ඒ 2014 වසර ය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනූ තුන් වන සංවත්සරය අනුරාධපුරයේ පැවැත්වීමට යෝජනා වී තිබිණ. එහි දී ඊට සමගාමීව අනුරාධපුරයට නොදුරින් පිහිටි මේ වන විට විනාශ මුඛයට ගොස් ඇති බෞද්ධ පුරා විද්‍යා උරුමයක් ප්‍රතිසංස්කරණය කරවීම පිණිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුග්‍රහය ලබා දීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන නිලධාරී මණ්ඩලය තීරණය කර ගෙන සිටියහ. එහි දී ඒ සඳහා වඩාත් යෝග්‍ය එවැනි අනුරාධපුරයේ විනාශ මුඛයට යමින් තිබෙන බෞද්ධ පුරා විද්‍යා උරුමයක් නම් කිරීම එවක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සභාපති ධූරය හෙබවූ ජගත් සුමතිපාල මහතා විසින් ම’වෙත පවරන ලදී.
ඒ අනුව පළමුව එවැනි ස්ථානයක් පිළිබඳ මූලික හෝඩුවාවක් දැන ගනු පිණිස එවක උතුරු මැද පලාත භාර සහකාර පුරා විද්‍යා අධ්යක්ෂ චිත්‍රානි මල්කාන්ති මහත්මිය හමු වූ මට එවන් ස්ථාන කිහිපයක් පිළිබඳ තොරතුරු දැන ගත හැකි විය. ඒ අතුරින් මගේ සිත වඩාත්ම ඇදී ගියේ ඒ වන විට මුළුමනින් වන ගහනයෙන් වැසී ගොස් තිබූ අනුරාධපුර, ගල් පාලම පාරේ පෙරිමියන්කුලමේ පිහිටි මුළුමනින්ම වනයෙන් වැසී ගත් ඒ වන විට විජයාරාමය නමින් හැඳින්වුණු පුද බිම වෙත ය.සිද්ධස්ථානයක් වශයෙන් තබා කිනම් හෝ ස්ථානයක් වශයෙන් වත් ප්‍රසිද්ධ නැතත් අනුරාධපුර පෙරිමියන්කුලමේ විජයාරාමය අටවන සියවසට අයත් පැරණි ආරාමික පුද බිමකි. එවක පබ්බත විහාරයක් වශයෙන් ප්රකටව පැවතීම මත පැරණි ස්ථූපයක් ඇතුළු ශිලා කර්මාන්ත රාශියක් අදටත් එම පුදබිමේ දක්නට ලැබේ.අනුරාධපුර රාජධානියේ අවසන් යුගයට අයත් මහායාන සම්ප්රදායේ බෞද්ධ ආරාමයක් වුව ඒ වන විට එය මුළුමනින් වනයෙන් වැසී තිබිණ. ඒ එහි තිබූ ස්ථූපය, උපෝසථාගාරය, පෙත්මඟ, ද්වාර මණ්ඩපය, ප්‍රතිමා ගෘහය, ටැම් පිට ගොඩනැගිල්ල, ගල්පුවරුව, ප්‍රාකාර බැම්ම, සංඝාවාසය ආදියේ නටබුන් වෙතට කිසිවකුටත් ළං විය නොහැකි ලෙසිනි.
