පාර්ලිමේන්තුව විසුරුවයි;පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වන දා

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.ඊට අදාල ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. අදාල ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අත්සන් කර ඇති අතර අභිනව පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 21වනදා කැඳවනු ඇත.පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 04 වනදා සිට ඔක්තෝබර් 11වනදා දහවල් 12 වනතෙක් සිදු කිරීමට නියමිත අතර මහ මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියම කර තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත ය.

කාලීන පුවත්