ඡන්ද විමසීම පස්වරු 4ට අවසන්

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තවත් ඉතිරිව ඇත්තේ විනාඩි 10කටත් අඩු කාලයක් පමණයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.එල්.ඒ.රත්නායක මහතා කියා සිටියේ එම අවස්ථාව වනවිට ඡන්දපලේ සිටින සියලු ඡන්ද දායකයින්ට ඡන්දය දැමීම සදහා අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීම දහවල් 2 වනවිට සමස්තයක් ලෙස සියයට 50 ඉක්මවා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ප්‍රකාශ කරයි.

 

කාලීන පුවත්