“තිලක් මහත්තයා තෝරා ගත්තු තැන නම් නියමයි, මොකද බහිරවයා කාටවත්ම ඔතනට කිට්ටු වෙන්න දෙන්නේ නෑ කියලයි ඒ අවට මිනිස්සු කියන්නේ. ඒ හින්දා ඕවට අත තියන්න කලින් බහිරව පූජාවකුත් තියන්න වෙයි” මා බෞද්ධ මහා සම්මේලන අනූ තුන් වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර විජයාරාම පුද බිම යළි ඉස්මතු කර ගැනීමේ වැදගත් කම එහි නිලධාරීන් හමුවේ අවධාරණය කළ පසු මගේ මිතුරකු වන එවක අනුරාධපුර රුවන්වැලි සෑ ආරාමයේ කැප කරුවකු ව සිටි ඩී. එම්. මුතු බණ්ඩා මහතා සිනාසෙමින් කීය. පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ මට දැන ගත හැකි වූයේ 1891 වසරේ සිට 1893 තෙක් ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යා එච්. පී. සී. බෙල් සූරීන් ගෙන් පසු කිසිවකුත් එම පුදබිම පැත්ත පළාතකවත් ගොස් නැති බවකි.අඩුම තරමින් ශ්‍රී ලාංකේය පුරා විද්‍යා ක්ෂේත්රයේ මහා පුරුෂ භූමිකාව හොබවන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වත් එහි ගොස් නොමැති බවක් මට අසන්නට ලැබිණ. අක්කර විසි තුනක භූමි භාගයකින් යුත් එම පරිශ්‍රය කෙරෙහි ප්‍රදේශවාසීන් තුළ පාරම්පරිකව කෙතරම් බයක් පැවැතියේ ද යත් අඩුම තරමින් ගසක අත්තක් කපා දැමීමට, බෙහෙත් බඩුවක් සොයා ගැනීමට වත් කිසිවකු එයට ඇතුළු නොවූ බව දැන ගත හැකි විය.
“තිලක් මහත්තයා තෝරා ගත්තු තැන නම් නියමයි, මොකද බහිරවයා කාටවත්ම ඔතනට කිට්ටු වෙන්න දෙන්නේ නෑ කියලයි ඒ අවට මිනිස්සු කියන්නේ. ඒ හින්දා ඕවට අත තියන්න කලින් බහිරව පූජාවකුත් තියන්න වෙයි” මා බෞද්ධ මහා සම්මේලන අනූ තුන් වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර විජයාරාම පුද බිම යළි ඉස්මතු කර ගැනීමේ වැදගත් කම එහි නිලධාරීන් හමුවේ අවධාරණය කළ පසු මගේ මිතුරකු වන එවක අනුරාධපුර රුවන්වැලි සෑ ආරාමයේ කැප කරුවකු ව සිටි ඩී. එම්. මුතු බණ්ඩා මහතා සිනාසෙමින් කීය.
පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසූ මට දැන ගත හැකි වූයේ 1891 වසරේ සිට 1893 තෙක් ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යා එච්. පී. සී. බෙල් සූරීන් ගෙන් පසු කිසිවකුත් එම පුදබිම පැත්ත පළාතකවත් ගොස් නැති බවකි.අඩුම තරමින් ශ්‍රී ලාංකේය පුරා විද්‍යා ක්ෂේත්රයේ මහා පුරුෂ භූමිකාව හොබවන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් වත් එහි ගොස් නොමැති බවක් මට අසන්නට ලැබිණ. අක්කර විසි තුනක භූමි භාගයකින් යුත් එම පරිශ්‍රය කෙරෙහි ප්‍රදේශවාසීන් තුළ පාරම්පරිකව කෙතරම් බයක් පැවැතියේ ද යත් අඩුම තරමින් ගසක අත්තක් කපා දැමීමට, බෙහෙත් බඩුවක් සොයා ගැනීමට වත් කිසිවකු එයට ඇතුළු නොවූ බව දැන ගත හැකි විය. එහි විශේෂත්වය වූයේ ඇතැම් තරුණ පුරා විද්‍යා නිලධාරිනියන් ද විහිළු තහළු වල ස්වරූපයෙන් විජයාරාමය කෙරෙහි ඇති බහිරව බලපෑම සම්බන්ධයෙන් අපට අනතුරු හැඟවීම ය.
“ඔය විජයාරාම කැලේ ගල් මූණා කියලයි වලිග මිනිහා කියලයි අද්භූත මිනිස්සු දෙන්නෙක් සැරිසරනවලු.
අප රටේ පුරාවිද්‍යාත්මක වස්තූන් අතරේ ප්‍රධානතම ලිංගික සංකේතයක් වනුයේ ශිව ලිංගයයි. අනුරාධපුර පසුකාලීන යුගයෙන් ඇරඹී පොලොන්නරු රාජධානී සමය තෙක් විහිද යන අට, නවය, දහය, එකොලහ ආදී සියවස් වලට අයත් විවිධ ප්‍රමාණයන් ගෙන් යුතු ශිලාමය පුරුෂ ලිංග කොතෙකුත් හමුවී තිබේ. එවන් අඩි හත අටක් දිග යෝධ ශිව ලිංගයක් එහි දිග වැඩිකම නිසාම දෝ කොළඹ ජාතික කෞතුකාගාරයේ ‘පැත්ත පෙරළා’ප්‍රදර්ශනය කරනු ලැබේ. අනුරාධපුරයෙන් සොයා ගන්නා ලද එය අට සහ නව වන සියවස් වලට අයත් වූවක් සේ විශ්වාස කෙරේ. මීට අමතරව තවත් ශිව ලිංග කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර තිබේ.එහෙත්, අනුරාධපුර කෞතුකාගාරයේ ඇති මෙම ඇස්, කටවල් සහ පියයුරු සහිත පුරුෂ ලිංග එසේ නොවේ. එවැන්නක් සැබෑ ලෙසින් දර්ශන මාත්‍රයකට ලක් වූ ඕනෑම කෙනෙකුට ඒවා දුටු සැනින් මේ මොනවාදැයි සැනින් වැටහෙනු ඇත.
ඒ වගේම ඔය කැලේ හැම තැනම පිරිමි අවයව වල හැඩවල ගල් කුට්ටි විසිරිලා තියනවලු, අපි නම් ඒවා දැකලා නෑ, මොන විදිහට වත් කැලේ ඇතුලට යන්න බැරි හින්දා ගමේ මිනිස්සු තමයි කියන්නේ” ඔවුන් කීයේ එම ගුප්ත අදහස් සැබැවින්ම පිළිගත් නිසා ද නැතහොත් අප සරදමට ලක් කිරීම සඳහා ද යන්න අපට හරි හැටි නොවැටහිණ.නමුත් පිරිමි අවයව වල හැඩ සහිත යනුවෙන් ඔවුන් පැවසූ කතාවේ ඇත්තක් නැතුවාම නොවේ. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතරේ ද බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන විශේෂිත හැඩයකින් යුතු කෞතුක භාණ්ඩ කිහිපයක් ඇත.එම විශේෂිත හැඩය නම් එම කෞතුක භාණ්ඩ පුරුෂ ලිංග ස්වරූපය දැරීම ය. එහෙත්, ඒවා සාමාන්‍ය පුරුෂ ලිංග බවක් නොහැඟෙනුයේ ඒවා සමහරක මුදුනේ දක්නට ලැබෙන ඇස් සහ කටවල් සේම පපු පෙදෙසේ පියයුරු ද සළකුණු කොට තිබීම නිසා ය.අප රටේ පුරාවිද්‍යාත්මක වස්තූන් අතරේ ප්‍රධානතම ලිංගික සංකේතයක් වනුයේ ශිව ලිංගයයි. අනුරාධපුර පසුකාලීන යුගයෙන් ඇරඹී පොලොන්නරු රාජධානී සමය තෙක් විහිද යන අට, නවය, දහය, එකොලහ ආදී සියවස් වලට අයත් විවිධ ප්‍රමාණයන් ගෙන් යුතු ශිලාමය පුරුෂ ලිංග කොතෙකුත් හමුවී තිබේ. එවන් අඩි හත අටක් දිග යෝධ ශිව ලිංගයක් එහි දිග වැඩිකම නිසාම දෝ කොළඹ ජාතික කෞතුකාගාරයේ ‘පැත්ත පෙරළා’ප්‍රදර්ශනය කරනු ලැබේ. අනුරාධපුරයෙන් සොයා ගන්නා ලද එය අට සහ නව වන සියවස් වලට අයත් වූවක් සේ විශ්වාස කෙරේ. මීට අමතරව තවත් ශිව ලිංග කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර තිබේ.
එහෙත්, අනුරාධපුර කෞතුකාගාරයේ ඇති මෙම ඇස්, කටවල් සහ පියයුරු සහිත පුරුෂ ලිංග එසේ නොවේ. එවැන්නක් සැබෑ ලෙසින් දර්ශන මාත්‍රයකට ලක් වූ ඕනෑම කෙනෙකුට ඒවා දුටු සැනින් මේ මොනවාදැයි සැනින් වැටහෙනු ඇත. එහෙත්, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ භාණ්ඩ අතරට මෙම පුරුෂ ලිංග එක් වූයේ කෙසේද? මේවායේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම කුමක්ද? තවමත් ඒ සම්බන්ධයෙන් අප සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී ඇති බවක් නොපෙනෙයි.
අනුරාධපුර කෞතුකාගාරයේ ඇති පුරුෂ ලිංග හැඩයේ .ටෙරා කොටා වශයෙන් හඳුනා ගත හැකි මෙම පිළිස්සූ මැටි නිර්මාණ අප රටේ උතුරු, උතුරුමැද, ,වයඹ ආදී පලාත්වල ගංගාද්‍රෝණි, වැව්, ඇල දොළ ආශ්‍රිතව බහුල වශයෙන් හමු වී තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට යාපනය, අනුරාධපුර, පුත්තලම,කුරුණෑගල සේම මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ප්‍රදේශය මෙම ටෙරාකොටා හමු වූ ස්ථාන ලෙස හැඳින්විය හැක.මේවා මුලින්ම හමුවී ඇත්තේ තබ්බෝව මරදන්මඩුව ප්‍රදේශයෙන් නිසා මේවා එම සම්ප්‍රදායට අයත් බවට නාම කරණය කොට තිබේ.එහෙත්, මේවා බොහෝ විට භූමියේ මතුපිට පාංශු ස්තරයන් තුළින් මතු වී තිබීම නිසා පැහැදිලිව කිව හැකි දෙයක් තිබේ. එනම් මේවා මීට වසර පන්සියයකට මෙපිට තනා භාවිතයට ගන්නා ලද ඒවා බව ය.කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු තවත් කෞතුකාගාර කිහිපයක ප්‍රදර්ශනය හා සංසරක්ෂණය කෙරෙන මෙම ටෙරා කොටා කුමන භාවිතයක් සඳහා ගැනුණේ ද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි නිශ්චයක් ලැබී නැත.නමුදු විවිධ ඉරියව් සහ අංග චලන දක්වන මිනිස් සහ සත්ව රූප සමඟම යම් යම් වස්තූන් ද මෙම ටෙරා කොටා වශයෙන් නිර්මාණය කොට තිබේ.
පැහැදිලි ඓතිහාසික හෝ මානව ශාස්ත්‍රීය පදනමක් සොයා ගත නොහැකි පසුබිමක හමු වී ඇති මෙම මිනිස් සහ සත්ව රූප එවක සමාජයේ අනේක විධ මානව අවශ්‍යතා මූල්කොට යොදා ගන්නා ලද යාතුකර්ම සඳහා භාවිතා කරන්නට ඇත යන්න ඒ සම්බන්ධයෙන් මේ වන විට එළැඹ ඇති පොදු ශාස්ත්‍රීය නිගමනයයි.විශේෂයෙන් නියඟය පිටුදැක වර්ෂාව ලැබීම පිණිසත්, කෘෂි අස්වනු පාළුවීම වළකාලීම පිණිසත්, වදුරු වසංගත පැතිර යාම වැළැක්වීම පිණිසත් සිදුකරන ලද ජන ආගමික යාතු කර්ම සඳහා මෙම ටෙරා කොටා යොදා ගන්නට ඇත. විශේෂයෙන් අයා ගත් විශාල මුව සහිත සජීවී නොවන සතුන් විශේෂ මෙම ටෙරා කොටා වල බහුල ලෙසම දක්නට ලැබේ.
ඒවා අතීත ජන ආගමේ වර්ෂා යාතු කර්ම සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. නමුදු මේවායේ ශිල්පීය තාක්ෂණය සහ නිර්මාණ ලක්ෂණ එතරම් දියුණු තත්වයක නැත. මෙම ටෙරා කොටා පිළිබඳව විස්තර කළ මම ඒවා සඳහා යොදන ගැමි ව්‍යවහාරය කුමක් දැයි ප්‍රදේශ ගණනාවකම ගැමියන් ගෙන් අසා සිටියෙමි.
නමුත් ඔව්හු බොහෝ දෙනෙක් ඒ සඳහා කියන නමක් දැන නොසිටියහ. පසුව මම පඬුවස්නුවර විද්‍යා කෞතුකාගාරයේ හිටපු පුරාවිද්‍යා නිලධාරී සුනිල් ආනන්ද මහතා ගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ පැරණි ගැමියන් ඒවා ‘පරණ මැටි බලි’ යනුවෙන් හඳුන්වන බව ය.
එම ගැමි ව්‍යවහාරය සඳහා උචිත ද යන්න මට පසක් වූයේ මේවා නිර්මාණය ද එක්තරා බලි ඇඹීමක් ම වන බැවිනි. එමෙන්ම පිළිස්සූ මැටියෙන් සවිමත් ලෙස සකසා තිබුණ ද මෙම බොහෝ ටෙරා කොටා වලට හානි සිදුවී ඇති බවක් පෙනේ. ඒ ඒවා ඇසුරින් සිදු කෙරෙන යාතු කර්මවලදී ඒවා පොළොවේ ගසා විනාශ කිරීම වැනි සම්ප්රදායක් තිබූ නිසා ද විය හැක. එහෙත්, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී අප දුටු පුරුෂ ලිංග ටෙරා කොටා දෙක තුනට නම් එවැනි හානියක් සිදුව ඇති බවක් නොපෙනුණි.
“අපේ රටේ ඔය ටෙරා කොටා පුරාවිද්‍යාත්මක වශයෙන් ලොකු අගැයුමකට ලක් වෙලා නෑ. ඕවා තාක්ෂණික සහ නිර්මාණාත්මක වශයෙන් එච්චර උසස් තත්වයක නොතිබීම, මීට සියවස් කිහිපයකට ඉහත අපේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව තිබුණු චූල ජන ආගමික සම්ප්රදායකට අයත් වීම වගේ දේවල් ඒකට බලපාන්න ඇති; ඒ වගේම ඒ කාලේ ගැමියන් ගේ ජීවිතවල තිබු හැම අවශ්‍යතාවයක්ම සමකාලීන ජන ආගමක් එක්ක සම්බන්ධ බව තමයි විවිධාකාරයෙන් හමුවෙන ඔය නිර්මාණවලින් පේන්නේ” මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රතිමා, මූර්ති කලා විශේෂඥවරයෙකු වන හිටපු ජාතික කෞතුකාගාර අධ්යක්ෂ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා කී ය.
ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති විවිධ මානව අවශ්‍යතා මුල් කොටගත් ටෙරා කොටා නිර්මාණ අතුරින් මෙම පුරුෂ ලිංග මූර්තිමත් කෙරෙන ටෙරා කොටා කාන්තාවන්ට දරු ඵල හිමිකර දීම සම්බන්ධ යම් යාතු කර්මයක් සඳහා යොදා ගන්නා ලද ඒවා බව පැහැදිලි ය.එහෙත් කාන්තාවනට දරු ඵල ලබා දීම සම්බන්ධයෙන් ඒවා කවර ආකාරයකයකට යොදා ගන්නා ලද්දේ දැයි කිව නොහැක.නමුදු එම පුරුෂ ලිංගයන්හි මුහුණක අංග සහ පියයුරු සළකුණු කිරීමෙන් එය මිනිස් දරු උපත් අපේක්ෂාවෙන් කළ යාතු කර්ම සඳහා යොදා ගන්නා ලද ඒවා බව විය හැකි යැයි මට සිතෙයි.ඒ කෙසේ හෝ එම පැරණි ආරාමික සංකීර්ණය සම්බන්ධ ගවේෂණ, කැනීම් හා සංරක්ෂණ කටයුතු එවක මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්යක්ෂ (අනුරාධපුර) සම්මානිත මහාචාර්ය ටී. පී. කුලතුංගයන් ගේ ප්‍රධානත්වයෙන් අරඹන ලද අතර ඊට පෙර ඉතා කෙටි කලක් තුළ එම ආරාම පරිශ්‍රයේ යටි රෝපණ ඉවත් කොට එය ගවේෂණ කටයුතු සඳහා සූදානම් කර දීමේ වගකීම ද බෞද්ධ සම්මේලනයෙන් ම’වෙතම පවරන ලදී.
වියළි කලාපයට අයත් අනුරාධපුරයේ පිහිටා තිබුණද මඳ අඳුර, සිසිල සහ නිහඬතාව කදිමට සංකලනය වී තිබූ අක්කර විසිතුනකට වැඩි එම ආරාමික පුදබිම එළි පෙහෙළි කිරීමෙන් පසු අතීත තපෝවනයේ හැඩ තල මනා සේ දිස්වන්නට විය.එනිසාම එය “ආලෝකෝ උදපාදි”සිනමා කෘතියේ අනුරපුර යුගයේ තපෝ වනයක දර්ශන පසුතලය සඳහා ද පසුව යොදා ගෙන තිබිණ. ඩී.එම්.මුතුබණ්ඩා මහතා එවක එම විජයාරාම පරිශ්‍රය එළි පෙහෙලි කිරීම සම්බන්ධ කටයුතු වල නිරතව සිටි බැවින් දිනපතාම එහි යාමට ඔහුට සිදුව තිබිණි. මේ අතරේ දිනක් මුතුබණ්ඩා මහතා මට දුරකතනයෙන් කතා කළේය.”‘ විජයාරාම සයිට් එකෙන් ගල් මූණා වලිග මිනිහා ගැන නම් මිනිස්සු කියන කතා කතා ඇරුණම කිසිම ආරංචියක් නෑ.ඒ වගේම අර පිරිමි අවයව හැඩේ ගල් කුට්ටිත් මුකුත් පේන්න නෑ.හැබැයි මට ඒ සයිට් එකෙන් හරි පුදුම ආරංචියක් දැනගන්න ලැබුණා. මමත් මුලදි විශ්වාස කළේ නෑ… ඒත් දැන් ඒ කතාව හුඟදෙනෙක් දන්නවා.’’ ඔහු කීයේ මගේ කුතුහලය පුබුදුවමිනි.
‘‘විජයාරාම සයිට් එකේ කැලේ එළි කළාට පස්සේ ලොකු ගස් අතරින් තියන අඩිපාරවල් දිගේ එක පේලියට වඩින හාමුදුරුවන්ව මේ වෙනකොට කීප දෙනෙක්ම දැකලා තියෙනවා. එහෙම ටික වෙලාවක් පෙනී ඉන්න හාමුදුරුවරු එකපාරටම නොපෙනී යනවලු. පුදුමේ කියන්නේ මේ විදිහට පේන්නේ මහදවාලටලු. සයිට් එකේ වැඩ කරන අය කෑමට ගියාම සයිට් එකක මැද්දේ තනියම ඉන්න අයට තමයි මේක පේන්නේ.’’ මුතුබණ්ඩා කීය.
විජයාරාම වන ගත ආරාම පුදබිම සම්බන්ධයෙන් පැවැති ගුප්ත විශ්වාස පිළිබඳව අප කිසිම තැකීමක් නොකළ බැවින් මහාචාර්ය කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් යුතු පුරා විද්‍යා කණ්ඩායම ලවා එම ආරාමික පුදබිමේ පුරා විද්‍යා ගවේෂණ කැනීම් සහ සංරක්ෂණ කටයුතු කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට හැකි විය.කලක් තිස්සේ මහ වනයෙන් වැසී තිබූ ඒ පුදබිම සම්බන්ධ ඉතා වැදගත් ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු රැසක් ජාතියට දායාද කර දීමට මේ වන විට හැකි වී තිබේ. නමුත් ඉහත සඳහන් ජන විශ්වාස මුල් කොට තව දුරටත් විමසුම් කරන ලද්දේ නම් ඒවා අප ජන සමාජයේ සිත් සතන් වල රෝපණය වීමට හේතුව සීරු මාරුවට සොයා බැලීමේ අවකාශයක් තිබිනැයි එම සංසිද්ධියෙන් දස වසරක් ඉක්මෙන අද දවසේ මට සිතෙයි.
ඒ අතර ඉන් දින කිහිපයකට පසුව මට නැවත දුරකතන ඇමතුමක් දුන් මුතුබණ්ඩා මහතා කියා සිටියේ එම ව්‍යාපෘතිය හා සම්බන්ධ අනියම් කම්කරුවන් කිහිපදෙනෙකු එක් නිවාඩු දිනයෙක එහි සේවය කරන්නවුන්ට විවේක ගැනීම පිණිස ගස් දෙකක් අතරේ බැඳ තිබූ අට්ටාලයක මත්පැන් බීමට සැරසෙමින් සිටියදී ඉන් එක් අයෙකුට භික්ෂූන්වහන්සේලා දර්ශනය වී ඇති බවකි. ඉන් ඔහු කෙතරම් තැතිගෙන තිබුණේද යත් එහි සිට මත්පැන් බීම ප්‍රතික්ෂේප කළ බවත්, පසුව ඔහු හා මත්පැන් බීමට සැරසුණු සෙසු පිරිසද එය අවලංගුකොට දැමූ බවත් කීය.ඒ කෙසේ හෝ විජයාරාම වන ගත ආරාම පුදබිම සම්බන්ධයෙන් පැවැති ගුප්ත විශ්වාස පිළිබඳව අප කිසිම තැකීමක් නොකළ බැවින් මහාචාර්ය කුලතුංග ගේ ප්‍රධානත්වයෙන් යුතු පුරා විද්‍යා කණ්ඩායම ලවා එම ආරාමික පුදබිමේ පුරා විද්‍යා ගවේෂණ කැනීම් සහ සංරක්ෂණ කටයුතු කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට හැකි විය.කලක් තිස්සේ මහ වනයෙන් වැසී තිබූ ඒ පුදබිම සම්බන්ධ ඉතා වැදගත් ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු රැසක් ජාතියට දායාද කර දීමට මේ වන විට හැකි වී තිබේ. නමුත් ඉහත සඳහන් ජන විශ්වාස මුල් කොට තව දුරටත් විමසුම් කරන ලද්දේ නම් ඒවා අප ජන සමාජයේ සිත් සතන් වල රෝපණය වීමට හේතුව සීරු මාරුවට සොයා බැලීමේ අවකාශයක් තිබිනැයි එම සංසිද්ධියෙන් දස වසරක් ඉක්මෙන අද දවසේ මට සිතෙයි.
තිලක් සේනාසිංහ