දෙවන තුන්වන මනාප ගණන් කිරීම අරඹයි

2024 ජනාධිපතිවරණයේ දැනට පෙරමුණ ගෙන සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාට නිකුත් වීමට නියමිත ප්‍රතිඵල වලින් සිය ජයග්‍රහණය සඳහා සියයට 50%ක් සහ එක් ඡන්දයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එබැවින් දෙවැනි හා තුන් වන මනාපය ගණන් කිරීම අරඹන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලය වෙත උපදෙස් දී තිබේ.මේ වන විට එම කටයුතු අරඹා ඇතැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාල සඳහන් කරයි.

කාලීන පුවත්