ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තවත් උත්සාහයක් !

මාස දෙකක් ඇතුළත දෙවැනි වතාවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ගන්නා ලද උත්සාහයක් ගැන ඊයේ විදෙස් මාධ්‍ය හරහා වාර්තා විය. මෙයට පෙර පසුගිය ජුලි මාසයේ ද ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කරන ලදී. ඒ, පෙන්සිල්වේනියා හි දේශපාලන රැස්වීමක් අමතමින් සිටිය දී ය.

හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට මෙවැනි තර්ජනයක් එල්ල වී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරණ උණුසුම් ඉහළ යමින් ඇති අවස්ථාවක ය. ලබන නොවැම්බර් 5 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඔහු රිපබ්ලිකන් පක්‍ෂයෙන් තරග කිරීමට නියමිතව සිටියි.

ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ගත් උත්සාහයක් ලෙස සැලකෙන ඉහත කී සිද්ධිය සිදුව තිබුණේ 15 වැනි ඉරිදා දහවල් කාලයේ යි. මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට එය සිදුව තිබුණේ එදින දහවල් 1.30 ට පමණ ය. එම අවස්ථාවේ ට්‍රම්ප් ෆ්ලොරිඩා හි පිහිටි ඔහුගේ ගොල්ෆ් පිටියේ තවත් කෙනෙකු සමග ක්‍රීඩා කරමින් සිටි බව සඳහන් වේ. මෙම ප්ිටිය හැඳින්වෙන්නේ ‘ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් සමාජය’ (Trump International Golf Club) යන නමිනි. මෙය ෆ්ලොරිඩා හි ඔහුගේ නිවස ආසන්නයේ පිහිටා තිබෙන්නකි.

ට්‍රම්ප් ක්‍රීඩා කරමින් සිටිය දී ඔහු සිටි ස්ථානය කිට්ටුව පිහිටි පඳුරක් තුළින් එල්ල වී තිබූ ගිනි අවියක් ආරක්‍ෂක නිලධාරියකුට දැක ගන්නට ලැබී තිබිණි. ඒ වනවිට ට්‍රම්ප් සිට ඇත්තේ ඊට යාර 300-500 ක් පමණ දුරින් බව ද සඳහන් ය. වහාම ක්‍රියාත්මක වූ ආරක්‍ෂක නිලධාරියා පඳුර වෙත වෙඩි තබන්නට පටන්ගෙන තිබූ අතර එහි සැඟව සිටි පුද්ගලයකු එළියට පැන දුවන්නට පටන්ගෙන තිබිණි. එම පුද්ගලයා දිව ගොස් කළු පැහැති මෝටර් රියක නැගී පලා යන්නට පටන්ගෙන තිබූ බැව් සඳහන් වේ.

ට්‍රම්ප් ක්‍රීඩා කරමින් සිටිය දී ඔහු සිටි ස්ථානය කිට්ටුව පිහිටි පඳුරක් තුළින් එල්ල වී තිබූ ගිනි අවියක් ආරක්‍ෂක නිලධාරියකුට දැක ගන්නට ලැබී තිබිණි. ඒ වනවිට ට්‍රම්ප් සිට ඇත්තේ ඊට යාර 300-500 ක් පමණ දුරින් බව ද සඳහන් ය. වහාම ක්‍රියාත්මක වූ ආරක්‍ෂක නිලධාරියා පඳුර වෙත වෙඩි තබන්නට පටන්ගෙන තිබූ අතර එහි සැඟව සිටි පුද්ගලයකු එළියට පැන දුවන්නට පටන්ගෙන තිබිණි. එම පුද්ගලයා දිව ගොස් කළු පැහැති මෝටර් රියක නැගී පලා යන්නට පටන්ගෙන තිබූ බැව් සඳහන් වේ.

කෙසේ නමුත් එම ස්ථානයේ සිටි තවත් පුද්ගලයකු ඉහත කී මෝටර් රථයේත්, එහි අංක තහඩුවේත් ඡායාරූපයක් ගෙන තිබිණි. මෙම හෝඩුවාව ඔස්සේ ක්‍රියාත්මක වූ නිලධාරීන්ට ටික වේලාවකට පසු මෝටර් රිය අල්ලා ගැනීමටත්, සැකකරු අත්අඩංගුවට ගැනීමටත් හැකිව තිබූ බව වාර්තා වේ. එමෙන්ම ඔහු සැඟව සිටි ස්ථානයේ තිබී AK-47 වර්ගයේ ගිනි අවියක් ද, දුරදක්නයක් ද, කැමරාවක් සහ ගමන් මළු දෙකක් ද සොයා ගැනීමට හැකිව තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58 ක පුද්ගලයෙකු වන අතර ඔහුගේ නම රයන් වෙස්ලි රූත් ය. ඔහු මෙයට පෙර ද කිහිප අවස්ථාවකම විවිධ චෝදනා යටතේ අධිකරණවලින් දඬුවම් ලබා ඇති කෙනෙකු බව ද සඳහන් ය. සිද්ධිය වූ විගසම ට්‍රම්ප් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙන යාමට නිලධාරීන් පියවර ගෙන තිබිණි. “මා හොඳින් සහ ආරක්‍ෂිතව සිටිනවා” යයි ට්‍රම්ප් සිය අධාරකරුවන් වෙත පවසා තිබූ අතර “මගේ ගමන අඩාල කිරීමට කිසිවකුට හැකි වන්නේ නැහැ. මා කිසිවකුට යටත් වන්නේත් නැහැ” යයි ද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 58 ක පුද්ගලයෙකු වන අතර ඔහුගේ නම රයන් වෙස්ලි රූත් ය. ඔහු මෙයට පෙර ද කිහිප අවස්ථාවකම විවිධ චෝදනා යටතේ අධිකරණවලින් දඬුවම් ලබා ඇති කෙනෙකු බව ද සඳහන් ය.

සිද්ධිය වූ විගසම ට්‍රම්ප් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙන යාමට නිලධාරීන් පියවර ගෙන තිබිණි. “මා හොඳින් සහ ආරක්‍ෂිතව සිටිනවා” යයි ට්‍රම්ප් සිය අධාරකරුවන් වෙත පවසා තිබූ අතර “මගේ ගමන අඩාල කිරීමට කිසිවකුට හැකි වන්නේ නැහැ. මා කිසිවකුට යටත් වන්නේත් නැහැ” යයි ද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ. විමර්ශකයන්ගේ මූලික කටයුත්තක් වී ඇත්තේ සැකකරු තනිවම ක්‍රියාත්මක වූවෙකු ද, නැතහොත් තවත් පාර්ශ්ව මේ පිටුපස සිටිනවා ද යන්න සොයා ගැනීම යි.

ධවල මන්දිර නිලධාරීන් මෙම සිද්ධිය පිලිබඳව ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපතිනි කමලා හැරිස් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් සමග තරග කිරීමට සිටින්නේ හැරිස් ය. මෙම සිද්ධිය ගැන දැනගත් අවස්ථාවේ තමා මහත් කම්පනයට පත් වූ බව ඇය නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ. ඇගේ ඞ පිටුවේ සටහනක් යොදමින් හැරිස් පවසා තිබුණේ ට්‍රම්ප්ට අනතුරක් නොවීම ගැන තමා සතුටට පත්වන බව යි.
“ඇමරිකාව තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ” කමලා හැරිස් තවදුරටත් පවසා තිබුණාය.

ලොව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු මෙම සිද්ධිය හෙලා දකිමින් පණිවුඩ නිකුත් කර තිබෙනු දක්නට ලැබිණි. එක්සත් රාජධානියේ අගමැති කෙයර් ස්ටාමර්, යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඒ අතර වූහ.

මෙම සිද්ධිය සිදුව තිබුණේ පසුගිය ජුලි මාසයේ ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා ගත් උත්සාහයෙන් පසු ඔහුගේ ආරක්‍ෂාව වඩාත් දැඩි කර තිබිය දී වීම විශේෂත්වයකි. මේ අනුව පෙනෙන්නේ ඔහුගේ ජීවිතය දැඩි අවධානමකට ලක්ව ඇති බව යි. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව පිලිබඳව ඉදිරියේදී සුවිශේෂී අවධානයක් යොමු කිරීමට නිලධාරීන්ට සිදුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපතිවරණ උණුසුම වඩාත් උත්සන්න වෙද්දී ඔහුට ඇති අවදානම තවත් ඉහළ යාමට ඉඩ තිබේ.

රයන් වෙස්ලි රූත්

ජුලි මාසයේ ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරුණේ අනූ නවයෙනි. වාසනාවකට මෙන් එහි දී තුවාල සිදු වූයේ ඔහුගේ කනකට පමණි. වෙඩි තැබීම සිදු කර තිබුණේ 20 හැවිරිදි තරුණයෙකු වූ තෝමස් මැතිව් කෘක්ස් නැමැති පුද්ගලයෙකි. ඔහු එම අවස්ථාවේ ආරක්‍ෂක නිලධාරීන්ගේ වෙඩි පහරින් මරණයට පත් විය.

කෘක්ස් වෙඩි තබා තිබුණේ ට්‍රම්ප් සිටි වේදිකාව ආසන්නයේම පිහිටි ගොඩනැගිල්ලක වහලය මත සිටිමිනි. මෙම සිද්ධිය නිසා එරට ප්‍රභූ ආරක්‍ෂාවේ හිඩැස් පිලිබඳ බොහෝ විවේචන එල්ල වූ අතර කිම්බර්ලි චීට්ල් නැමැති ආරක්‍ෂක ප්‍රධානියකුට ඉල්ලා අස්වීමට පවා සිදු විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර