අහිතකර චීන පොහොර ද සමඟ හිපෝ ස්පිරිට් ආපසු හැරෙයි

අහිතකර බැක්ටීරියා අඩංගුවට බවට සාම්පල් පරීක්ෂාවේදී අනාවරණය වූ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන පැමිණි “හිපෝ ස්පිරිට්” චීන නෞකාව මේ වන විට මෙරට මුහුදු සීමාවෙන් පිටව සිංගප්පූරුව දෙසට යාත්‍රා කරමින් ඇති බව වාර්තා වේ.

මෙම පොහොර තොගය මෙරටට භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම නෞකාව දීර්ඝ කාලයක් තිස්සේ මෙරට මුහුදු සීමාවෙහි රඳවා අතර වරක් කොළඹ වරාය ආසන්නයට පැමිණ සැපයුම් ද ලබා ගෙන තිබේ.

නමුදු මෙම පොහොර මෙරටට එවූ චීන සමාගමට සහ එහි දේශීය නියෝජිත සමාගමට මුදල් ගෙවීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ වෙද්දී ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට යොමුවන බව පවසමින් මෙම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් පිටව ගොස් ඇති බව පැවසෙයි.

කාලීන පුවත්