පමණි.දෙවියන්වහන්සේ විසින් හෝ කාලි අම්මා හෝ වෙන කවරෙකු විසින් දමනය කරනු ලබන බලයක් නොතිබූ මට රන්වන් ඇඳුමකින් හා කෙබර කිහිපයකින් පමණක් එලෙසින්ම දමනය කර ගත හැකි වීමෙන් එය මනාව සනාථ වනු ඇත.වර්තමානයේ මාධ්‍යවල පෙනී සිටින ආධ්‍යාත්මවේදීන් හා යෝගීන් විසින් කරනු ලබන්නේ ද මේ ටිකම ය.

ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකු තුළ අමනුෂ්‍ය බලවේගයක් හෝ දේව බලපෑමක් නිසා කිසියම් විපර්යාසයක් සිදුව ඇති බව හැඟේ නම් ඔබ කළ යුත්තේ දේවාල කපුවන් හෝ දේව ගැතියන් පසුපස යාම නොව සුදුසුකම් ලත් වෘත්තීයවේදීන් වෙතින් නවීන මනෝ විද්‍යාතමක ප්‍රතිකාර ලැබීම බව මතක තබා ගත යුතු ය.

එමෙන්ම ඉකුත් සමයේ එක්තරා ජන මාධ්‍ය ආයතනයකින් ලත් අසීමාන්තික උත්තේජනය මත කාලි මෑණියන්ට රත්‍රන් පූජා කරන ලෙස කියමින් අසරණ මහජනතාවගෙන් රුපියල් කෝටි ගණන් ගසා කෑ කන්ද උඩරට කපුවෙකු ද කාලි මෑණියන්ගේ වරමින් අමනුෂ්‍ය බැල්ම සහිත පුද්ගලයන් ආරූඪ කරවන ජාවාරමක් පවත්වාගෙන ගියේය. ඒ නිසා පශ්චාත් ක්ෂතික ආතති ආබාධයට Post-traumatic stress disorder (PTSD) ලක් වූ කෑගල්ල ප්‍රදේශයේ තරුණියකට පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වෙත ඇතුළත් කොට ප්‍රතිකාර කිරීමට පවා සිදුවිය.එවක ඒ පුවත ම`වෙත දන්වා සිටියේ එවක එහි සේවය කළ විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහයන් විසිනි.
එම නිසා ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකු තුළ අමනුෂ්‍ය බලවේගයක් හෝ දේව බලපෑමක් නිසා කිසියම් විපර්යාසයක් සිදුව ඇති බව හැඟේ නම් ඔබ කළ යුත්තේ දේවාල කපුවන් හෝ දේව ගැතියන් පසුපස යාම නොව සුදුසුකම් ලත් වෘත්තීයවේදීන් වෙතින් නවීන මනෝ විද්‍යාතමක ප්‍රතිකාර ලැබීම බව මතක තබා ගත යුතු ය.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට