ජංගම දුරකතන ක්‍රීඩා වල ප්‍රචණ්ඩත්වය මව වෙතින් මුදා හළ අපේ දරුවෙක්

මිනිසුන්ට අමානුෂික අයුරින් වධහිංසා කර ඔවුන් විඳින වේදනාව දැක කුරිරු සතුටක් විඳීමට හුරු කරවන ජංගම දුරකතන ක්‍රීඩාවලට අධික ලෙස ඇබ්බැහි වූ 10 හැවිරිදි බාල වයස්කාර දරුවකු, ඒවා අත්හදා බැලීම සඳහා සිය මවට පහර දී තුවාල කිරීමේ පුවතක් පසුගිය දා වාර්තා විය. සවස හයේ පමණ සිට පසුදා උදෑසන හතර පමණ දක්වා මෙසේ ක්‍රීඩා කරන බවත් ඒවායේ පෙන්වන ආකාරයට තුවාල සිදු කිරීම සඳහා සිය මවට විශාල ගලකින් පහර දී ඇති බවත් දැනගන්නට ලැබී තිබේ. ශ්‍රී ලංකාවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය හැකි වුවත්, මේ එකම සිදුවීම වන්නේ නැත. වාර්තා නොවූ මෙවැනි සිදුවීම් තවත් සිදු වනවාට සැක නැත. ලෝකයේ විවිධ රටවලින් මෙවැනි සිදුවීම් ඕනෑ තරම් වාර්තා වේ. නවීන තාක්ෂණයත් සමග දරුවන්ට මේ අත්වෙමින් පවතින ඛේදජනක ඉරණම වළක්වා ගැනීමට නම් මේ සිදුවීම් පසුපස ඇති මූල බීජය සොයා, එයට ප්‍රතිකර්ම යෙදිය යුතුය.

සාමාන්‍යයෙන් 2010 – 2025 ත් අතර උපත ලබන දරුවන් ඇල්ෆා පරම්පරාවේ යැයි සැලකේ. එනම් මේ වන 2025 වන විට උපරිම අවුරුදු 15 වන දරුවන් මේ වයස් කාණ්ඩයට අයත්ය. ඉහත සිදුවීමට අදාළ දරුවාට වයස අවුරුදු 14 ක් නිසා ඔහු ද අයත් වන්නේ මේ කාණ්ඩයටමය. මේ දරුවන් උපදින්නේ ඩිජිටල් තාක්ෂණයෙන් වැසුණු ලොවකය. ඒ නිසාම කුඩා කාලයේ පටන්ම සමාජ ජාලවල දැඩි බලපෑමට හසුවන ප්‍රවණතාවක් ද තිබේ. සැබෑ ලෝකය පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් නොමැති ඔවුන් ජීවත් වන්නේ සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය මගින් බලගැන්වුණු ලෝකයකය. ඩිජිටල් ලෝකය තුළින් දකින දෑ සාමාන්‍ය සමාජය කෙරෙහි යොදවා ගන්නා ආකාරය පිළිබඳ මොවුන්ට නිසි අවබෝධයක් නැත. ජංගම දුරකතන ක්‍රීඩාවල සතුරා මර්දනය කරන ආකාරය සහ ක්‍රමය පිළිබඳ දන්නා ඔවුන්ට සැබෑ ලෝකයේ සතුරා මර්දනය කර ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැත.

ෂෝන් පියාජේ

ලෝකය පිළිබඳ දැනුම් තේරුම් නොමැති දරුවන් ඩිජිටල් මෙවලම් භාවිතයට හුරු වීමත් සමග ඇති වන විපත් ලෙස මේවා හැඳින්විය හැකිය. මේ දරුවාගේ වයස අනුව බලන කල ඔහු අයත් වන්නේ ‘ඇල්ෆා පරම්පරාවට’ (Generation Alpha – Gen Alpha) ය. සාමාන්‍යයෙන් 2010 – 2025 ත් අතර උපත ලබන දරුවන් ඇල්ෆා පරම්පරාවේ යැයි සැලකේ. එනම් මේ වන 2025 වන විට උපරිම අවුරුදු 15 වන දරුවන් මේ වයස් කාණ්ඩයට අයත්ය. ඉහත සිදුවීමට අදාළ දරුවාට වයස අවුරුදු 14 ක් නිසා ඔහු ද අයත් වන්නේ මේ කාණ්ඩයටමය. මේ දරුවන් උපදින්නේ ඩිජිටල් තාක්ෂණයෙන් වැසුණු ලොවකය. ඒ නිසාම කුඩා කාලයේ පටන්ම සමාජ ජාලවල දැඩි බලපෑමට හසුවන ප්‍රවණතාවක් ද තිබේ. සැබෑ ලෝකය පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් නොමැති ඔවුන් ජීවත් වන්නේ සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය මගින් බලගැන්වුණු ලෝකයකය. ඩිජිටල් ලෝකය තුළින් දකින දෑ සාමාන්‍ය සමාජය කෙරෙහි යොදවා ගන්නා ආකාරය පිළිබඳ මොවුන්ට නිසි අවබෝධයක් නැත. ජංගම දුරකතන ක්‍රීඩාවල සතුරා මර්දනය කරන ආකාරය සහ ක්‍රමය පිළිබඳ දන්නා ඔවුන්ට සැබෑ ලෝකයේ සතුරා මර්දනය කර ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැත. දුරකතන ක්‍රීඩාවේ දී දුටු දෙයක් අත්හදා බැලීම සඳහා සිය මව යොදා ගත්තේ ඒ නිසාය.

ඉහත ආකාරයෙන් තවත් සිදුවීමක් ගම්පහ නගරය ආශ්‍රිත ප්‍රදේශයකින් ද වාර්තා විය. එහි දී සිදු වූයේ කිසිදු ගැටලුවක් නොමැතිව සිටි සාමණේර හිමි නමක් එක්වරම ගෙල වැලලාගෙන මියයාමය. මෙහි දී එක්වර සැක පහළ කරන ලද්දේ අදාළ විහාරස්ථානයේ සිටි වැඩිහිටි භික්ෂූන් වහන්සේ වෙතය. උන්වහන්සේලාගේ කවුරුන් හෝ මේ සාමණේර හිමි නමට අතවරයක් කිරීම නිසා එයින් සිත්තැවුලට පත් උන්වහන්සේ ගෙල වැලලාගෙන මිය යන්නට ඇතැයි ඒ අනුව සැක පහළ කෙරිණි. නමුත් සාක්ෂි විමසීමේ දී සොයා ගන්නට ලැබුණේ උන්වහන්සේ දවස පුරාම ඉතා සතුටින් සිට ඇති බවත්, එකවර මේ මරණය සිදු වී ඇති බවත්ය. පසුව වැඩිදුර විමර්ශනවල දී සොයා ගත හැකි වූයේ උන්වහන්සේ ද ජංගම දුරකතනයකින් මෙවැනි සිය දිවි නසා ගැනීමේ වීඩියෝ දර්ශනයක් නරඹා ඇති බවය. එම වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයා මෙය ගෙල වැලලා ගැනීමත්, ඉන් පසුව ජීවිතයට හානියක් නොවන සේ එයින් ඉවත් වන අයුරුත් පෙන්වන්නේ වුව ද සාමනේර හිමි නමට එයින් ගැලවෙන උපක්‍රමය නිවැරදිව සිදු කරන්නට නොහැකි වීම නිසා ගෙල සිර වී මරණයට පත්ව තිබිණි.

ෂෝන් පියාජේ විස්තර කළ ළමා අවධි සතර

“අහස ගොරවන්නේ ඇයි?” යනුවෙන් මේ අවධියේ දරුවෙක් සිය මවගෙන් අසන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති නිසාය. දරුවාගේ මව එයට සැබෑ හේතුව නොමැතිව, “පුතා අම්මට බනින නිසා” වැනි පිළිතුරක් ලබා දුනහොත් දරුවා එය වහා සිය සිත කුළ ස්ථාවර කර ගනී. ඉන් ඔබ්බට සිතන්නට තරම් ඔහුගේ බුද්ධිය වර්ධනය වී නැත. මේ අවධිවල දී දරුවකු ජංගම දුරකතන ක්‍රීඩාවකට ඇබ්බැහි වුවහොත් ඔහු ඒ තුළින් දකින දෙයින් ඔබ්බට සත්‍යයක් දකින්නේ නැත. මන්ද ඔහු දකින එකම දෙය සිය සිතෙහි ස්ථාවර කර ගන්න බැවිනි. ජංගම දුරකතන ක්‍රීඩාවෙන් දුටු දෙය ප්‍රායෝගිකව අත්හදා බලන්නට සිය මවට තුවාල කරන මට්ටමකට දරුවා පත් වන්නේ මේ නිසාය.

මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ළමා මනෝවිද්‍යා ඉවහල් කර ගත යුතුය. දරුවන් තුළ ඇති වන මෙවැනි මානසික අවුල් සහගත තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සිදු කළ ලෝක ප්‍රකට ළමා මනෝ විද්‍යාඥයකු වන්නේ ස්විස් ජාතික ෂෝන් පියාජේය (Jean Piaget). ළමා සංවර්ධනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ලබාගැනීම සඳහා මූලිකත්වය ගත් මනෝ විද්‍යාඥයා ලෙස මොහු ප්‍රකටය. ඔහු ළමා විය අවධි 4 ක් ඔස්සේ බෙදා දක්වා තිබේ. ඒවා නම් අවුරුදු 0 – 2 දක්වා වූ ‘සංවේදචාලක අවධිය (Sensorimotor Stage), අවුරුදු 2 – 7 දක්වා වූ ‘පූර්ව ක්‍රියාකාරී අවධිය (Preoperational Stage), අවුරුදු 7 – 11 අතර වූ ‘ස්ථාවර ක්‍රියාකාරී අවධිය’ (Concrete Operational Stage) සහ අවුරුදු 12 න් ඉහළට වූ ‘විධිමත් ක්‍රියාකාරී අවධිය’ (Formal Operational Stage) වශයෙනි. දරුවන් යම් යම් දේවලට ඇබ්බැහි වීම ආරම්භ වන්නේ මේ අතරින් ස්ථාවර ක්‍රියාකාරී අවධියේ දීය. මේ සමයේ දී ඔවුන්ට ස්වාධීන සිතීමේ හැකියාවක් නැත. “අහස ගොරවන්නේ ඇයි?” යනුවෙන් මේ අවධියේ දරුවෙක් සිය මවගෙන් අසන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති නිසාය. දරුවාගේ මව එයට සැබෑ හේතුව නොමැතිව, “පුතා අම්මට බනින නිසා” වැනි පිළිතුරක් ලබා දුනහොත් දරුවා එය වහා සිය සිත කුළ ස්ථාවර කර ගනී. ඉන් ඔබ්බට සිතන්නට තරම් ඔහුගේ බුද්ධිය වර්ධනය වී නැත. මේ අවධිවල දී දරුවකු ජංගම දුරකතන ක්‍රීඩාවකට ඇබ්බැහි වුවහොත් ඔහු ඒ තුළින් දකින දෙයින් ඔබ්බට සත්‍යයක් දකින්නේ නැත. මන්ද ඔහු දකින එකම දෙය සිය සිතෙහි ස්ථාවර කර ගන්න බැවිනි. ජංගම දුරකතන ක්‍රීඩාවෙන් දුටු දෙය ප්‍රායෝගිකව අත්හදා බලන්නට සිය මවට තුවාල කරන මට්ටමකට දරුවා පත් වන්නේ මේ නිසාය.

 

දෙමාපියන් ද සිය කුඩා දරුවන්ගේ කරදරයෙන් මිදී තමාගේ වැඩකටයුතු කරගන්නට ගන්නා පහසුම ක්‍රියා මාර්ගයක් ලෙස ඔවුන් අතට ජංගම දුරකතන ලබා දීම සිදු කරයි. මේ ඒ පුරුදුවල ප්‍රතිඵලයන්ය. මේ ප්‍රවණතාව ඉදිරියේ දී වැඩි වනවා මිසක අඩු වන්නේ නැත. එබැවින් දරුවන් සම්බන්ධව ක්‍රියා කරන රාජ්‍ය ආයතන සහ වෙනත් සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සියල්ල ඒකාබද්ධව යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු කාලය එලැඹ තිබේ.. එසේ නොවුනහොත් අනාගත ලෝකයක වගකීම ගැනීම සඳහා දරු පරපුරක් ලෝකයට අහිමි වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර