ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ හා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙන අවස්ථාවේදි රට තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ කර ‘හදිසි සැලැස්මක්’ සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන් වෙත බලය පවරා ඇත.

ඊට හේතු වී ඇත්තේ හදිසි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක අංශ ප්‍රධානීන් ජනාධිපතිවරයාට පෙන්වා දීමය. අනතුරුව ජනාධිපතිවරයා සේනාධිනායකයා ලෙස මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකදී පොලිසියේ සහායට හමුදාව යෙදවීම හා හදිසි තත්ත්වයකදී හමුදාවට බලතල භාවිත කළ හැකි ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ගැනීමට​ද පියවර ගෙන තිබේ. තවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

කාලීන පුවත්