සජබ නියෝජිතයන් නැතිව දෙවන මනාප ගණන් කරලා;මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

සමඟි ජනබලවේග ඡන්ද පොළ නියෝජිතයන් නොමැතිව ඇතැම් ඡන්ද පොළවල දෙවැනි මනාපය ගණන් කිරීමට පියවර ගෙන ඇති බව කියමින් සජබය අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.එහිදී සමඟි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ එය මැතිවරණ පනත මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවකි.

කාලීන පුවත්