විදුලි සැපයුම ගැන නිවේදනයක්

ඇනහිට තිබු විදුලිය සහ ජල සැපයුම මේ වන විට සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබේ.

ප්‍රධාන සම්ප්‍රේශන මාර්ගයේ හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි.

කෙසේවෙතත්  විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැණුන ද පද්ධතියේ පැවති අසමතුලිතතාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේත් නිසි පරිදි විදුලි සැපයුම සිදුවුයේ නැත.

සියලු ග්‍රීඩ් උපපොළ මේ වන විට සම්ප්‍රේශණ කටයුතු සිදුකළ ද නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් අක්‍රීයව පවතී.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කරන බවත් දන්වා ඇත.

කාලීන පුවත්