පොහොර සහනාධාරය ඉක්මනින් ඕනෑ

ඉදිරි මහකන්නයට අවශ්‍ය පොහොර සහනාධාරය ඉක්මනින් නොලැබුණොත් අපේක්ෂා කරන පරිදි රටට අවශ්‍ය සහල් තොග සපයා දීම දුෂ්කර වන බව ගොවි ජනතාව පවසති.මෙවර කිසිදු බාධාවකින් තොරව වී ගොවිතැන් කටයුතු කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක දීමනාවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා තීරණය කර ඇතත් මැතිවරණ කොමිසම පවසන අන්දමට නොවැම්බර් මාසයේ මැතිවරණය අවසන්වන තෙක් තමන්ට එම සහනාධාරය නොලැබුණොත් රටට අවශ්‍ය සහල් තොග සපයා දීම දුෂ්කර වන බවත් ගොවීහු පවසති.

කාලීන පුවත්